කොවිඩ් ආසාදිතව යාපනය මන්දිකෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කේ.කරුණානන්දරාසා අද (11)
උදෑසන ජිවිතක්ෂයට පත්ව ඇති බව දැනගන්නට තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූවේ කොවිඩ් ආසාදිත නගරාධිපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා යොමුකොට සිටි බවයි.
නගරාධිපතිවරයගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ නිලධාරීන් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී .සී .ආර් පරීක්ෂාවන්ට යොමු කර ඇති බවද වාර්තා වේ.
ජිවිතක්ෂයට පත්වු වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්ව තිබිණ.










