• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්සෙන් උතුර-උතුරුමැද යටවෙයි! වැව් ඔක්කොම වාන් දාන්න පටන් අරන්! පවුල් 2142ක් අවතැන්! I Sri Lanka Latest News

December 18, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මහ වැස්සෙන් දිස්ත්‍රික්ක තුනක 3,244ක් පීඩාවට පත්වෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධික වැසි හේතුවෙන් ජලාශ රැසක් වාන් දැමීම නිසා ප්‍රදේශ ගණනාවක් මේ වන විට ජලයෙන් යටවී ඇති අතර මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පවුල් 2142ක 6719 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.Sri Lanka Latest News

ඒ අනුව මේ දිනවල පතිත වන අධික වැස්සෙන් දැනට වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී තිබේ.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීමෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කණ්ඩාවලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටය.

මුලතිව් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද ජල ගැලීම්වලින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.

මුලතිව්හි මුත්තියාන්කට්ටු ජලාශය ඇතුළු උතුරු පළාතේ වැව් රැසක්ද වාන් දමමින් ඇති බවට වාර්තාවෙයි.

කිලිනොච්චි, පුදුමුරිප්පු ජලාශයේ ධාරිතාවය ඉහළ යාම නිසා ජලාශයේ බැම්මට හානි සිදුවීමේ අවදානම හේතුවෙන් යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එහි වැලිකොට්ට අතුරා තිබේ.

උතුරුමැද පළාතටත් අධික වැස්සෙන් එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි.

ධාරාණිපාත වැසි සමග අනුරාධපුර මල්වතු ඔය පිටාර ගලා පූජා නගරයේ මල්වතු ඔය දෙපස පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

අනුරාධපුර – යාපනය හන්දිය ප්‍රදේශයෙන් පූජා නගරයට ඇතුළුවන මාර්ගය ජලයෙන් යටවීම නිසා එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මූසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටය.

මේ අතර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 14ක් මේ වන විට විවෘතව පවතින අතර, ඉන් තත්පරයට ඝන අඩි 15,500ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙයි.

අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක්ද අඩි 3 බැගින් විවෘත කර ඇත.

අධික වැසි සමග කලාඔය පිටාර ගැලීමට පටන්ගෙන තිබේ.

ගල්නෑව සිට හිරිපිටියාගම හරහා  කැකිරාව දක්වා දිවෙන මාර්ගය හඳුන්ගම පාලම අසලින් මේ නිසා සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

අනුරාධපුර, නාච්චාදූව වැවේ වාන් දොරටු හයම මේ වන විට විවෘත කර තිබේ.

තත්පරයට ඝන අඩි 2200ක් ලෙස ඉන් ජලය නිකුත් කෙරෙයි.

මේ අතර සෝමාවතිය පුද බිමට පිවිසෙන මාර්ගය 53 කණුව සහ දිග්ගල අතර ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ අඩි එකහමාරක් පමණ ජලයෙන් යටවී තිබුණේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙනි.

මහනුවර සිට පුදබිම වෙත ඊයේ පැමිණ සිටි වන්දනා නඩයක් සහ තවත් වන්දනාකරුවන් පිරිසක් මාර්ග අවහිර වීම නිසා යළි නිවෙස් බලා යෑමට නොහැකිව ඊයේ රාත්‍රියේ විහාරස්ථානයේ රැඳී සිටියේය.

එම වන්දනාකරුවන් 75 දෙනා සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ 35 කණුව ප්‍රදේශයවෙත නිරුපද්‍රිතව අද පස්වරුවේ රැගෙන ආවේ සෝමාවතිය පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ මැදිහත්වීමෙනි.

මේ අතර මහවැලි ගඟ පිටාර ගලා පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැගෙනහිර මායිමේ කුඹුරු අක්කර 600ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

කණ්ඩලම ජලාශය වාන් දැමීම නිසා එහි වාන මතින් බස් හා ලොරි රථ හැර වෙනත් කිසිඳු වාහනයක් ධාවනය නොකරන්නැයි වාරිමාර්ග බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

SendShareShare
Previous Post

ඊ‌යේ රෑ ඉඳන් රට පුරා පොලිස් මෙහෙයුම්! මුලතිව්-වත්තල ඇතුලු විවිධ ප්‍රදේශවලින් අල්ලගත්ත බඩු ටික මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

දැනටමත් රටේ පළාත් කීපයක්ම වතුරෙන් යටවෙලා! අදත් පායන පාටක් නම් නෑ! හවසට වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.