විදුලි කප්පාදුව අද (22) සිට පැය දෙකයි විනාඩි 20 ක් දක්වා වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කොට ඇත.
නමුත් එම ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්රතික්ෂේප කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලි කප්පාදු පැයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමේදී ඉදිරිපත් කළ හේතු සාධාරණ ඒවා නොවීම නිසා ඉල්ලීම ප්රතික්ෂේප කළ බව කී ජනක රත්නායක මහතා දැනට ක්රියාත්මක පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට දිනයේ ද ක්රියාත්මක කිරීමට අවසර දුන් බව ද සඳහන් කළේය.










