විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධහමුදාපතිවරුන්ට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ඉහළ නිළධාරීන් රැසකට තවදුරටත් සේවා දිගු ලබා නොදීමට රජය තීරණය කර තිබෙන බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි. Sri Lanka Latest News
ඒ අනුව, දැනට දෙවන සේවා දිගුවත් ලබා සිටින යුද හමුදාපති විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාටත්, සිය පළමු සේවා දිගුව ලබා සිටින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාටත් නැවත සේවා දිගු නොලැබෙනු ඇත.
දෙසැම්බර් 31 වන දා විශ්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාටද නැවත සේවා දිගුවක් නොලැබෙනු ඇති බව වාර්තා වේ.
එමෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසුරුවා හැරීමට නියමිත අතර, එම කාර්යාලයෙන් ඉටු වූ කාර්ය භාරය ආරක්ෂක අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණය යටතට ගනු ඇත.










