පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සාධාරණ මිලකට සහල් ලබාදෙන බව ප්‍රකාශ කළ ද මේ වන විට සිල්ලර වෙළඳුන් හිතු හිතූ මිල ගණන්වලට සහල් අලෙවි කරන බව පොලොන්නරුවේ සහල් පාරිභෝගිකයෝ පවසති.
නාඩු සහල් කිලෝවක් රුපියල් 117ක මිල කටත්,සම්බා සහල් කිලෝවක් රුපියල් 145 ක් මිලකටත් කීරි සම්බා රුපියල් 170ක මිලටත් තමන්ට ලබා ගැනීමට සිදු වී ඇති බව සහල් පාරිභෝගියන් ප්‍රකාශ කරති.
පොලොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයොන් මාධ්‍ය සාකච්ඡා කැඳවමින් කියා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් එක එකසිය දහයකටත් ,සම්බා සහල් කිලෝවක් රුපියල් එක එකසිය 140 කටත්,කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165 කටත්,ලබාදෙන බවයි.
කෙසේ වෙතත් මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතම් සිල්ලර සහල් වෙළඳුන් හිතු හිතූ ලෙස සහල් මිල පාලනයකින් තොරව අලෙවි කිරීමත් සමග තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සහල් පාරිභෝගියන් සඳහන් කරති.










