අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (29 වැනිදා) පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.Sri Lanka Latest News
පොලිස්පති ධුරයට පත් දේශබන්දු තෙන්නකෝන්ගෙන් පුරප්පාඩු වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න පත්කිරීමට නියමිතය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස සහභාගී වූ අවසන් උත්සවය ඊයේ පොලිස් අපරාධ කොට්ඨාසයේදී පැවැති අතර එහිදී පොලිස්පතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල මර්දන ක්‍රියාන්විතය අඛණ්ඩව පවත්වාගෙන යන බවය.
එසේම අපරාධ විසඳීමේදී ශ්‍රී ලංකා පොලිසිය සුවිශේෂී දක්ෂතා දක්වා තිබෙන බවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අපරාධ විසඳීමේ ක්‍රමවේද ද නුදුරේදීම ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදෙන බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.
මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අසංක කරවිට, ප්‍රියන්ත විජේසූරිය, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව යන නිලධාරීන්ද එක්ව සිටියහ.









