“ආදරය” අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දීමට සැරසෙයි.Sri Lanka Latest News
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව නාමල් රාජපක්ෂ පැවසීය.
ගංවතුර බැස ගියාට පසුව මෙම මෙසේ ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම සිදු කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් මාවත මූලස්ථානයේදී පැවැත් වූ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.තවද මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනාට මෙම සද්කාර්‍යට සහභාගී වන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලීමක්ද කළේය.










