• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟට මොකද කරන්නේ? නාමල් රාජපක්ෂ කතා කරයි…!

July 26, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ඊළඟට මොකද කරන්නේ? නාමල් රාජපක්ෂ කතා කරයි…!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අන්දමට කෙසේ වෙතත් “රාජපක්‍ෂ” රාජධානිය වසර ගණනාවක් තිස්සේ තමන්ට අභිමත අන්දමට අයෝමය බල පරාක්‍රමයෙන් මේ රට “ආණ්ඩුමට්ටු” (පාලනය) කළ බව නම් සැබැවි.

තමන්ට අභියෝගාත්මක කවර හෝ බලවේග පමණක් නොව, දේශපාලනික ප්‍රතිවාදීහුද මාධවේදියෝද ඒ ක්‍රමයට “ගල්ගැසී” උන්හ.

මේ වන විට අරගලකරුවන් රාජපක්‍ෂ රාජ්‍ය පාලනයෙන්ද සිය වාසස්ථානවලින්ද පන්නා දමනු ලැබ ඇත්තාහ.

පොදු ජනතාවට ඉන්ධන ඇතුළු ඉතා අවශ්‍ය දෛනික පාරිභෝගික භාණ්ඩවල (ආහාර ද්‍රව්‍ය) මිල අහස් උසට නැඟීමත් මාස ගණනාවක් පුරා වීදිබැස අරගලකරුවන් අඛණ්ඩව ගෙනයන ලද විරෝධතාව කරණ කොටගෙනත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට තවදුරටත් සිය ධුරයේ රැඳී සිටින්නට නොහැකි වූ තැනට කරුණු යෙදුණේය.

කුපිත වූ පුරවැසියෝ අන්තිමේදී ඔහුගේ “මහවාසල” (මහජන මුදලින් නඩත්තු කෙරෙන) වට කළහ. මේ වන විට තුන් වසරක් ගෙවී තිබූ ගෝඨාගේ ආණ්ඩුවට ඉදිරි පැවැත්ම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ළඟ වැඳ වැටෙන්නට සිදු වූවේය. චීනය ඉන්දියාව වැනි බලවන්තයන්ට දණ නමස්කාර කෙළේය. හිඟන්නන්ගෙන්ද හිඟා කෑවේය. 1948 සිට මේ දක්වා කිසිදා නොවූ විරූ අන්දමින් විදේශ ණය ගෙවිය නොහී රට බංකොලොත් වූවේය. තමාට ලබාගත යුතුව තිබූ ඩොලර් මිලියන දෙසිය පනහක් ලබාගැනීමට නොහැකිවූ විදේශ ණය හිමියෙක් නඩුවක් දැම්මේය. මේ සියල්ලෙන් රටේ ප්‍රජාව වික්‍ෂිප්ත වූහ. ඒ නිසා රතු කට්ටද පැන්නේය.

පෝලිම්වල මියැදෙන මිනිසුන්, දරුවන් ප්‍රසූතකරන මවුවරුන්, බෙහෙත් උගුරක් නැතිව මියැදෙන වයෝවෘද්ධ මාපියන් සමග දුවාදරුවන්ගේ කඩාබිඳ වැටුණු අධ්‍යාපනය, කුසගින්නෙන් ඉකිගසන අඳෝනාව තවදුරටද දරාගත නුහුණු රට වැසියෝ ගිනි අවිවලින් සන්නද්ධ හමුදා පොලිස් මුරකාවල් ගැන තුට්ටුවකට මායිම් නොකර “ගෝඨා ගෙදර යව”යි මුරගාමින් ප්‍රංශ රටවැසියන් ගත් මඟ යමින්ම “මියෙම්වා රැකෙම්වා” යන ඒකායන අරමුණින් වාසලේ මහ දොරටු තූතූකොට මාලිගාව අත්පත්කොට ගත්හ.

හැටනව ලක්‍ෂයක වරමකින් සහ තුනෙන් දෙකක බලපරාක්‍රමයකින් ආඪ්‍යව විරූඪ්‍යව උන් ජනාධිපති ගෝඨා ඒ අතරතුරේ පස්සා (පෑල) දොරෙන්ම පැදුරටත් (බෙඩ්ෂීට්) නොකියා අන්තර්ධාන වූවේය. ගෝඨගේ “වඳ”භාවය පසක කරගත්තේ රට්ටු පමණක් නොවේ. පවුලේ උදවියද ඊට වගපල කියන්නට වූහ. ඒ පිරිස අතර නාමල් රාජපක්‍ෂද වූවේය. රාජපක්‍ෂ රාජධානිය දෙදරා යන අන්දම හෙතෙම දුටුවේය. එසේ වුවහොත් දිනෙන් දින උද්ගතවන මහජන ප්‍රචණ්ඩත්වය නිසා රාජපක්‍ෂ පවුලේ වැලගිය මුලගිය තැන්වලට පවා රටින් පලායාමට සිදුවන බව ඔහු කල්පනා කෙළේය.

“තම ධුර කාලය අවසන් කර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යායුතු”යැයි ජාත්‍යන්තරය සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කී නාමල් රාජපක්‍ෂ මේ වන විට සිදුවී ඇත්තේ තාවකාලික ආර්ථික පසුබෑමක් බවද මහජනතාවට ඉතා අවශ්‍ය පහසුකම් සපයා රට ගොඩගැනීම සඳහා දීර්ඝ සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම ඒ අවස්ථාවේදී විස්තර කෙළේය.

නාමල් රාජපක්‍ෂ තිස් අවුරුදු යුද්ධය නිමා කළ මහින්ද රාජපක්‍ෂගේ වැඩිමහල් පුත්‍රයා බව නොදන්නෝ විරලයහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2005-2015 දක්වා ආණ්ඩු කෙළේය. එසමයේ සිය සොයුරු ගෝඨා ආරක්‍ෂක ලේකම්වරයා වූයේය. ඒ අතරතුරේ රාජපක්‍ෂ “අය්ය මලෝ” තම දේශපාලන ප්‍රතිවාදීන් ඉතා සාහසික අන්දමින්ම මර්දනය කළාහුය. එපමණක් නොව චීනෙන් “හිටු කියන්නට”ම ණය ගත්තහ. ඒ ණය කන්ද මහ මෙරටත් වඩා උසය.

අන්තිමේදී 2015දී මහින්ද රාජපක්‍ෂට ආණ්ඩුව දමා ගෙදර යන්නට සිදුවුවත් “හූ කිය කියා” යළිත් බලයට එන්නට හැකි වූවේය. එසේ අවුත් ඔහු අගමැති වූවේය. මලයා (ගෝඨා) ජනාධිපති වූවේය. ඒ හාම මාරාන්තික කොවිඩ් ව්‍යසනය පැතිර ගියේය. ඒ වන විටත් ඔහු වටා සිටි කොල්ලකාරයෝ මහජන මුදල් වංචා කරමින් උන්හ. රටේ ඩොලර් හිඟ විය. තෙල් නැති විය. ආහාර ද්‍රව්‍ය නැති විය. මහජන විරෝධය දසතින් නැඟුණේය. මැයි මාසයේදී දිනෙක අගමැති මහින්ද රාජපක්‍ෂ ආගිය අතක් නැති විය.

2015දී පැනගිය හෙතෙම මැදමුලනේ නිවෙසක ජනෙල් පියනේ හෝ එල්ලී සිටුනු දකින්නට හැකි විය. එහෙත් මෙවර නම් කොහේ ගියාදැයි යන්න දින ගණනාවක් යන තුරුම අහන්නටවත් නැත්තටම නැති විය.

රාජපක්‍ෂ පවුල හා ඉතා සමීප ඇසුරේ සිටින්නන්ගේ ආරංචිවලින් දැනගන්නට ලැබුණේ සහෝදරයන් අතරද විරසකභාවයක් මතුව ඇති බවයි. එකිනෙකා කෙරෙහි ඇඟිලි දික්වෙන බවයි. වර්ෂය ආරම්භයේදී රාජපක්‍ෂ ආණ්ඩුවේ සිටි රාජපක්‍ෂවරුන් සයදෙනාගෙන් අන්තිමට සිටියේ “ගෝඨාභය රාජපක්‍ෂ” පමණි. ඒ ප්‍රතිඵලයයි.

“මහින්දට තවමත් මිනිස්සු කැමතියි” විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු මාධ්‍ය සාකච්ඡාවකදී කීවේය.

“සයෝදරයන් අතර ආතතියක් ඇතිවෙන්නට ප්‍රධාන කරුණ මේ අය අතර ඇති එකිනෙකාට ආවේණික නායකත්ව ප්‍රතිපත්තිවල වෙනස්කම නිසයි. මහින්ද ජනප්‍රිය දේශපාලන චරිතයක්. ගෝඨාභය ඊට වෙනස්. හුදකලා ස්වභාවය ඇති අන්තර්ආවර්තික චරිතයක්. ඒ තරම්ම අත්දැකීම් නෑ. ඒ නිසා දැන් එකිනෙකාට ඇඟිල්ල දික්කර ගන්නවා…” ඔහු කීවේය.

අරගලකරුවන් අත්පත්කරගනු ලැබීමට පෙරාතුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුවේ බදු සහන දීමත් කෘෂි රසායනික පොහොර ආනයන තහනමත් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වීමත් තමන්ට පැරදීමට හේතු වූ වැරැදුණු තැන් බවය.

මේ සියලු තීන්දු තීරණ තමා සාමූහිකව මිස පෞද්ගලිකව නොගත් ඒවා නොවන බවද කීය. එසේ වුවත් ඒ සියල්ල තමාගේ කර මත පමණක් පටවා සෙස්සෝ “පිලාත්” මෙන් දැැත් සෝදාගත් බව කීය.
එපමණක් නොව තමා වගකිව යුතු තැනැත්තන්ගෙන් අවශ්‍ය උපදෙස් නොගත් බවත් කීවේය. ඒ මොනවා වුවත් 2024 තමාගේ ධුර කාලය අවසන් වනතුරු මිස ඊට පෙර තනතුරෙන් ඉවත් නොවන බවත් අවධාරණය කෙළේය. එපමණක් නොව ඉන් අනතුරුව යළි ජනාධිපති ධුරයට ඉදිරිපත් නොවන බවද පැවැසුවේය.

“බදු සහන දීමටත්, අකාලයේ රසානික පොහොර ආනයන තහනමටත් මගේ පියා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා” යැයි පැවැසූ නාමල් රාජපක්‍ෂ “මගේ තාත්තා ජනාධිපති වශයෙන් හිටියා නම් ඔය වගේ මෝඩ තීන්දු කොහොමටවත් ගන්නෙ නෑ” යැයි මාධ්‍ය සාකච්ඡාවේදී කීවේය. හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මාධ්‍ය සාකච්ඡාවේදී කතා කළේ ඉතා සන්සුන්වය. වචන තෝරා බේරාගත්තේද ඉතා කල්පනාකාරීවය. හරියට හොඳට පරිණත දේශපාලනඥයකු පරිද්දෙන් බව නම් නොකියාම බැරිය. කායවර්ධකයකුගේ ලක්‍ෂණ පෙන්නුම් කෙරෙන ආරෝහ පරිණාහ දේහයකින් යුතු හෙතෙම ඒ අවස්ථාවේ ඇඳ සිටියේ අත් කොට කමිසයකි. ඒ දෑතේ මස්පිඬු නිරාවරණ වෙන්නටය.

කවුරු වගකීම ගත්තත් නැතත්, මේ වන විට රාජපක්‍ෂලා වැටෙන්නට තියෙන අන්තිම තැනටම වැටී සිටිති. එය ඊළඟ පරපුරට ගෙන යාමේ වගකීම නාමල් රාජපක්‍ෂගේ කර පිටට වැටී ඇති බව නම් අවිවාදාත්මකය.

තම ප්‍රතිපත්ති තම බාප්පාගේ (ගෝඨාභය රාජපක්‍ෂ) ප්‍රතිපත්ති සමග නොව තම තාත්තාගේ ප්‍රතිපත්ති සමග අනුශාංගික වන බව නාමල් රාජපත්‍ෂ කීවේය. රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට ආර්ථිකය අපනයන නිෂ්පාදන ආර්ථිකයකට ඉලක්ක කළ යුතු බවද, සංචාරක ආකර්ෂණය වර්ධනය වස් ගුවන් තොටුපොළවල් ඇතුළු සියල්ල සංවර්ධනය කළයුතු බවත් කියයි.

‘මගේ පියා ගමන පටන් ගත්තෙ හම්බන්තොටින් අවුරුදු පනස්පහකට ඉස්සර. මම පටන් අරගෙන තවම අවුරුදු පහයි. ඒක හරි අමාරු ගමනක්. ඒත් යා යුතුයි….’

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගෝල්ෆේස් එකට පහර දුන් සියලු දෙනාම දේශීය අධිකරණය හා ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන එන්න පෙරටුගාමීන් තීන්දු කරයි! සම්බන්ධ වූ සියලු දෙනාම හෙළිදරව් කළ යුතුයි! දඬුවම් කළ යුතුයි! (VIDEO)

Next Post

දින 2ක් තෙල් පෝලිමේ සිටි අයෙක් මියයයි!

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.