• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුදුසුකම් තියෙන අය ඇතුළෙ ඉඳිද්දී ඇයි අනුර විගණකාධිපති පුටුවට පිටින් හිතවත් කෙනෙක් ගේන්න යන්නේ..? ලබන අවුරුද්දේ හොඳ හොඳ සෙල්ලම් එළියට එන්නයි යන්නේ..! ‘ගෙදර මහ පොතක් ඇත.. එකක්වත් මතක නැත..’! 197 පිටුව කියවන්න! ලැජ්ජයි ජනාධිපතිතුමා..! අනුරයි ආණ්ඩුවයි බය වෙලා ඉන්න හේතුව මුජිබර් පළමුවරට එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

December 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේ ද පැවැසීය,

”වසරක කාලයක් පමණ කාලයක සිට ආණ්ඩුවට විගණකාධිපතිවරයා පත්කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ් වගේම විගණකාධිපතිධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන නමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය යුතුයි. කෙසේ නමුත් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී දේශපාලන මැදිහත්විමකින් තොරව දක්ෂ සුදුසු නිලධාරීන් තනතුරු වලට පත් කරන බව ජාතික ජනබලවේග රජය ප්‍රකාශ කළා. එමෙන්ම ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවලදීත් මෙම ප්‍රකාශය දිගින් දිගටම සිදුකළා. ඒ් වගේම රාජ්‍ය නිලධාරින්ට උසස්වීම් ලබාදීම පිළිබඳව , රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ශමතාව වැඩි කිරීම , දේශපාලන මැදිහත්විමකින් තොරව රාජ්‍ය නිලධාරින් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පොහොසත් රටක් ලස්ස ජිවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 197 වන පිටුවේ සඳහන් වෙනවා. මේ ප්‍රතිපත්ති අනුව ජාතික ජනබලවේගය වැඩ කරාවි යැයි විශ්වාසය මත රාජ්‍ය සේවකයන් ජාතික ජනබලවේගය බලයට ගෙන ඒ්මට කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත් විගණකාධිපතිධුරය සඳහා පුද්ගලයෙකු පත් කිරීමේදී ස්වාධින පුද්ගලයෙක් එම තනතුරට පත් කර ගැනීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. චෝදනා එල්ල වුණ පාලකයන් රට පාලනය කරද්දීත් විගණකාධිපතිධුරය සඳහා පලපුරුද්ද තිබෙන , අද්දැකිම් තිබෙන , රාජ්‍ය ගිණුම්කරණය පිළිබඳව අද්දැකිම් තිබෙන , විගණනය පිළිබඳව අද්දැකිම් තිබෙන පුද්ගලයෙකු විගණකාධිපතිධුරයට පත් කිරීම කටයුතු කර තිබෙනවා. එවැනි නිලධාරීන් පත් කිරීම නිසයි රාජ්‍ය ආයතනවල වංචා දුෂණ කෝප් කමිටුවේදී හෙළි වෙන්නේ. කෝප් කමිටුවේදී , කෝපා කමිටුවේදී රජයේ ආයතනවල වංචා දූෂණ හෙළි වන්නේ විගණකාධිපතිවරයා එම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාව අනුවයි. වර්තමාන කෝප් කමිටුවේ සභාපතිවරයා පසුගිය ආණ්ඩුවේ සිදුවුණ වංචා දුෂණ පිළිබඳව මහා ඉහළින් කතා කරනවා. ඔහු ඒ්වා පෙන්වා දෙනවා.

නමුත් රටේ වංචාව , දුෂණය නැති කරන බවට රටේ ජනතාවට පොරොන්දු වෙමින් රාජ්‍ය සේවය කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පත් කරන බවට ජනතාවට පොරොන්දු වෙමින් , ඒ් වගේම දක්ෂතාවය , පලපුරුද්ද , අද්දැකිම මත රාජ්‍ය නිලධාරින්ට උසස්විම් ලබාදීම සිදුකරන බව ප්‍රකාශ කරමින් , රාජ්‍ය සේවයේ විනිවිධභාවයක් ඇති කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් තවම ජනාධිපති අනුර දිසානායක මහතාට විගණකාධිපතිධුරය සඳහා දක්ෂ , පලපුරුද්ද , අද්දැකිම තිබෙන නිලධාරියෙකු පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ජනාධිපතිවරයා විගණකාධිපතිධුරය සඳහා පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඒවා තිබුණා. ඒ් අනුව ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ නොසිටි පුද්ගලයෙකු විගණකාධිපතිධුරය සඳහා පත් කරන්න උත්සහ කළා. ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. දෙවනුව විගණකාධිපතිධුරය සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියකු‌ගේ නම ජනාධිපතිවරයා යෝජනා කර තිබුණා. ඔහු අද්දැකිම් නැති , හමුදාවේ උසස් නිලයක් නොදරපු , වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙක්. මෙවැනි පුද්ගලයන් විගණකාධිපතිධුරයට පත් කරන්න ජනාධිපතිවරයා මෙතරම් උත්සහ දැරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා.

ඒ් වගේම වැඩබලන විගණකාධිපතිවරයා වසර 30 ක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන දක්ෂ නිලධාරියෙක්. විගණකාධිපතිධුරය සඳහා සුදුසුකම් තිබෙන්නේ එම නිලධාරියාටයි. එම නිලධාරියා කෝපා කමිටුවට , කෝප් කමිටුවට සම්බන්ධවෙනවා. එහිදී පසුගිය ආණ්ඩුවල සිදුවුණ වංචා දුෂණ පෙන්වා දෙමින් ඔහු නිවැරදි ආකාරයට ඒ සඳහා මැදිහත් වෙනවා. ඔහුට විගණනය පිළිබඳව විශාල අද්දැකිමක් තිබෙනවා. ඒ් වගේම ඔහුට රජයේ විගණනය පිළිබඳව දැනුවත්භාවයක් තිබෙනවා. එවැනි පුද්ගලයෙක් විගණකාධිපතිධුරයට පත් නොකර ජනාධිපති අනුර දිසානායක පිටතින් පුද්ගලයෙකු විගණකාධිපතිධුරයට පත් කිරීමට උත්සහ කිරීම ප්‍රශ්න සහගතයි. කෙසේ නමුත් මෙම සිදුවිම හරහා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා. අනුර දිසානායක මහතා වංචාවට දුෂණයට අකමැති පුද්ගලයෙක් නම් වැඩබලන විගණකාධිපතිවරයා එම තනතුරේ ස්ථිර නොකරීම ගැටලුවක්. වැඩබලන විගණකාධිපතිවරයා විගණකාධිපතිධුරයට සුදුසු නැතිනම් වැඩ බලන විගණකාධිපතිධුරයටත් ඔහු සුදුසු නැහැ. නමුත් ඔහු මාස 8 ක කාලයක් වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ.

කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවේ විගණන ක්‍රියාවලිය ලබන වසරේ සිට ආරම්භ වෙනවා. ජාතික ජනබලවේග රජය 2025 වසරේ සිදුකළ විගණන ක්‍රියාවලිය , ජාතික ජනබලවේග රජය සිදුකළ ගනුදෙනු , ජාතික ජනබලවේග රජය සිදුකළ සෑම දෙයක්ම ලබන වසරේදී විගණනය කිරීම ආරම්භ වෙනවා. ඒ් අනුව ජාතික ජනබලවේගයේ ජනාධිපති , අගමැතිති සහ මැති ඇමැතිවරුන් රාජ්‍ය ආයතනවල සිදුකළ දේවල් විගණනයට පත්වෙනවා. ඒ් අනුව වංචාව දුෂණය නැති කර විනිවිධභාවයකින් කටයුතු කරන බවට ජනතාවට පොරොන්දු වුණ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සෙල්ලම් ලබන වසරේදී විගණකාධිපතිවරයා පත් වීමත් සමඟ හෙළිවෙනවා. ඒ් නිසා තමන්ට පක්ෂග්‍රාහි , තමන් කියන ආකාරයට වැඩ කටයුතු සිදුකරන විගණකාධිපතිවරයෙක් පත් කර ගන්නයි ජනාධිපතිවරයා වෙහෙසෙන්නේ. ඒ් සැකය දැන් ඇතිවෙලා තිබෙනවා.

ඒ් වගේම විගණකාධිපතිවරයා පත් කිරීමේදී හිටපු රාජ්‍ය නායකයන් අනියම් ලෙස හෝ දේශපාලන මැදිහත්වීම් සිදුකරලා නැහැ. නමුත් රාජ්‍ය සේවයේ ති‌බෙන දේශපාලන මැදිහත්වීම් නැවැත්වීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ. දේශපාලන මැතිහත්වීමකින් තොරව රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා බලය ලබා ගැනීමට පෙර ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ පොහොසත් රටක් ලස්ස ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන කිසිවක් දැන් ඔහුට මතක නැති බවත් තමයි පෙනී යන්නේ.

කෙසේ නමුත් රාජ්‍ය සේවයේ තිබෙන වංචා දුෂණ අවම කිරිමට , රාජ්‍ය සේවයේ විනිවිධභාවය , කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට තිබෙන එකම ආයතනය විගණකාධිපති දෙපාර්තමේන්තුව. ඒ අනුව එම දෙපාර්තමේන්තුවට ස්වාධීන , එම ක්ශ්‍රේත්‍රයන් සඳහා දැනුමක් තිබෙන , වගවීමක් තිබෙන , විගණනය ගැන අවබෝධයක් තිබෙන , පුද්ගලයෙකු එම තනතුරට පත් කළ යුතුයි. එසේ නැතිව ජනාධිපතිවරයාගේ ජයග්‍රහනය වෙනුවෙන් වැඩකළ පුද්ගලයන් මෙම තනතුරට පත් නොකළ යුතුයි. ආණ්ඩුවට හිතවත් පුද්ගලයෙකු විගණකාධිපති ලෙස පත් කරන්න ජනාධිපති උත්සහ කරන්නේ ආණ්ඩුවේ වංචා දුෂණ හෙළිවීම වළක්වාගන්නයි. ඒ් වගේම ජනාධිපති අනුර දිසානායක මහතාට රට පාලනය කළ සියලුම නායකයන් කියපු දේවල් මතක තිබෙනවා නමුත් ඔහු කියපු දේවල් ඔහුට මතක නැහැ. විපක්ෂයේ සිටි අනුර දිසානායක සහ ජනාධිපති අනුර දිසානායක එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්.

ඒ් වගේම ව්‍යවසයෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට රී බිල්ඩින් ශ්‍රී ලංකා නමින් රජය අරමුදලක් ආරම්භ කර තිබෙනවා. කෙසේ නමුත් ව්‍යවසයකින් පසු ආපදා අරමුදලක් ගොඩනැගිම සම්බන්ධයෙන් වන සියලුම කරුණු 2005 නිකුත් කළ ව්‍යවසන කළමනාකරණ පනතේ සඳහන් වෙනවා. එවැනි පනතක් තිබියදී , පාර්ලිමේන්තුවට වග කියන අරමුදලක් ගොඩනැගීමට හැකියාවක් තිබියදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේන පිට රී බිල්ඩින් ශ්‍රී ලංකා නමින් අරමුදලක් ගොඩනැගීමට කටයුතු කර තිබෙනවා. ඒ් වගේම සුනාමියෙන් පසු ගොඩනැගුව හෙල්පින් හම්බන්තොට අරමුදලේ වංචා දුෂණ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විවේඡනය කරනු ලබනවා. එ් අනුව පාර්ලිමේන්තුවට වගකිය අරමුදලක් නිර්මාණය කරන්නයි ජනාධිපතිවරයාගෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. ආපදාවකින් පසු ආපදා අරමුදලක් ගොඩ නැගීම සම්බන්ධයෙන් 2005 නිකුත් කළ ව්‍යවසන කළමනාකරණ පනතේ ඒ් බව පැහැදිලිව සඳහන් වෙනවා. ජනාධිපතිවරයා ඒය මගහැරලයි කටයුතු කරනු ලබන්නේ. නිත්‍යානුකුලව අරමුදලක් ගොඩනැගිමට අණ පනත් තිබියදි ජනාධිපතිවරයාගේ කැමැත්ත මත රි බිල්ඩින් ශ්‍රී ලංකා නමින් අරමුදලක් ඇතිකර තිබෙනවා. ඒ් වගේම රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලේ වෙබ් පිටුවේ සියලුම විස්තර තිබෙනවා. ඒ් අනුව එම කමිටුවේ සිටින පිරිසගේ විස්තරත් එම වෙබ් පිටුවේ සඳහන් වෙනවා. අරමුදලින් කරන්න යන දේවල් පිළිබඳවත් සඳහන් වෙනවා. නමුත් අරමුදලට මේ වනවිට එකතු වී තිබෙන මුදල් ප්‍රමාණය පිළිබඳව වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ නැහැ. ඒ් බව අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි. දිනපත් ඒ විස්තර යාවත්කාලින විය යුතුයි. නමුත් එම අරමුදලට ලැබෙන මුදල් සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායකගේ මුහුණු පොතේ පල වෙනවා. ජනාධිපති අනුර දිසානායකගේ මුහුණු පොත රජයේ නිල වෙඩ් අඩවියක් නෙවෙයි. කෙසේ නමුත් මීට පෙර ඇතිකළ අරමුදල්වල තත්ත්වයට රි බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල පත් නොකරන්නැයි සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙම අරමුදලට එකතුවන මුදල් සම්බන්ධයෙන් විනිවිධභාවයක් තිබිය යුතුයි. මෙම අරමුදල පාර්ලිමේන්තුවට වගකියන අරමුදලක් බවට පත් කරන්නයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ් වගේම අරමුදල්වලට මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් එම මුදල් විනිවිධභාවයකින් යුතුව භාවිතා කළයුතුයි. පාර්ලිමේන්තුවට වගකියන අරමුදලක් පිහිටුවීමෙන් පසු එම මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට උත්තර දිය යුතුයි. අරමුදලේ තිබෙන සියලුම දේවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සියලුම දෙනා බැදි සිටිනවා. පැහැදිලිව නිත්‍යානුකුල ක්‍රමවේද තිබියදි අනුර දිසානායක ජනාධිපතිවරයා පෙර සිටි ජනාධිපතිවරු මෙන් ඔහුට අවශ්‍ය අරමුදලක් සාදා ගන්න කටයුතු කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ සමයේ කොවිඩ් වසංගතය සඳහා ඇතිකළ ඉටුකම අරමුදලේ මුදල් සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු වාර්තාවක් නැහැ. අනුර දිසානායක ජනාධිපතිවරයාට ඒ් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්න පුලුවන්. ඒ් වගේම ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළ රතු තරුව අරමුදලට මොකද වුණේ. ඒ් වෙබ් අඩයත් දැන් නැහැ.

ඒ් වගේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිදුකිරීමට යෝජනා කරන සියලුම දේවල්වලට සමගි ජනබලවේගය ඒකඟයි. ඒ් කිසිදු යෝජනාවකට සමගි ජනබලවේගය විරුද්ධ වෙන්නේ නැහැ. පීඩාවට පත් ජනතාවට තව දෙන්න පුලුවන් නම් තවත් දෙන්න. ජනතාවට වන්දි ලබාදීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය විරුද්ධ නැහැ. ඒ් වගේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විවිධ දේවල් යෝජනා කරනවා. නමුත් ඒ්වා බිම්මට්ටමේ තවම නිසි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ් වගේම විපත පත් ජනතාවට විදේශ රටලින් , දේශිය ව්‍යාපාරිකයක් ඇතුළු බොහෝ පිරිසක් උදව් උපකාර සිදුකරනවා. නමුත් ඒ් ආදාර බිම් මට්ටමට නිසියාකාරව ගලායාම සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. ඒ් පිළිබඳව සමගි ජනබලවේගය අවදානය යොමු කර තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මවන සිහිනය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයාගේ ඒ් සිහිනය ක්‍රියාත්මක කරවීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කරනු ලබනවා. සමගි ජනබලවේගය සිහින බොද කරන්න කිසි දවසක කටයුතු කරන්නේ නැහැ.

ඒ් වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම් 7 සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ගිවිසුමකුත් තිබෙනවා. ඒ් ගිවිසුම් ආණ්ඩුව තවම රටට හෙළි කරන්න කටයුතු කරලා නැහැ. කෙසේ නමුත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ සම්බන්ධයෙන් කාලයක සිට යම් යම් ප්‍රශ්න මතු වී තිබෙනවා. ඒ් නිසා යුරෝපයෙන් ගෙන්වන ඖෂධ භාවිතා කරන්න රටේ ජනතාව පෙළඹිලා තිබෙනවා. ඒ් වගේම වර්තමානයෙත් ඉන්දියාවෙන් ගෙන්වන ඖෂධ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ් නිසා සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම වහාම රටට හෙළි කළ යුතුයි. ආණ්ඩුව කොපමණ ඖෂධ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගේන්න ඒකඟ වෙලා තිබෙනවාද ? කුමන ඖෂද ද ගෙන ඒ්මට කටයුතු කරන්නේ කියන දේවල් දැන ගැනීමට හැකියාව තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒම ගිවිසුම් ඉල්ලුවත් එම ගිවිසුම් ලබා දීමට කටයුතු කළේ නැහැ. ඒ් හරහා මෙම ගිවිසුම් වල තිබෙන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒ් වගේම ආණ්ඩුවට ප්‍රශ්නයක් පැමිණි විගස එම ප්‍රශ්නය යට ගැසීමට ආණ්ඩුවට පක්ෂ සංමයක් අටව ගන්නවා. ඒ් වගේම ඖෂධ ගෙන්වීම‌ට දේශපාලන අධිකාරිය සම්බන්ධ නැති බවට ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව ප්‍රකාශ කරනවා. නමුත් රජයේ අනුමැතිය නොමැතිව දේවල් සිදුකරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා.”

SendShareShare
Previous Post

මුලු රටේම ඛේදවාචකයක් වෙලා තියෙද්දී කැඩිච්ච රේල් පාරක් හදලා ආණ්ඩුවේ ඇමැති පපරෙ ගහලා නටනවා! මර්වින් සිල්වාවත් ඔහොම කළේ නෑ! නීල් ආම්ස්ට්‍රෝං හදට ගිහිල්ලාවත් ඔහොම ආතල් එකක් ගත්තේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

කසාවත රැකගනිමු! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.