රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමග නොසන්සුන් වී යළි තත්ත්වය පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ අදත් (8) සුළු ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කළේය. Sri Lanka Latest News
කෙසේ වෙතත් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිමල් පෙරේරා මහතා මැදිහත්ව තත්ත්වය පාලනය කර, රැඳවියන් නැවත සිරමැදිරිවලට යොමුකර ඇති බව සඳහන්ය.
ඒ හේතුවෙන් අද (8) පෙරවරුවේත් මීගමුව බන්ධනාගාරය අවට ආරක්ෂාව තරකර තිබුණි.
මේ අතර ගැටුම් ඇති වූ දිනයේ මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් අතුරුදන්ව ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර, එම බන්ධනාගාරයෙන් පිටත ඒ අසළ තිබී මි.මී. 9 වර්ගයේ මැගසිනයක් සහ උණ්ඩ 10ක් බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ.










