සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වා අනාවරණය කරනු ලැබූ මහා ගෑස් වංචාව සම්බන්ධයෙන් විශේෂ කෝප් කමිටු හමුවක් පැවැත්වීමට එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා තීරණය කොට ඇත.
හේරත් මහතා එම කැදවීම කර ඇත්තේ මරික්කාර් මහතා ඊයේ දිනයේ යවනු ලැබූ ලිපියකට ප්‍රතිචාර දක්වමිනි.
එම ලිපිය මගින් මරික්කාර් මහතා ඉල්ලා තිබුණේ මෙම ගෑස් වංචාව පිළිබදව වහාම ලිට්‍රෝ සභාපතිවරයා කැදවා ප්‍රශ්න කළ යුතු බවකි.
ඒ අනුව ලබන අගහරුවාදා සවස 2ට මෙම හමුව කැදවීමට පියවර ගෙන ඇත.
ඉක්මනින්ම ලිට්රෝ සමාගම කැඳවා මහා ගෑස් හොරකම ගැන ප්‍රශ්න කරන්න! කෝප් සාමාජික මරික්කාර් කෝප් සභාපති චරිතට ලිපියක් යවයි!











