• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ විනාශවෙච්ච යටිතල පහසුකම් ගොඩනගන්න රුපියල් බිලියන 900ක් විතර ඕනෙ! ඒ කියන්නේ ඩොලර් මිලියන 3000ක් විතර! තවම ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 20යි! රට ගොඩගන්න මිලියන 10,000ක් නිකම්ම හොයාගන්න විදිහ මරික්කාර් ආණ්ඩුවට පෙන්වලා දෙයි! අනුර මේක කළොත් නම් රටම ගොඩ! නොකරන අදිසි හස්තය කව්ද? VIDEO I Sri Lanka Latest News

December 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,

‘‘ආපදාවන්ට ලක්වූවන්ට පසු ආපදා තත්ත්වයේදී ලබාදිය යුතු හානි පූර්ණ වන්දි පිළිබඳව රජය ආකර්ෂනිය පැකේජයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන සමගි ජනබලවේගය සතුටු වෙනවා. කෙසේ නමුත් රජය ජනතාවට ලබාදෙන බව කියු සියලු දේවල් ලබාදෙන්නැයි සමගි ජනබලවේගය රජයට යෝජනා කරනවා.
ඒ වගේම ආපදාවට ලක්වුණ ජනතාවට ආධාර මුදල් ලබාදෙන බව රජය ප්‍රකාශ කරන තිබෙනවා. නමුත් එම ආධාර මුදල් කොටස් වශයෙන් ලබා දීමට රජය සූදානම් වන බවක් වාර්තා වෙනවා. කෙසේ හෝ ආපදාවට ලක්වුණ ජනතාවට පොරොන්දු වුණ මුදල් ප්‍රමාණය රජය ලබාදෙන්න වහාම කටයුතු කළ යුතුයි. එය හොද කටයුත්තක්. ඒ වගේම පැවැති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන් ගන්නා කිසිදු පියවරකට අනාගතයේදී ගොඩනගන සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ කිසිදු නීතිමය පියවරක් ඔවුන් වෙනුවෙන් නොගන්නා බව පැහැදිලිව කිය යුතුයි. ඒ වගේම බිය නොවී පීඩාවට පත් ජනතාවට මුදල් ලබාදීමට කටයුතු කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය නිලධාරීන් බියවිය යුත්තේ ජනතාවට මුදල් ලබා නොදුන්නොත් පමණයි. ඒ වගේම පීඩාවට පත් ජනතාවට ලබාදීම සඳහා රජය වෙන් කළ මුදල් තවත් මාස කිහිපයකින් භාණ්ඩාරයට ගියොත් වැඩක් වෙන්නේ නැහැ.

ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙම ආපදා තත්ත්වයෙන් විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඔවුන්ට නැවත නැගී සිටින්න පොලි රහිත ණයක් ලබාදෙන ලෙස වාණිජ බැංකුවලින් ඉල්ලීමක් කරන්නැයි සමගි ජනබලවේගය රජයට යෝජනා කරනවා. රටේ කොදු නාරටිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යළි නැගිට්ටවීම රජයේ වගකීමක්. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවලින් එක් ව්‍යාපාරයක් නැගී සිටියොත් තවත් ව්‍යාපාර ගණනාවකට එය බලපානවා. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කිරීමට එම පියවර ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්.

ඒ වගේම ආපදා තත්ත්වයෙන් පසු ඉතා ඉක්මනින් මාර්ග දෙපස තිබෙන කුණු ඉවත් කර මාර්ග ශුද්ධ පවිත්‍ර කර , විෂබීජහරණය කොට කඩිනමින් වන්දි ලබාදීලා ජනතාවට ශක්තියක් වෙන්න රජය කටයුතු කළ යුතුයි. මාර්ග වල ගොඩ ගසා ඇති කුණු ඉවත් කරන්න තවමත් කිසිදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කුණු ගොඩ ගැසීම නිසා ගං වතුරෙන් යටවුණ ප්‍රදේශවල තිබෙන අතුරු මාර්ගවල ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබෙනවා. ඒ වගේම විපක්ෂයට චෝදනා නොකර ගං වතුර හේතුවෙන් මාර්ගවල ගොඩ ගැසී තිබෙන කුණු ක්‍රමවමත්ව ඉවත් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම සමස්ථ රටම රක්ෂණාවරණය කළ වැඩසටහන් තිබුණා. ඒ බව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. ඒ අනුව ආපදාවකදී ජනතාවට ලබාදෙන වන්දි මුදල් ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් වලින් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ බව ජනාධිපතිවරයා පිළිගත්තා නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ආණ්ඩුව ගත්තේ නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව පීඩාවට පත් ජනතවාට ලබාදෙන්න පොරොන්දු වුණ මුදල් ලබාදෙන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් ඒවා පැලවත්තේ අරමුදලින් ගෙවන්නේ නැහැ. ඒ වගේම ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට හෝ මාලිමාවේ සමාජිකයන්ගේ නායකත්වයෙන් නිර්මාණය කර තිබෙන ප්‍රජා සංවර්ධන කමිටු හෝ ආපදා කළමනාකරණ කමිටු වලට රජයෙන් ලබාදෙන මුදල් ගෙවන්න කිසිදු අයිතියක් නැහැ. එවැනි දෙයක් සිදුවුණොත් ඒ සඳහා අදාළ පියවර ගන්න සමගි ජනබලවේගය අනාගතයේදී කටයුතු කරනු ලබනවා. ඒ නිසා රජයෙන් ලැබෙන ආධාර මුදල් බය නැතුව බෙදන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් , ග්‍රාම නිලධාරීවරුන්ගෙන් , රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එම වන්දි රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කර ලබාදෙන්න එවිට රජයේ නිලධාරීන්ට කිසිදු ප්‍රශ්නයක් අනාගතයේදී ඇති වෙන්නේ නැහැ.

ඒ වගේම අසීරු අවස්ථාවලදී ආණ්ඩුවට උදව් කරනවා වගේම ආණ්ඩුව සිදුකරන වැරදි ක්‍රියා විවේඡනය කිරීම විපක්ෂයේ කාර්යය භාර්යක්. ආණ්ඩුවේ ඇවිදින පුස්තකාල නොසැලකිලිමත්භාවයෙන් කටයුතු කරන විට ඒ හරහා ජනතාවට අපහසුතාවයට පත්වන විට ඒවා විවේඡනය කිරීමට සහ එම වැරදි පෙන්වා දීම විපක්ෂයේ කාර්යය භාර්යක්. ඒ වගේම මහජනතාව පීඩාව පත්වන විට එයින් ජනතාව මුදවා ගැනීමට රජයට ලබාදිය හැකි සහාය ලබාදෙන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. පෙර පැවැති ආණ්ඩුවලත් විවිධ සහායන් ලබාදෙන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබුවා.

ඒ වගේම ආණ්ඩුව ලබාදීමට යෝජනා කර තිබෙන සහන සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම යටතල පහසුකම් සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 900 ක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙන බව වාර්තා වෙනවා. විදෙස් රටවලින් ආධාර ලබාදුන්නත් එම මුදල් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම විදෙස් රටවලින් මේ වනවිට ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 20 ක පමණ මුදලක්. නමුත් ශ්‍රී ලංකාවේ යටතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කරන්න ඩොලර් මිලියන 3000 ක්වත් දළ වශයෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම විපතට පත් ජනතාවට මුදල් ලබාදීමටත් රජයට මුදල් අවශ්‍ය වෙනවා. කෙසේ නමුත් ඒ සඳහා මිලියන 10,000 ක් ආණ්ඩුවට ලබා ගන්න පුලුවන් ක්‍රමයක් ඉදිරිපත් කරන්න සමගි ජනබලවේගය සුදානම්.

ශ්‍රී ලංකාවට පිරිපහදු නොකළ පොල් තෙල් ගෙනැවිත් එම පොල් තෙල් පිරිපහදු කර වෙළඳපොළට මුදාහැරීමේදී වැට් බද්දක් සහ සෙස් බද්දක් අයකරනු ලබනවා. පිරිපහදු කළ පොල් තෙල් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී වැට් බද්ද සහ සෙස් බද්ද එම අවස්ථාවේදීම අයකරගනු ලබනවා. ශ්‍රී ලංකාවට පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කරන ව්‍යාපාරිකයන් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද සහ සෙස් බද්ද ගෙවීමට කටයුතු කරලා නැහැ. පිරිපහදු නොකළ පොල්තෙල් ගෙවීමේදී අය කරන බදු සඳහා සහනයක් ලබාදෙන ලෙස 2024 වසරේ 7 වැනි මාසයේ 31 වැනිදා පසුගිය ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයාගෙන් ව්‍යාපාරිකයන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව බදු මුදා හැරීමක් කිරීමට හැකියාවක් තිබෙනවාදැයි මුදල් ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යෘංශය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසිමක් කර තිබෙනවා. ඒ අනුව 2024 08 29 ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ඒ සදහා පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. කෙසේ නමුත් පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙනැවිත් පිරිපහදු කර වෙළදපොලට නිකුත් කරන පොල්තෙල් සමාගම් අද වනවිට මිලියන 10,000 ක් ගෙවිය යුතුව තිබෙනවා.

මේ පිළිබඳව 2025 01 16 වැනිදා සමගි ජනබලවේගය මේ බව හෙළි කළා. 2025 01 22 වැනිදා පාර්ලිමේන්තුවේදී මේ බව හෙළිකළා. ඒ වගේම 2025 02 05 වැනිදා අග්‍රාමාත්‍යවරියගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී මෙම බදු අය කරගැනීමට කඩිනමින් පියවරක් ගන්නා බව ප්‍රකාශ කළා. නමුත් මේ වනතුරු කිසිවක් සිදුවෙලා නැහැ. 2025 03 19 වැනිදා , 2025 03 21 වැනිදා , 2025 10 08 වැනිදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේදීත් මෙම බදු අය කරගැනීමට කඩිනමින් පියවරක් ගන්නා බව ප්‍රකාශ කළා. නමුත් මේ වනතුරු කිසිවක් සිදුවෙලා නැහැ. මේ සිද්ධිය පිටුපස දේශපාලන ගනුදෙනුවක් තිබෙනවාදැයි යම් සැකයක් දැන් මතුවෙනවා. ඒ වගේම මුදල් නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ඇමැතිවරයාට මෙම සිද්ධය සම්බන්ධ සියලුම විස්තර ලබාදුන්නා. කෙසේ නමුත් රජය මෙම මුදල් අයකර ගැනීමට කටයුතු කරනවානම් මේ වනවිට එම පොල්තෙල් ගෙන්වන සමාගම්වලට ඒ බව දැනුම් දී තිබිය යුතුයි. නමුත් එවැන්නක් තවම සිදුවෙලා නැහැ. කෙසේ හෝ රජයට අයවිය යුතු බදු අය කර ගැනීමට රජය කටයුතු නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නය යළි මතුවෙනවා. මෙම පොල්තෙල් ව්‍යාපාරිකයන්ගේ අල්ලේ නැටවෙන ඇමැතිවරයෙක් සිටිනවාද ? මෙම පොල්තෙල් ව්‍යාපාරිකයන් පැලවත්ත පක්ෂ කාර්යාලයට මුදල් ලබා දෙනවාද ? කියන ප්‍රශ්නත් මතුවෙනවා. කෙසේ නමුත් ව්‍යසනයක් ඇති වී තිබෙන අවස්ථාවක ජනතාවට සහන ලබාදෙන්න රුපියල් මිලියන 10,000 ක් පොල් තෙල් බදු වංචාවෙන් සොයාගැනීමට හැකියාව තිබෙනවා. පුලුවන් නම් මෙම බදු මුදල හැකි ඉක්මනින් අය කර ගන්න කටයුතු කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවට අභියෝග කරනවා.‘‘

SendShareShare
Previous Post

කලින් මැකෝ ගිරව් හොරකම් කළා! දැන් ඇනකොන්ඩාවෙක් හොරකම් කරලා! දෙහිවල සත්තුවත්තට මෙහෙම හොරු පනින්නේ කොහොමද? I Sri Lanka Latest News

Next Post

බෙල්වුඩ්වලට යන පාර පැළිලා පැළිලා පැළිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.