සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News
‘‘උතුරට ගියත් , දකුණට ගියත් , කඳුකරයට ගියත් , නැගෙනහිරට ගියත් එකම ප්‍රකාශය සිදුකරන , එකම ප්‍රතිපත්තියක් මත හිදිමින් කටයුතු කරන නායකයෙක් රටට අවශ්‍ය වෙලා තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා උතුරේදී උතුරේ ජනතාව සනසන කතා ප්‍රකාශ කරනවා , නැගෙනහිරදී නැගෙනහිර ජනතාව සනසන කතා ප්‍රකාශ කරනවා , දකුණේ දකුණේ ජනතාව සනසන ප්‍රකාශක කරනවා , කදුකරයේදී කදුකරයේ ජනතාව සනසන කතා ප්‍රකාශ කරනවා.
කෙසේ නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා උතුරට ගොස් දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරනවාට වඩා දෙමළ ඩයස්පෝරාව සනසන්නයි විවිධ ප්‍රකාශ නිකුත් කරන්නෙ. එවැනි ප්‍රකාශ හරහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ හිස් බව අකාර්යක්ෂම භාවය , ප්‍රතිපත්තියක් නැති බව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගය බලය ලබා ගැනීමට දේශපාලන වේදිකාවේදී බොරු ප්‍රකාශ කළාට බලය ලබාගත්පසු බොරු ප්‍රකාශ කරන්න බැහැ. රජය සිදුකරන සෑම ප්‍රකාශයකටම නිත්‍යානුකූලභාවයක් තිබෙනවා. ඒ වගේම රට තුළ මේ වනවිට ජාතිවාදයක් නැහැ. රටේ ජනතාව සංහිදියාව තුළයි ජිවත් වන්නේ. නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ නිකුත් කරනවා.
උතුරට ගොස් ඩයස්පෝරාව සනසන්න ප්‍රකාශ නොකර , ලංකාවට පැමිණි රට ශක්තිමත් කර , ආයෝජන ගෙනැවිත් , උතුර නැගෙනහිර සංවර්ධනය කර , රැකියා අවස්ථා බිහිකර , කර්මාන්තශාලා ඇතිකර , යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස ඩයස්පෝරාවෙන් රජයට ඉල්ලිමක් කරන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැතිව ආගම් අතර ජාතින් අතර විරසකයක් ඇති කරන්න කටයුතු නොකරන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම අනුර දිසානායක මහතා විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු නෙවෙයි. අනුර දිසානායක කියන්නේ රටේ 9 වන විධායක ජනාධිපතිවරයා. එනිදා ජනාධිපති අනුර දිසානායක මහතා සිදුකරන ප්‍රකාශ , සිදුකරන ක්‍රියාකාරකම්වල නෛතික භාවය රටේ මිලියන 22 ක් වන ජනතාවට බලපානවා. ජාතිවාදය අවුස්සන කතා පැලවත්ත පක්ෂ කාර්යාලය තුළ සිදුකළාට වරදක් නැහැ. ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙන කතා ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රකාශ නොකරන්නැයි සමගි ජනබලවේගය රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම රුපියලක්වත් හොරකම් නොකරව රජයක් බලයට පත් වී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා නිරන්තරයෙන් ප්‍රකාශ කරනු ලබනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා හොරකම් නොකළාට ජනාධිපතිවරයා ලඟ සිටින පිරිස වංචා දුෂණ හොරකම් සිදුකරනවා. ඒ වගේම ගල් අඟුරු ටෙන්ඩරය ගැන රට තුළ විශාල කතාබහක් ඇති වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නමුත් රජය මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.
ඒ වගේම ගල් අඟුරු ගෙන්වීමේදී දින 42 ක කාලයක් ප්‍රසම්පාදන කටයුතු සඳහා ලබාදිය යුතුයි. නමුත් ගල් අඟුරු ගෙන්විමේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන්නේ දින 21 කට අඩු කරලා. මේ හරහා පිළිගත් , සුදුසුකම් තිබෙන පිරිසකට ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළුවීමට තිබෙන ඉඩ මගහැරී යනවා. ඒ වගේම ගල් අඟුරු ප්‍රසම්පාදනය ලබාදීමේදී සොයා බලන නිර්ණායක කිහිපයක් තිබෙනවා. ඒ අනුව ගල් අඟුරු ප්‍රසම්පාදනය ලබා ගන්නා සමාගම මීට පෙර ලංකාවට අවශ්‍ය කරන ගල් අඟුරු මිලියනයක් හෝ වෙනත් රටකට විකුණා තිබිය යුතුයි. නමුත් වර්තමාන රජය මිලියනයේ සීමාව ලක්ෂ 5 කට අඩු කරන්න කටයුතු කර තිබෙනවා. ඒ හරහා ගල් අඟුරු ප්‍රසම්පාදනය නොසුදුසු කණ්ඩායමක් අතට යෑමේ ඉඩකඩ සැලසෙනවා.
ඒ වගේම ගල් අඟුරු ප්‍රසම්පාදනය අඩු මුදලක් ප්‍රකාශ කළ සමාගමකට ලබාදෙන්න රජය කටයුතු කරනවා. ගල් අඟුරු තොගය සඳහා අඩු මුදලක් ඉදිරිපත් කර ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා. නමුත් ලබාගන්නා ගල් අඟුරුවල ප්‍රමිතිය වැදගත් වෙනවා. ඒ වගේම ගල් අඟුරු අවුරුද්ද පුරාවට ලංකාවට ගෙන එන්නේ නැහැ. වසරකට අයත් ගල් අඟුරු ප්‍රමාණය මාස 6 ක් තුළ ගෙන එනු ලබනවා. ඒ අනුව ලක් විජය බලාගාරයේ යන්ත්‍ර තුනම අවුරුද්දක් පුරාවට ක්‍රියාත්මක වන්නේ රටට ගෙනෙන ගල් අඟුරුවලින්.
ඒ වගේම ලංකාවට ගෙනැවිත් තිබෙන ගල් අඟුරු තොගය ගෙනැවිත් තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ සිටයි. ඒ වගේම ගල් අඟුරු නැව පිටත් වුණාට පසුව නැව පිළිබඳව විස්තර ලංකාවට ලැබෙන්න සලස්වනවා. නමුත් පළමු ගල් අඟුරු නැව ලංකාවට එනතුරු නැවේ විස්තර ලංකාවට ලැබී තිබුණේ නැහැ. එහිදිත් ගල් අඟුරු සැපයුම්කරුට ලිහිල් භාවයක් ලබාදී තිබෙනවා. ඒ වගේම ලංකාවට පැමිණි විගසම ලක් විජය බලාගාරයට යවා තිබෙනවා. එම කටයුත්ත නිත්‍යානුකුලව සිදුවුණාද නැතිනම් කාගේ හෝ බලපෑමකට සිදුවුණාදැයි තවම සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම ලක්විජය බලාගාරයෙන් වාර්තාවක් ලැබී තිබෙනවා. ඒ වගේම ලක්විජය බලාගාරයේ එක් බොයිලේරුවකට පැයක් සඳහා ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 120 ක් අවශ්‍ය වෙනවා. නමුත් පැයකට ලැබි ඇත්තේ ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 107 ක් බව ලක්විජය බලාගාරය නිකුත් කළ වර්තාවක සඳහන් වෙනවා. ඒ අනුව ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 13 ක් පැයකට මදි වෙනවා. ඒ අනුව බොයිලේරු තුනට ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් 39 ක් මදි වෙනවා. පැය 24 ට ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් 936 ක් මදි වෙනවා. ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් එකක් ඇමරිකානු ඩොලර් 100 ක් වෙනවා. ඒ අනුව මෙට්ට්‍රික්ටොන් තුන්ලක්ෂ හතලිස් එක්දාහක් අතිරේක ගල් අගුරු තොගයක් අවශ්‍ය වෙනවා.
ඒ වගේම ගල් අගුරු නැවක මෙට්ට්‍රික්ටොන් 60,000 ක් පමණක් ගෙන ඒමට හැකියාව තිබෙන්නේ. ඒ අනුව අතිරේක ගල් අඟුරු නැව් 5 ක් හෝ 6 ක් ලංකාවට ගෙන ඒමට සිදුවෙනවා. කෙසේ නමුත් මෙම ගල් අඟුරු තොගය ප්‍රමිතියෙන් තොරද නැද්ද යන්න රජය තවම සොයා ගෙන නැහැ. ඒ වගේම ටෙන්ඩරය අනුව කිලෝ කැලරි 5900 ධාරිතාවයකින් යුක්ත ගල් අඟුරුයි රටට ලැබිය යුත්තේ. ඒ වගෙම ගල් අගුරු තොගය පරික්ෂා කිරිමකින් තොරව බලාගාරයට ගිය ආකාරය පිළිබඳව තවමත් ප්‍රශ්නයක්. ඒ වගේම මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකිරිමට පෙර මෙම ගල් අගුරු තොගය ප්‍රමිතියෙන් යුක්ත බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ගල් අඟුරු තොගය ප්‍රමිතියෙන් යුක්තයි නම් පරික්ෂාකළ වාර්තාව රටට හෙළි කරන්න.
ඒ වගේම එකළඟ ගල් අඟුරු නැව් දෙකක වාර්තා ප්‍රතික්ෂේප වුණොත් ගල් අඟුරු ටෙන්ඩරය අහෝසි වෙනවා. ඒ වගේම කිලෝ කැලරි 5900 ධාරිතාවයකින් යුක්ත ගල් අඟුරු නම් අතිරේකව ගෙන ඒමට සිදුවන ගල් අඟුරු තොගය සඳහා දළ වශයෙන් බිලියන 10 ක පමණ අතිරේක මුදලක් වියදම් වෙනවා. මේ ආකාරයට වියදම් කරන්න සිදුවෙන්න මහජනතාවගේ බදු මුදල්. ඒ වගේම අප්‍රේල් මාසයෙන් පසු රටට ගල් අඟුරු ගෙන එනේනේ නැහැ. ඒ අනුව ලක්විජය බලාගාරයට ක්‍රියාත්මක කරන්න නොහැකි වෙනවා. ඒ අනුව විදුලි කප්පාදුවකට යන්න සිදුවෙනවා.
කෙසේ නමුත් බලශක්ති ඇමැතිවරයා සහ ඔහුගේ උද්දච්ච ක්‍රියාකලාපයන් පිළිබඳව සොයා බලන්නැයි සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම යටිතල පහසුකම් සහ උපාය මාර්ගික ආංශික අධීක්ෂණ කාරක සභාව මේ සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශයට අනතුරු අඟවන්න කටයුතු කර තිබුණා. ගල් අඟුරු සම්බන්ධයෙන් මාධ්‍ය තුළින් වාර්තා කළාට පසුවත් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික ආංශික අධීක්ෂණ කාරක සභාවේදි කතා බහ කරනු ලැබුවා. කෙසේ නමුත් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික ආංශික අධීක්ෂණ කාරක සභාව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන්න සුදානම් වෙනවා.
මෙවැනි කටයුතු හරහා රාජ්‍ය මුදල් අවභාවිතා වීමට ඉඩ දිය නොහැකියි. ඒ වගේම මෙවැනි කටයුතු වලින් රට තුළ විදුලි කප්පාදුවක් සිදුවීමටත් ඉඩ දිය නොහැකියි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාක්ෂි මත පදනම්ව කරුණු හෙළි කරන්න කටයුතු කරනු ලබනවා.‘‘








