• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම් කරපු අයට දඬුවම් දීම ආණ්ඩුවේ වගකීමක්! එහෙම කරද්දි බෙහෙත් ගැනත් බලන්න! ජලභීතිකාවට විදින බෙහෙත් ඉස්පිරිතාලවල නෑලු! ගිය ආණ්ඩුවට බනිද්දි අපි දිහා බලන්න එපා! රාජපක්ෂවරුන් දිහා බලන්න! මොකද රාජපක්ෂවරු බලයට ගෙනාවේ අපි නෙමෙයි ඔබතුමාලා! ආණ්ඩුවට මරික්කාර්ගෙන් ටියුෂන්! VIDEO I Sri Lanka Latest News

March 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
‘මව්රට’ රටට හෙළිදරව් කළ බිලියන ගණනක බදු නොගෙවා ලංකාවට පොල්තෙල් ආනයනය පාර්ලිමේන්තුව දක්වාම යයි! රනිල්ගේ කාලේ පටන් ගත් වැඩේ සැප්තැම්බර්-ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් මාසවලත් වෙලා! මරික්කාර් වැඩේ ඇදලා ගනී! රනිල්ගේ ලියුමකුත් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2004 වසරේදී සුනාමි අරමුදල සම්බන්ධව චෝදනා ලබලා තියෙද්දී, රාජපක්ෂලාව බලයට ගේන්නට වර්තමාන ආණ්ඩුවේ අය කටයුතු කළ බවත් වර්තමාන ජනාධිපති එදවස මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කිරීමට පෙළඹුණේ ඇයිද යන්න සාධාරණීකරණය කරමින් පාර්ලිමේන්තුවේදී ඒ දිනවල පාර්ලිමේන්තුවේදී කතාවක් පවා සිදු කළ බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසුවා.Sri Lanka Latest News

චන්ද්‍රිකා මැතිනියත් මහින්ද මහත්තයාත් අනුර කුමාර මහත්තයාත් එකතුවෙලා උදලු තලයකුත් තියාගෙන මුල්ගලක් තියන්න ගියපු උත්සවක ඒ කාලේ ගත්ත ෆොටෝ එකක් ඊයේ දිනයේදීත් ආපහු දැක්කා . 76 වසරේ කොටස්කරුවෝ වෙච්ච ඔබතුමන්ලා ඒක විකුණලා තමයි බලයට ආවේ.

සෞඛ්‍ය ඇමතිතුමාට අපි කියන්න ඕන, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මුස්ලිම් මිනිස්සුන්ගෙන් පළිගැනීම උදෙසා කොරෝනා මෘතදේහ බලෙන් ආදාහනය කිරීම කලා කිසිදු විද්‍යාත්මක හේතුවක් නැතුව. වඳ කොත්තු, වඳ බෙහෙත් වඳ සාෆි මැව්වා වගේ තමයි මේකත් හැදුවේ. ඒ දවස්වල ඒකට කඩේ යන්ඩ ඕන තරම් ආචාර්ය මහාචාර්යවරු හිටියා, වතුරෙන් කෝවිඩ් හැදෙනවා කියලා. මට මතකයි මං එතකොට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඇහුවා , මගේ ආසනයේ තමයි තියෙන්නේ අයිඩීඑච් රෝහල, වතුරෙන් කෝවිඩ් බෝවෙනවා නම් ලංකාවේම ඉන්න කෝවිඩ් හැදිච්ච කට්ටිය මෙහෙට ගෙනල්ල දාලා, මෙහෙට කෝවිඩ් බෝ කරන්න හදන්නේ ඇයි කියලා . එතකොට උත්තරයක් තිබුණේ නෑ. මේක පැහැදිලිවම වෛරය පිරිමහගන්න පළිගැනීමක් . බලෙන් මෘතදේහ ආදාහනය කරපු අයගේ නම් ලැයිස්තුව ඉල්ලුවට දෙන්නේ නෑ. ඕගොල්ලන්ට වැඩිපුරම ඡන්දය දුන්න 70% පමණ වෙච්ච මුස්ලිම් ජනතාවට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරන්නවත් මේ ලැයිස්තුව දෙයි කියලා අපි හිතුවා . නම් වශයෙන් දෙන්න බැරි නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන්, කොච්චර මෘත දේහ ආදාහනය කළාද කියලවත් දීලා ඒ අයට සාධාරණයක් කරන්න කියලා අපි ඉල්ලන්න කැමතියි.

සෞඛ්‍ය ඇමතිතුමා ජනමාධ්‍ය ඇමතිතුමා වීම නිසාම මම එතුමාගෙන් ඉල්ලන්න කැමතියි ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන එකක්වත් ලාභ ලබන්නේ නැහැ. මේ පාඩුව ආණ්ඩුවට දරාගන්න පුළුවන්ද? තරගකාරී වෙළඳපළට ඇතුල් වෙන්න මාධ්‍ය ආයතන වලට වුවමනාවක් නැද්ද? බිලියන පහකට අධික adverticing market එකේ ආණ්ඩුවේ spend එක තියෙනවා විශාල‍ ප්‍රමාණයක්. මේක ආණ්ඩුවෙ නිසා මාධ්‍යායතනයට දෙන්න කිව්වට ඒක එහෙම වෙන්නේ නෑ. රාජපක්ෂ පාලන කාලයේ එහෙම කරන්න ට්‍රයි කලා. එහෙම මාධ්‍ය ආයතන ගොඩදාන්න බැහැ. market share එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම හැම adverticing ඒජන්සියකින්ම potion එකක් වෙන්වෙනවා. තමන්ගේ කොටස වෙන්කර ගන්න අද මාධ්‍ය නාලිකා කටයුතු කරනවද කියල ප්‍රශ්නයක් තියෙනවා. එක්තරා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනක් තියෙනවා, ගිය ආණ්ඩුවට මඩ ගහනවට වඩා තනිකරම විපක්ෂයට මඩ ගහන එක තමයි කරන්නේ. ඒකට පිටපත යවන්නේ පැලවත්ත කාර්යාලයෙන්ද කියන එක මම දන්නේ නෑ. ඉස්සර කාලෙ තමයි අපි ඒ වගේ රෙදි අපුල්ලන අයව දැක්කේ.

ඒ එක්කම අදට ගැලපෙන පරිදි රජයේ රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ජනතාවගේ රසඥතාවාදය සහ මාර්කට් ශෙයා එක අල්ලා ගැනීම සඳහා වැඩසටහන් කරනවාද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මමත් ගුවන් විදුලි නාලිකා පහක ප්‍රධානියෙක් වෙලා හිටියා. පාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් බවට පත්කළා. රසාස්වාදය උදෙසා වගේම වෙළඳපොළ ඉලක්ක කර ගත්ත වැඩසටහන් කළා. ඒ නිසා ආණ්ඩුව මේ බර දරන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් රාජ්‍ය මාධ්‍ය ආයතන වලට සාමූහික වගකීමක් තියෙනවා, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමේ කාර්යය කළ යුතුයි මම නැහැ කියන්නේ නැහැ, නමුත් ඒ ආයතන තමන් විසින් සොයාගන්නා මුදල් වලින් යැපෙන්න ඕන කියන එක තමයි අපේ මතය.

ගොඩක් රජයේ මාධ්‍ය ආයතන VAT බද්ද ගෙවන්නේ නැහැ. තාම මාස පහයි ඔබතුමන්ලාගේ ආණ්ඩුව ඇවිල්ලා, මේක ලාභ ලබනවා කියන එක මාස පහෙන් කරන්න බැහැ, අඩුම ගානේ අවුරුදු එකහමාරක් යනකොට, proper marketing plan එකක් එක්ක ගිහිල්ලා, ඒ වැඩසටහන් නවීකරණය කරලා , මාර්කට් ශෙයාර් එක වැඩි කරගෙන ලාභ ලබන තත්ත්වයට ගේන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.

පහුගිය ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන්න මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන තමයි online පනත ගෙනාවේ. මට මතකයි ඒ පැත්තෙ ආණ්ඩුවේ හිටපු, හිටපු මාධ්‍යවේදියෙක්ම, ඒක සාදාරණීකරණය කරලා කතා කෙරුවා. කනගාටුයි ඒ ගැන. මම ඉල්ලීමක් කරනවා අලුතෙන්ම මේක ව්‍යුහාත්මක වෙනසක් සමගින්, අලුත් පනතක් ගේනතාක්, මේ මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන, වෘත්තිකයන් විශේෂඥයින් එක්ක සාකච්ඡා කරලා ගේන්න යම් කාලයක් යනවා. ඒ නිසා මේ පනත හකුලා ගන්න. මොකද මේ පනත නිසා මාධ්‍ය ආයතනවල ඉලක්ක ගතවෙලා ඉන්න යම් යම් අය පීඩා විඳින්න්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.

වර්තමාන තාක්ෂණයත් සමඟ වර්තමානයේ මාධ්‍ය හැසිරීම සහ මාධ්‍ය භාවිතය සලකන කොට යූටියුබ් නාලිකා විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. අද සමහර ප්‍රධාන ජාලයේ තියෙන මාධ්‍ය ආයතන වලට වඩා සමහර youtube නාලිකා ප්‍රසිද්ධයිි ජනප්‍රියයි. හැබැයි මේ යූටියුබ් මාධ්‍යවේදීන්ට කොහෙවත් ලයිසන් එකක් නැහැ. registration එකක් නැහැ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මම දැනුවත්වනම් ඔවුන්ව ලියාපදිංචි කිරීමක් වෙලා නැහැ. ඒ වගේම මාධ්‍ය ආයතන ලියාපදිංචි වෙලත් නැහැ. රූපවාහිනී නාලිකාවක් හරි ගුවන් විදුලි නාලිකාවක් හරි ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා රාජ්‍ය සංඛ්‍යාත ගනිද්දී , යම් යම් වගන්තීන්ට එකඟ වෙලා යම් guide line follow කරන්න ඕන. මේ යූටියුබ් නාලිකා වලට එහෙම රෙජිස්ටේෂන් එකක් හදන්න. මේ youtube කරන අයට ඔවුන් monitization එකෙන් කොයිතරම් ලාභයක් ලැබුවත් බැංකුවට ගියහම ණයක් ගන්න බැහැ. මම දන්නෙ නෑ ඔබතුමන්ලා දාපු 15% බද්ද හරහා ණයක් ගන්න පුළුවන්කමක් ලැබෙයිද කියලා. අපි දන්නවා ඔබතුමන්ලාට යූටියුබ් චැනල් 177ක් , අවුරුදු තුනක් තිස්සේ වැඩ කරා ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ කැම්පේන් එක කරන්න. facebook pages හාරසිය ගානක් තිබ්බා. බිත්තිය දිගේ වතුර බිංදුව බිංදුව කාන්දු වෙනවා වගේ තමයි ඔබතුමන්ලගේ කැම්පේන් එක ,හැත්තෑ හය වසරක සාපය කියන එක, මේ රටේ යූටියුබ් නරඹන ටික් ටොක් නරඹන කාන්තාවන්ගේ ඔලුවට දැම්මේ. හැබැයි ආපු ගමන් මේ youtube tiktok කට්ටියට 15% ක බද්දක් දැම්මා. ඒත් ඒක යම්කිසි සාධාරණයක් වෙන්න තිබුණා, මේ කට්ටියට වෘත්තීය පිළිගැනීමක්, වටිනාකමක් ලැබෙනවනම්, වෘත්තීමය අයිතිවාසිකම් ලැබෙනවා නම්, කමක් නෑ.

කෙසේ නමුත් මම ඉල්ලීමක් කරනවා මේ යූටියුබ් මාධ්‍යවේදීන්වත්, මාධ්‍යවේදීන් බවට වටිනාකමක් ලැබෙන විදිහට වැඩසටහනක් ගෙනහල්ලා ඔවුන්ව රෙජිස්ටර් කරන්න. අපි හැමෝම දැකලා තියෙනවා ෆෝන් එකේ කැමරාව තියාගෙන හැම තැනම කට්ටිය ඉන්නවා. ඔවුන් මාධ්‍යවේදින්ද නැද්ද කියලවත් අපි දන්නෙ නෑ. ඔවුන් මොකටද ආවේ කියලවත් අපි දන්නේ නෑ. එයින් අනවශ්‍ය ප්‍රශ්නයක් වගේම යූටියුබ් මාධ්‍යවේදීන්ට ලොකු හානියකුත් සිද්ධ වෙනවා. ඒනිසා මේ ලියාපදිංචිය අනිවාර්යයෙන්ම වටිනවා. අපි දන්නවා මොනවා හරි දේකට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වලින් එනකොට , එන කෙනාට වෘත්තීය වගකීමක් තියෙනවා, ඔවුන් අහන ප්‍රශ්න ඔවුන් හැසිරෙන විදිහ, සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව ඔහුටම වගකීමක් තියෙනවා. මොකද ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙනවා. හැබැයි ලියාපදිංචි නොවන පුද්ගලයෙක් ආවහම , ඔවුන්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕන විදිහට හැසිරෙන්න පුළුවන්, හැබැයි කිසිම වගකීමක් නැහැ. හැබැයි මේක යූටියුබ් නාලිකා පාලනය කිරීම සඳහා හෝ, youtube මාධ්‍යවේදීන් කන්ට්‍රෝල් කිරීම සඳහා නෙමෙයි, ඔවුන්ට වෘත්තීය වටිනාකමක් සහ වෘත්තීය ගෞරවය සහ අයිතිවාසිකම් ලැබෙන විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන් කියන්න කැමතියි, හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හෝ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ හොරකම් කරපු අයට දඬුවම් දීම ඔබතුමන්ලාගේ වගකීමක්. ඒ දෙනකොට හැබැයි මිනිස්සුන්ට ඕන කරන බෙහෙත් ටික නැති කරගන්න එපා. අපිට ආරංචි මේ දවස් වෙනකොට ලංකාවේ ඇන්ටිරේබීස් බෙහෙත් නැහැ කියලා . කවුරුහරි පිස්සු බල්ලෙක් කෑවොතින් බෙහෙත් නැහැලු ලංකාවේ මේක මේ අපිට ලැබෙන තොරතුරු, මං දන්නෙ නෑ. ඒ නිසා ඒ පිළිබඳවත් සොයා බලලා ඒගොල්ලන්ට දඬුවම් දෙන්න, ඒ බනින කොට රාජපක්ෂලගේ දිහා බලලා කියන්න අපේ දිහා බලන්න එපා. ඒක අපිට අදාල නැහැ. එනිසා ඒ දවස්වල ගෙනාපු දෝෂාභියෝගයට / විශ්වාස භංගයට අත් උස්සපු අයට ඒ විදිහට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

මෙන්න රනිල්ගේ ආණ්ඩුවේ තවත් ගේමක් එළියට! කෝටි 25ක මැණික් මල්ලක් ජනාධිපතිවරණයට කලින් දවසේ ස්වර්ණාභරණ අධිකාරියෙන් පන්නලා! අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකුත් නෑ! ඇමැති-රාජ්‍ය ඇමැති-සභාපති ඔක්කොම එළියට..! VIDEO I Sri Lanka Latest News

Next Post

ගහපු බොරුව පැය 24ක් යන්න කලින් අතේ මාට්ටු වෙයි! රනිල්ට අපි පාර්ලිමේන්තු එන්න කියලා කිව්වේ නෑ! වහාම නිවැරදි කරන්න! දොස්තරවරු ලිඛිතවම UNPයට දන්වන්න තීන්දු කරයි! ලැජ්ජාවේ පණ යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.