• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවට ඉඩම්! තරුණ තරුණියන්ට පොලිසියේ රැකියා! ජනපති මැදුර ව්‍යාපෘතියකට! පරන්තන්-මාන්කුලම්-කන්කසන්තුරේ කර්මාන්ත කලාප! යාපනයට ගිය අනුරගෙන් පොරොන්දු රැසක්! PHOTOS I Sri Lanka Latest News

January 31, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
ජනතාවට ඉඩම්! තරුණ තරුණියන්ට පොලිසියේ රැකියා! ජනපති මැදුර ව්‍යාපෘතියකට! පරන්තන්-මාන්කුලම්-කන්කසන්තුරේ කර්මාන්ත කලාප! යාපනයට ගිය අනුරගෙන් පොරොන්දු රැසක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බවද කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31) පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.

යුද්ධය නිසා අවතැන් වූ පවුල් උතුරු පළාතේ තවමත් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කළේය.

ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

උතුරු පළාතේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද වත්මන් රජය සැලසුම් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් ඒකාබද්ධ ධාවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. උතුරු පළාතේ දුම්රිය සේවාව ද සංඛ්‍යාත්මකව වැඩි කිරීමට මෙහිදී අවධානය යොමු විය.

උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී තිබෙන බවද ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරු පළාත විශේෂ කොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලබන වසරේ ලක්ෂ 25ක පමණ සංචාරකයින් මෙරට සංචාරය කරනු ඇති බවට බලාපොරොත්තු වන බැවින් සංචාරකයින් ආකර්ෂණය කළ හැකි උතුරු පළාතේ නව සංචාරක ස්ථාන හඳුනා ගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

උතුරු පළාතේ රාජ්‍ය සේවාවේ නව බඳවා ගැනීම් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමකින් තොරව පියවීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාව උතුරේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එසේම ධීවර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික වශයෙන් උපරිමයෙන් මැදිහත්වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තවද මෙරට පානීය නළ ජලය අවම වශයෙන් භාවිතා කරන පළාත වශයෙන් උතුරු පළාත හඳුනා ගෙන ඇති බවත් මේ වන විට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නව ජල ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන කරන බවද පැවසීය.

උතුරේ ජනතාවගේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති බව පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා උතුරේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය , කෘෂි කර්මාන්තය ඇතුළු සමස්ත රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව සඳහන් කළේය. ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යාන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංකුමාරන් කරුණානන්දන්, ආචාර්ය සරවනබවානන්දන් ෂන්මුගනාදන්, රජිවන් ජෙයචන්ද්‍රමූර්ති, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ (AITC) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන මහත්වරුන් ද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් යන මහත්වරු, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ උතුරු ප්‍රදේශය භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-01-31

SendShareShare
Previous Post

ලංකාව ගැනත් ට්‍රම්ප් තීන්දුවක් ගනී! 3065ක් අමෙරිකාවෙන් දොට්ට! I Sri Lanka Latest News

Next Post

යාපනයට ගිය අනුර සේනාධිරාජාට අවසන් ගෞරව දක්වන්නත් යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

MORE NEWS

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ වයස අවුරුදු 21න් පහළ කාන්තා කිලෝග්‍රෑම් 68...

Read more
ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.