පොලිස් රාජකාරියේ නිරතව සිටියදි කිසිවෙකුටත් නොදන්වා විශාල පිරිසක් රටින් පිටවගොස් ඇති බව ආණ්ඩුවේ මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.Sri Lanka Latest News
අද (18) නිකුත් කළ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්තියකින් මෙම කරුණු හෙළි කර ඇත.
ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගී වීම සඳහා විදේශගත වූ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් එකවරම අතුරුදහන් වීමෙන් ආරම්භ වූ රට අත්හැර යාම මෙලෙස වර්ධනය වී ඇති බව එම ප්‍රවෘත්තියෙන් පෙන්වා දී ඇත.
නාරාහේන්පිට පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂක පෙබරවාරි 03 වෙනි දින සිට රාජකාරියට වාර්තා නොකර සිට පෙබරවාරි 13 වෙනි දින සිට රටින් බැහැරව ගොස් තිබේ.
තෙල්දෙනිය පොලිසියේ පොලිස් පරීක්ෂකද ඒ ආකාරයෙන්ම එම දිනවලම රටින් බැහැරව ගොස් ඇත.
හෝමාගම පොලිසියේ කොස්තාපල්වරයෙකු දින දෙකක නිවාඩු ලබාගෙන 2023 නොවැම්බර් 15 වෙනි දින විදේශගතවී තිබේ.
බදුල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකෝ) ස්ථානාධිපතිද මෙලෙස රටින් බැහැරව ගොස් ඇත.
පසුගිය 14 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කර ඇති බව නිවේදනය කර තිබේ.
ඊට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂකවරයෙක්, ප්‍රංශයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් පාතාලයෙන් ඔහුට තර්ජන එල්ල වූ බව කියමින් එරට රැකවරණ පතා තිබේ.