අමාත්‍ය මනූස නානායක්කාර මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී ‘මව්රට’ පුවත්පතට සහ ‘මව්රටනිව්ස්’ වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කරමින් අගමැතිවරයා හා ආණ්ඩුව අතර ගැටුම් නිර්මාණය කිරීමට මෙම වෙබ් අඩවිය කටයුතු කරන බවටත්, ආණ්ඩුව ඇතුළේ සිදුවන දෑ ඒ මොහොතේම වෙබ් අඩවියේ පළකරන බවටත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී අයුරින් මාධ්‍ය මෙහෙයවන බවටත් චෝදනා එල්ල කර සිටියේය.
මේ ආකාරයටම මනූස නානායක්කාර මහතා ඊට පෙර දින පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද අප වෙබ් අඩවිය සහ පුවත්පත පිළිබද චෝදනාවක් කරමින් මාධ්‍ය මර්දනය කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
අප ඒ පුවත් සියල්ල පාඨකයන්ගේ දැනගැනීම පිණිස මව්රටනිව්ස් වෙබ් අඩවියේ පළ කිරීමටද පියවර ගත්තෙමු.
කෙසේවෙතත් දිනකට පාඨකයන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් පිවිසෙන අපගේ වෙබ් අඩවිය මගින් ජනතාවගේ දැනගැනීම සදහා මනූස නානායක්කාර මහතා පිළිබදවද කිසියම් සටහනක් තැබීමට අප සූදානම්ය.
මනූස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකි.මුලින් ඔහු කටයුතු කළේ ස්වරණවාහිනියේය. පසුව ආණ්ඩු පෙරළියත් සමග මනූස ජාතික රූපවාහිනියට එක්විය.
මනූෂ දේශපාලනය ආරම්භ කරන්නේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා වූ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසටය.
පසුව එක්සත් ජාතික පක්ෂයට එක් වන මනූස පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය.
2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ගාල්ලෙන් පාර්ලිමේන්තු පැමිණීමට මනූස සමත් විය.
පසුව එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන මනූස විධායක බලතල තවත් ශක්තිමත් කරන 18 වැනි සංශෝධනයට අත එසවීමට කටයුතු කළේය.
අනතුරුව 2015දී යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මනූස මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දැරූ ශ්‍රීලනිපය සමග එක්වීමට පියවර ගත්තේය.
2018 දින 52 කුමන්ත්‍රණයේදී සිරිසේන මහතා අතින් නියේජ්‍ය ඇමැති ධූරයක්ද ගැනීමට මනූස සමත් විය.
පසුව දින 52 කුමන්ත්‍රණය අවසානයේදී යළි එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට මනූස කටයුතු කළේය.
එසේ රනිල් සමග යළි එක්වූ මනූස 2019 මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටවූ සමගි ජන බලවේගයට එක්වී මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට සමත් විය.
එසේ සජබෙන් මන්ත්‍රී ධූරයක් ගත් මනූස ඉකුත් කාලවකවානුවේදී සර් ෆේල් කියමින්, පාස්කු ප්‍රහාරයට ආණ්ඩුව සම්බන්ධ බව කියමින් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතත් විශාල හඩක් නැගීය.
එසේ කෑ ගැසූ මනූෂ පසුව සජබය හැරදා ගෝඨාභය රාපක්ෂ අතින් ඇමැතිකමක් ගෙන මේ වනවිට සිටින්නේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමගය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන දේශපාලන නායකයන් සිව් දෙනාම සමග දේශපාලනය කළ සීමිත පිරිස අතර මනූසද එක් අයෙකි.
ඉදිරියේදී මනූස කුමන දේශපාලන නායකයා සමග සිටීවිදැයි දැන්ම තියා කියන්නටද බැරිය.
මේ අප හෙළි කළේ මනූසගේ දේශපාලන ජීවිතයේ පැනිලි කිහිපය පමණය. ඉදිරියේදී තවත් ඇග හිරිවැටෙන හෙළිදරව් කිරීම රැසක් සිදුකිරීමට අප සූදානම්ය.
කෙසේවෙතත් පහත දැක්වෙන්නේ මනූස විවිධ අවස්ථාවලදී කළ ප්‍රකාශයන්ය.










