2025 අංක 18 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බලාත්මක කිරීමත් සමඟ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඔහු රැඳී සිටි කොළඹ, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි සිය නිල නිවසෙන් පිටව ගොස් තිබේ.Sri Lanka Latest News
හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ වැන්දඹුවන්ට සහ විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට කලින් ලබාදී තිබූ ප්රතිලාභ රැසක් අහෝසි කරමින්, සංශෝධනවලින් තොරව ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව මගින් ඊයේ සම්මත කිරීමෙන් පසුව ඔහු එලෙස නිල නිවසින් පිටව ගොස් ඇත.
පනත් කෙටුම්පත සම්මත වීමත් සමග කථානායක ජගත් වික්රමරත්න විසින් පනත් කෙටුම්පතට අත්සන් තැබීමත් සමග එය වහාම ක්රියාත්මක විය.










