• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී ප්‍රශ්න වගයක් අහලා රනිල්ට ලියුමක් යවයි!

August 4, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
මෛත්‍රී ප්‍රශ්න වගයක් අහලා රනිල්ට ලියුමක් යවයි!
Share on WhatsAppShare on Facebook

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය මගින් හිටපු ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී සාකච්ජා කළ යුතු කරුණු රැසක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කොට තිබේ.

එම ලිපිය මෙසේය.

2022 අගෝස්තු මස 04 වන දින
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ

ගරු ජනාධිපතිතුමණි,

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් පොදු එකගතාවකට පැමිණීම

2022 මාර්තු මස 08 වනදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ශ්‍රී ලංකාවේ සමකාලීන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසින් එම මස 23 දා ජනාධිපතිතුමන් විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබිණි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසින් එම සමුළුවට සහභාගී වූ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳ යෝජනාව අගය කිරීම පළමු කොටම ස්තූති පූර්වකව සිහිපත් කරමු.

උක්ත සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව දැරූ ස්ථාවරය වූයේ රටෙහි උද්ගත අර්බුදය කළමනාකරණය කිරීමේ අත්‍යාවශ්‍ය තත්ත්වයක් වූ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට නම්, නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව සර්ව පාක්ෂික ආණ්ඩුවක් අන්තර් කාලීනව ස්ථාපනය කළ යුතු බවයි. දැනුදු අප පක්ෂයේ එම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැත.

තවමත් නොවිසදී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලනික සමාජ අර්බුදය නිවැරදිව කළමනාකරණය කිරීමට නම්, ප්‍රතිඵලදායක, නිෂ්චිත වැඩපිළිවෙලක් සහිත අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය සදහා යම් මූලික එකගතාවන් කිහිපයක් ඇතිකර ගත යුතු බව අපගේ අදහසයි. එබැවින් පළමු කොටම පහත සදහන් කරුණු මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අවධාරණය කරනු ලබයි.

  1. වත්මන් ජනාධිපතිවරයා ලෙසින් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීම සදහා ඔබතුමා කැපවී සිටින්නේද යන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, පොදු මහජනතාව, සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන, විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශව වෙත ඒත්තු ගැන්විය යුතුයැහි අපි අවධාරණය කරමු.
  2. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමේදී එකගතා ඇති කර ගත යුත්තේ අයතනික වශයෙන් දේශපාලන පක්ෂ සමග මිස එක් එක් දේශපාලන පක්ෂ තුළ සිටින දේශපාලනඥයින් සමග නොවන බවද අප පක්ෂයේ මතයයි.
  3. සර්ව පාක්ෂික ආන්ඩුව නිශ්චිත කාලයක් සදහා, රට අර්බුදයට පෙර තුබූ ස්ථානය දක්වා කළමනාකරණය කෙරෙන, ආර්ථික දේශපාලනික හා සාමාජීය ප්‍රතිසංවිධානය ඉලක්ක කරගත් නිශ්චිත වැඩපිළිවෙලක් සහිත, ඉතාම සීමිත කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාවක් සහිත ‘අර්බුධ කළමනාකරණ කැබිනට්ටුවකින්’ සමන්විත විය යුතු අතර, එම සැළැස්ම සදහා ඉහත අංක 1 හි සදහන් සියලු පාර්ශවයන්ගේ පොදු එකගතාවක් හිමිවිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.
  4. ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති සමකාලීන සමාජ ආතතීන් හා විරෝධතාවන්ට සමාන තත්ත්වයන් උද්ගත වූ මැදපෙරදිග කලාපයේ ඇතැම් රටවල් වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අස්ථාවර හා අරාජික වී ඇති අතර, ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයක් කරා ගමන් නොකරනු වස් උක්ත සර්ව පාක්ෂික ආණ්ඩුවේ කාලසීමාව අවසානයේ නව ආණ්ඩුවක් තෝරාපත් කරගැනීමේ ප්‍රජාතාන්ත්‍රීය අවස්ථාව ජනතාවට උදා කළ යුතු බවද අප පක්ෂයේ මතයයි.
  5. පාර්ලිමේන්තු ජනාධිපතිවරණයකින් ඔබතුමා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ඔබතුමා කළ අමාත්‍ය මණ්ඩල පත්කිරීම්, අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීම්, නිකුත් කළ ගැසට් නිවේදන ආදිය මගින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් බොහෝ දේශපාලන පක්ෂ, මහජනතාව, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් තුළ තිබූ විශ්වාශය යම් තරමකට පළුදු වී ඇති බවද පෙන්වා දෙනු කැමැත්තෙමු.
  6. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කිරීම සදහා විශ්වශනීය ලෙසින් සාධනීය පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි.
  7. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධ යෝජනාවේ කේන්ද්‍රීය සාධකයක් වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගෙන් සමන්විත “ජාතික විධායක සභාවක්” ස්ථාපනයයි. එම විධායක සභාව ස්ථාපනය කිරීමද.
  8. යහ ආණ්ඩුකරණය, සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හා සර්ව පාක්ෂික ආණ්ඩුව සමග නිරන්තර මතවාදී සාකච්ඡාවක් සදහා සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයින්, අරගලකරුවන්, වෘත්තීයවේදීන්, විද්වතුන්ගෙන් සමන්විත සිවිල් උපදේශක සභාවක් පත්කිරීමටද;
  9. උක්ත අර්බුද කැබිනට්ටුවේ අමාත්‍යංශ සදහා උපදේශකත්වය සැපයීමට විෂයානුබද්ධ විශේෂඥතාවන් සහිත විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් සමන්විත තාක්ෂණික උපදේශක මන්ඩල පත්කිරීමටද කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි.

ඉහත කරුණු සම්බන්ධයෙන් ඇති කරගන්නා එකගතාව මත, යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අප පක්ෂයේ තාක්ෂණික යෝජනාවලීන් ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් දැනුම් දෙමු.

ස්තූතියි,

මෛත්‍රීපාල සිරිසේන
සභාපති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 6 වන විධායක ජනාධිපති

පහත සඳහන් ප්‍රධාන කරුණු 11පිළිබඳව අද දින පැවැත්වූ සාකච්ඡාවේදී ගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන ලදි.

  1. 22 වන ආණ්ඬුක්‍රම ව්‍යවස්ථාවේ වර්ථමාන තත්ත්වය.
  2. ජාතික අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට ආණ්ඬුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම.
  3. සැබෑ සර්වපාක්ෂික ආණ්ඬුවක් ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙළ පනතක් සමග පාර්ලිමේන්තුවේ අනුමැතිය.
  4. සර්වපාක්ෂික ආණ්ඬුවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියේදී ඇතිකරගනු ලබන ජාතික සභාව ස්ථාපිත වන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු විමසීම.
  5. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම / උතුරේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය විසඳීම.
  6. ජාතික සභාවට සමගාමීව ස්ථාපිතවන මහජන නියෝජිත සභාව හෙවත් උපදේශක සභාව කෙසේ සමන්විත විය යුතුද යන්න වග විමසීම.
  7. සියළු අමාත්‍යංශ හා රාජ්‍ය අමාත්‍යංශ, සංස්ථා, දෙපාර්තමේන්තු සඳහා නිශ්චිත ඉලක්කගත වැඩපිළිවෙළක් සකසා මාස හයෙන් හයට පසු විපරම් කිරීම එහි ප්‍රගතිය සොයාබැලීම.
  8. වංචා හා දූෂණ සම්බන්ධව ගනුලබන පියවරයන් මොනවාද යන්නපිළිබඳව සාකච්ඡා කිරීම.
  9. රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවලට සභාපති වරුන් පත්කිරීමේදී එම ආයතන වලට සුදුස්සන් පත්කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.
  10. සර්වපාක්ෂික ආණ්ඬුව ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සඳහා සෑම පක්ෂයකින්ම යම් නියෝජිත පිරිසක් පත්කිරීම සහ එම ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාම.
  11. තාක්ෂණික කමිටු සහ ටෙන්ඩර් මණ්ඩල වල (Technical Evaluation / Tender boards ) එම මණ්ඩලවල සාමාජිකයන් පසුගිය කාල වකවානුවතුල සිදුකර ඇති වැඩකටයුතු අධීක්ෂණය කර ඇගයීමකට ලක්කිරීම.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

2022 අගෝස්තු මස 04 වන දින

SendShareShare
Previous Post

අනුරලාව හමුවන්න ගිය නවසීලන්ත මහකොමසාරිස් සජිත්වත් හමුවන්න යයි! (VIDEO)

Next Post

මාස 2යි! වෙඩි තැබීම් 19යි! මරණ 21යි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.