ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දියානු රජය කරනු ලබන සහයෝගයන් පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කර තිබේ.
විශේෂයෙන්ම පසුගිය දා ශ්‍රී ලංකාවට ලබාදුන් ණය ආධාර පිළිබඳව ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදීත් ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.










