දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට සිදුව තිබෙන විදුලිය බිද වැටීමට හේතුව වෘත්තීය සමිති විසින් සිදු කරන ලද කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් විය හැකි යැයි තමන් සැක කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී එම්.ආර්.රණතුංග මහතා පවසා තිබේ.
ඔහු මේ බව ඬේලි මිරර් වෙබ් අඩවිය සමග පැවසී යැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි.
කෙසේ වෙතත්, විදුලි සැපයුම නැවත යථාවත් කිරීම සදහා කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා පවසා තිබේ.










