මුතුරාජවෙල තෙත් බිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අද දහවල් 11.30ට එහි නිලධාරීන් පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවීමට පියවර ගෙන ඇත.
ඊයේ දිනයේදී නිමල් ලන්සා අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර අමාත්‍යවරයාද කියා සිටියේ නැති ප්‍රශ්න අති කරගන්නේ නැතිව මෙම ගැසට්ටුව ඉවත් කිරීමට පියවර ගත යුතු බවකි.
ඒ අනුව අද දින මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ඇති අතර මෙම රැස්වීම උණුසුුුම් මුහුණුවරක් ගනු ඇති බව පැවසේ.
කාදිනල් හිමිපාණන්ද මෙම මුතුරාජවෙල ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කොට තිබිණ.










