රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මේ වනවිට මාස කිහිපයක් සදහා විදෙස්ගතව සිටින බව වාර්තා වේ.
පසුගිය කාලසීමාවේදී දේශපාලනය සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් යුතුව අදහස් දක්වා තිබූ ඒ මහතා මානසික විවේකය පතා මෙලෙස විදෙස්ගතව සිටින බව දැනගන්නට ඇත.
මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද මාස තුනක කාලයක් සඳහා නිවාඩු ගෙන ජපානයට ගොස් සිටින බවද වාර්තා වේ.










