• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නායයාමෙන් තැන් 11කින් ෆයිබර් සබඳතා බිඳ වැටෙයි! දැනට 9ක් හදලා! හෙට වෙද්දී සන්නිවේදන ජාලා 100%ක්ම වැඩ!  I Sri Lanka Latest News

December 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ෆේස්බුක්-මැසෙන්ජර්-වට්ස්ඇප්-ඉන්ස්ටග්‍රෑම්වලට යන්න බෑ!
Share on WhatsAppShare on Facebook

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.Sri Lanka Latest News

ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

නාය යාම් සහ ජල ගැලීම් නිසා ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබුණා. ඉන් ස්ථාන 09ක් පැය 24ක් වැනි කාලයක් තුළ පිළිසකර කිරීමට අප අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් කටයුතු කළා. මේ වන විට සියලු පළාත් සම්බන්ධ කරමින් විදුලි සංදේශ ක්‍රියාවලිය යාවත්කාලීන කර තිබෙනවා. එහිදී අතුරු ස්ථාන කිහිපයක හැරණු විට අනෙක් ස්ථානවල ෆයිබර් ජාලය හරහා සන්නිවේදන කටයුතු සිදු කෙරෙනවා.

ජල ගැලීම් සහ නාය යාම් නිසා සිදු වූ විදුලි බිඳ වැටීම් හා ෆයිබර් සම්බන්ධතාව විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණු 4000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වී තිබුණා. මේ වන විට එයින් 2800ක් වැනි ප්‍රමාණයක් නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කර තිබෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් 949ක් අක්‍රීය වී තිබෙන්නේ විදුලිය විසන්ධි වීම නිසයි. ඒ අනුව ඉතිරි ස්ථාන සියල්ල නැවත සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට විදුලි සන්නිවේදන ආයතන ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා.

කඩිනමින් ටෙලිකොම් කුළුණු වෙත ගොස් ඒවාට අවශ්‍ය විදුලි පහසුකම් ලබා දීමට ත්‍රිවිධ හමුදාවේ උපරිම සහාය ලැබෙනවා. නොවැම්බර් 28 වනදා මේ ව්‍යසනය ඇති වූ සැනින් ජනතාවට දුරකථන ජාලා සම්බන්ධ කර ගත නොහැකි වුවත් SMS යැවීමේ පහසුකම ඇති කිරීමට අවශ්‍ය තාක්ෂණය අපි සූදානම් කළා. නමුත් 29 වන දින සෑහෙන ප්‍රමාණයක් ෆයිබර් සබදතා සකස් කර ගැනීම නිසා එය අවශ්‍ය වුණේ නැහැ.

දැනට ගැටලු පවතින්නේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවලයි. ඒ ප්‍රදේශවලින් නුවරඑළිය සහ නුවර සැලකිය යුතු මට්ටමේ ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. නමුත් හෙට උදෑසන වන විට නුවරඑළිය, පුත්තලම යන දිස්ත්‍රීක්කවල 75%කට වඩා සබඳතාව සක්‍රීය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම නුවර දැනට තිබෙන 65%ක් වැනි ප්‍රමාණය හෙට උදෑසන වන විට 70%ක් වැනි ප්‍රමාණයකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

තම නැදෑ හිත මිතුරන් සමග සබඳතා ඇති කර ගැනීම සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් ජනතාවට සන්නිවේදනය අත්‍යාවශ්‍යයි. දැන් 80%ට වඩා වැඩි ප්‍රමාණයක් එය නිරාකණය කර තිබෙනවා. අනිද්දා දිනය වන විට එය 100%ක් දක්වා පිළිසකර කර ගැනීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-12-02

SendShareShare
Previous Post

හෙලිකොප්ටරෙන් මඩකළපු ගියා! යුද ටැංකියෙන් සේරුවාවිල ගියා! හඳුන්නෙත්ති නොසැලී ඉදිරියටම! VIDEO I Sri Lanka Latest News

Next Post

රටේම ගංවතුර මැද බේරුවල දූපතකින් අයිස් කිලෝ 4ක් මතුවෙලා!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.