ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී සිදුවිය.
මෙහිදී රටේ ආර්ථික තත්වය සහ දෙපාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා පැවැත්විණි.
මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහභාගි වූ අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Eldos Mathew මහතාද සහභාගි විය.











