අරගලය උච්චතම තත්ත්වයට පත්වුණු අවස්ථාවේ අරලිය ගහ මැදුරේ පැවැති රහස් සාකච්ජාවක් පිළිබදව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පැවැති කළුතර රැලියේදී අනාවරණය කළේය.
ඒ මහතා කියා සිටියේ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්දු රාජපක්ෂ මහතා සූදානම් වන විට එසේ නොකරන ලෙස සියලුම ජ්‍යෙෂ්ඨයන් මහින්ද රාජපක්ෂ මහතාට එම සාකච්ජාවේදී දැනුම් දුන් බවකි.










