අයිස් ෆැක්ටරියක් සම්බන්ධයෙන් රටතුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මිද්දෙණියෙන් සොයාගත් සැකකටයුතු කැට විශේෂයක් සහිත කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගුණුකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂයෙක් වූ සම්පත් මනම්පේරි ගේ වත්කම් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් ඇත.Sri Lanka Latest News
මනම්පේරි සතු වත්කම් අතර ඇති කැබ් රථයක් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කාර්යාලය කටයුතු සඳහා කුළි පදනම මත ලබාදී තිබූ බව මනම්පේරි පවසා ඇති බව සඳහන්ය.
ෆිනැන්ස් මත ලබාගත් එම කැබ් රථයට ෆිනෑන්ස් වාරික ගෙවනු ලැබුවේ එම කුළි මුදලින් බව මනම්පේරි සඳහන්කර ඇති බව කියැවේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ එහි ඇත්ත නැත්ත ගැන තොරතුරු දැන ගැනිමට යැයි නීති විරෝධි වත්කම් විමර්ශන කාර්යාංශ තොරතුරු සඳහන් කරයි.










