උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා මහතා පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුව ඇති බව සඳහන්ය.
මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් තයාගරාජා මහතා එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසි මත අදාළ පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.










