• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලය තියෙන්නේ රනිල්ගෙ ව්‍යවස්ථාවෙද ජනතාව අතේද? අපි හැප්පිලා බලමු! අනුර මැයි දිනේදී ආණ්ඩුවට චැලෙන්ජ් කරයි!

May 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බලය තියෙන්නේ රනිල්ගෙ ව්‍යවස්ථාවෙද ජනතාව අතේද? අපි හැප්පිලා බලමු! අනුර මැයි දිනේදී ආණ්ඩුවට චැලෙන්ජ් කරයි!
Share on WhatsAppShare on Facebook

“බලය තියෙන්නෙ රනිල්ගෙ ව්‍යවස්ථාවේ හෝ අණ පනත්වලද නැත්නම් ජනතා බලයෙද කියලා අපි හැප්පිලා බලමු රනිල්” යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රතු මැයි රැලිය අමතමින් අවධාරණය කළේය. එමෙන්ම රනිල් – මහින්ද අලි කපුටු හවුල මේ රට අඟලක්වත් ඉස්සරහට ගෙන නොයන බවද ඔහු පැවැසීය. “අපට ජනතාව වෙනුවෙන් වගකීමක් තිබෙන නිසා බොරු වළ හෝ මරු වැල පාගන්න අපිට බැහැ” යැයිද හෙතෙම කීය. ජවිපෙ නායකයා මෙසේද පැවැසීය.

“අද කැම්බල් එක, හයිඩ්පිටිය, ගුණසිංහපුර හැමතැනම මාතෘකා වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ තරම් ඒ අය බංකොලොත්. කැම්බල් එකේ නිකන් බලු කපුටු දානයක් තිබුණා වගේ. ගුණසිංහපුර මඩවගුරක්. අද අපි ඉතා වැදගත් බල සටනකට මේ රට අවතීර්ණ කරලා තියෙනවා. මේ සටන කෙළවර කරන්නේ ජයග්‍රහණයෙන් බව කිව යුතුයි. අද රටේ 68%ක් අපේ ජනතාව ආහාර ගන්න ප්‍රමාණය අඩු කරල තියෙනවා. සමහරු ආහාර වේල් ප්‍රමාණය අඩු කරලා. සමහරු කෑමට ප්‍රිය නැති අකැමැති කෑම වේල් ගන්න පුරුදු වෙලා තියෙනවා.

ඒ වගේම 78%කට ඔෟෂධ ගන්න බැහැ. 88%කට අධ්‍යාපනය, සෞඛ්‍යය නැහැ. ණය ගන්නවා. එක්කෝ තියෙන භාණ්ඩ උකස් කරනවා. පාලකයෝ මේ වගේ තැනටයි රට පත් කරලා තිබෙන්නේ. ජනතාව ජීවත් වෙන්නෙ ඉතාම අමාරු තැනක. මේ තියෙන අර්බුදයෙන් මේ පාලකයෝ අඟලක්වත් මේ රට ඉස්සරහට ගෙනයන්නේ නැහැ. රනිල්, මහින්ද, අලි කපුටු හවුල මේ රට අඟලක්වත් ඉස්සරහට ගෙන යන්නෙ නෑ. ඔවුන් සියලු ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එවැනි ප්‍රතික්ෂේප කළපු පාලනයකට රටක් ගොඩනැඟිය හැකිද? මේ රටේ පොදු ජනයා එක්ක ඉන්න කණ්ඩායම තමයි රට ගොඩ ගන්නේ. ඒ කණ්ඩායම අපි පමණයි. අනෙක් අය ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඔවුන් රට විනාශකාරී තැනකට ගෙනිහින් ඉවරයි.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ආණ්ඩුව ගිහින් කියනවා රට අලුත් පීල්ලක ඉන්නේ කියලා. මේ මූල්‍ය අරමුදලට යෑම අලුත් දෙයක් නෙමෙයි. හැමදාම ආර්ථික වට්ටෝරුවක් මූල්‍ය අරමුදල විසින් රටවලට හ¾දුන්වා දෙනවා. ඒකෙ කියන්න රාජ්‍ය ආයතන අත්හරින්න කියලා. අද කර්මාන්ත අත්හැරලා. මීට පෙර තිබුණු රෙදි ජනපද අත්හැරියා. පිටරටින් රෙදි ගෙන්වූවා. පහුගිය දශක ගාණ තුළ රාජ්‍ය ආයතන අසූ අටක් විකුණලා තියෙනවා පැවැති ආණ්ඩු. මේ රනිල් යෝජනා කරන පාර, ආර්ථිකය ගොඩනැඟීමේ පාර නොවෙයි. විදේශ සංචිත ශක්තිමත් කරන්න කියලා ආයතන විකුණන් කන පාලකයෝ මොන පාලකයෝද? මේකට කියන්නේ හිඟනකම කියලා. ලාභ ලබන ඔක්කොම ටික විකුණනවා. එදා වේල පිරිමහ ගන්නයි මේවා විකුණන්නේ. එහෙම නැතිව ආර්ථිකය ගොඩ ගන්නට නෙමෙයි. රටක දේවල් විකුණාගෙන කෑම හැර රනිල්ට වෙන උත්තරයක් නැහැ. ලෝකෙ ගත් ණය කපා හරින්න කියලා හැම තැනම උජාරුවෙන් කියනවා. චීනයට, ඉන්දියාවට, ජපානයට, පැරිස් ක්ලබ් එකට ගිහිල්ලා කියනවා ණය කපා හරින්න කියලා. ඒක හයර් කරන්න ජාත්‍යන්තර සංවිධානයකුත් සල්ලිවලට ගත්තා. එහෙව් පාලකයෙක් මේ රනිල් කියන්නේ. කට්ටිය බලන් හිටියා විදේශීය ණය කපයි කියලා. ජනගහනය දෙකෝටි විසි ලක්ෂයයි. ණය කෝටි 27 ලක්ෂයයි. මේකෙන් කෝටි ලක්ෂ දාහතරක් විදේශීය ණය. කෝටි ලක්ෂ 13ක් දේශීය ණය. ආණ්ඩුව දේශීය ණය කපන්න

යනවා. ඒ වගේම දේශීය ණය කපන්න කියලා රනිල් බැංකුවලට තර්ජනය කරනවා. මැයි මාසේ ණය කපන්න යනවා. රනිල් අද බැංකුවලට තර්ජනය කරන්නේ ඒ හින්දා. මහජනයා මුදල් තැන්පත් කරන්නෙ බැංකුවේ තියෙන විශ්වාසයට. ඒ මුදල ආණ්ඩුව හොරකම් කරලා ඒ හොරකම් කපන්න ජනතාවගේ සල්ලි ගන්නවා. රුපියල් බිලියන 3,500ක් සේවක අර්ථසාධක අරමුදලෙන් ආණ්ඩුවට ණයට දීලා තිබෙනවා. ඒ ණය කපාහරින්න යනවා. නොමිලෙ උගන්නපු පාඨමාලාවලට ආණ්ඩුව ලක්ෂ ගණන් අය කරනවා දැන්. අයවැය තුලනය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනවා. ඒ අනුව තමයි මේ දේවල් කරන්නේ. ආර්ථිකය වවුල් හපයක් කරලා. ජනතාවට පීඩාවට පත්කරලා. රනිල් විකුණන් කනවා. මේවා දිහා ජනතාව නිවට ලෙස බලාගෙන ඉන්නේ නැති බවත් අපි අවධාරණය කරනවා. අපි ජනතාවත් එක්ක නැඟිටින්න සූදානම්. රනිල් සටන් කරන්නෙ පාර්ලිමේන්තුවයි ව්‍යවස්ථාවයි වගන්ති ඇතුළෙයි. අපි ජනතා බලවේගයක් එක්ක ඉන්නේ. අපි බලමු හැප්පිලා. ජන බලයද? නැත්තම් රනිල්ගේ අටවාගත් ව්‍යවස්ථාද කියලා. දැන් ජනතා විරෝධය වහන්න නීති ගේනවා. ඒවා හින්දා කතා කරන්න, ලියන්නත් බැරි වෙනවා. මිනිස්සු තනිකර මර්දනයට ලක් කරනවා. අපි මේක පරාජය කරනවා හැම ක්‍රියාවකින්ම.

මේ පාර්ලිමේන්තුවේ පොහොට්ටු මන්ත්‍රි කණ්ඩායම රනිල්ගේ දේපොළ ඇපයක් මත ඉන්නවා වගේ. රනිල් පොහොට්ටුවට ජීවිත දානය දීලා වගේ ඉන්නේ. මේ දූෂිත කණ්ඩායම විසින් රට සම්පූර්ණයෙන් විනාශ කළා. පනත් ගෙනත් සම්මත කරගත්තා. ඒවා මහජන මතය ඉස්සරහ සුදු ලියවිලි විතරයි. ජනතාව කඳවුරුවල ගාල් කරන්න රනිල්ට ඉඩ දෙන්නේ නැහැ. මේ මැයි දිනය තමයි උතුරේ දෙමළ ජනතාව, මුස්ලිම්වරු හැම තැනින්ම වැඩිපුරම සම්බන්ධ වුණු මැයි රැලිය. හැම දිශාවකින් ඒකාබද්ධ කරපු මැයි රැලියක්. හැම දේශපාලන කණ්ඩායමක්ම විවිධ ජාතීන් දේශපාලනයට යොදාගන්නවා. ඒත් අපි සියලුදෙනා එක තැනකට ගෙන ආ දේශපාලන ව්‍යාපාරයක් වෙලා තිබෙනවා. මේ රටේ සියලුම දිශාවල ජනයා එකම වේදිකාවකට ගේන්න පුළුවන් අපිට පමණයි. උතුරේ ජනතාවගේ ජීවිත දැඩි පීඩාවට ලක්වෙලා තියෙනවා දීර්ඝ කාලයක්. විස¾දුම් නැතිව බලන් ඉන්නවා. මේ දේශපාලනඥයන් තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑ දෙයක් කරනවා. තමන්ට කියලා ගෙයක් නැති අය ඉන්නවා වතුකරයේ. ජනගහනයෙන් සියයට 50ක් දරිද්‍රතා

රේඛාවෙ. ඉන්නේ අවුරුදු පහට අඩු දරුවන් මන්දපෝෂණයට ලක් වෙලා. මාස අටකට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ සමීක්ෂණ වාර්තාවට අනුව වතුකරයේ ජනතාව හ¾දුන්වන්නේ වහල් කුලීකාරයන් ලෙස. එවැනි රටක් මේ ලංකාව. අපි දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ ඉතාම අසීරු අවධියක් ගත කළා. ඒත් අපට අත්නොහළ යුතු විශ්වාසයක් තිබෙනවා. ඊයේ ඇහුම්කන් නොදෙන දේට අද ඇහුම්කන් දෙයි. අද ඇහුම්කන් නොදෙන දේට හෙට ඇහුම්කන් දෙයි. හැම පාලකයෙක්ටම ජනතාවට ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ නිසා අපි ධෛර්යවන්තව ඉදිරියටත් මුහුණ දෙමු. රට තුළත් විදේශගතව ඉන්න සියලු දෙනාත් අප ගැන විශ්වාසය තබා තිබෙනවා. අද සියලු දේශපාලන පක්ෂ මහජන කලකිරීම, ප්‍රතික්ෂේප කිරීම තුළ කඩා වැටිලා විනාශ වෙලා ඉවරයි. අපි වෙනුවෙන් වචනයක් හරි ලියපු උදවු කරපු හැම කෙනකුට මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. අපේ මූලික කාර්යය අවසන්. ඒත් අවසන් කාර්ය තීරණාත්මකයි. රනිල් නිර්පාක්ෂික කියලා සූම් එකෙන් අද මැයි රැලිය අමතනවා. මිනිස්සු ගාවට යන්න බැහැ. නැතිව රනිල්ගේ නිර්පාක්ෂිකකමක් නෙමෙයි.

ඒක නිසා අපි අවධාරණය කරනවා රනිල්ගේ ව්‍යවස්ථාවේද අණ පනත්වලද බලය එහෙම නැත්නම් මහජනතාවගේ බලයද කියලා. මේ දෙක ටයි ටයි යන්නේ. මේ තරාදියේ බර ජනතාවගේ පැත්තටයි. ඒක තීරණාත්මක සීරු මාරුවක්. එම නිසා බොරු වළ හෝ මරු වැල පාගන්න අපිට බැහැ. අපිට ජනතාව ගැන වගකීම තිබෙනවා.

SendShareShare
Previous Post

ගබ්සා පෙත්තට අනුමැතිය දෙයි!

Next Post

අපේ අය කතාවට මුල් තැන දෙයි! ජනගහණය දෙකෝටි විසිදෙලක්ෂයයි! ෆෝන් තුන්කෝටි දහතුන් ලක්ෂයයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.