ලංකාවේ ඔක්කොම හොරකම් එකතු කරලා බැලුවත් ගල්අඟුරු හොරකමට කිට්ටු කරන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. Sri Lanka Latest News
‘මේ හොරකම වහන්න නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ලොකු උත්සාහයක් ගත්තා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. මම මේක දකින්නේ සීමාවක් නැති හොරකමක් හැටියට. දැනට ගණනය කරලා තියන හැටියට මේක රුපියල් බිලියන තිහක හොරකමක්.මෙච්චර කල් කිව්වේ ලොකුම හොරකම මහ බැංකු හොරකම බවයි.ලංකාවෙ ඔක්කොම හොරකම් එකතු කරලා බැලූවත් ගල්අඟුරු හොරකමට කිට්ටු කරන්න බෑ.ටෙන්ඩරය නිවැරදි බව අනුර ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා.හැබැයි ඒ ගල්අඟුරුවල කොලිටිය බාලයි. ජනාධිපතිගේ කතා ශෛලියෙන් රටේ මිනිස්සු රවට්ටන්න බෑ. ටෙන්ඩර්කරු ලියාපදිංචිය හරියට නොකර මෙය පටන්ගෙන තිබෙන බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා…’ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
මේ අතර, බලශක්ති විද්‍යාඥ, ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන මහතා පසුගිය සතියේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ බාල ගල්අඟුරු ආනයනය කිරීම හරහා රටට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 30ත් 40ත් අතර ප්‍රමාණයක් විය හැකි බවකි.
ඒ අනුව එහි වගකීම භාරගෙන අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා වහාම සිය තනතුරුවලින් ඉවත්විය යුතු බවද අබේගුණවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියේ යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාව ලංකාවේ එතෙක් මෙතෙක් සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව බවත්, එහි පාඩුව රුපියල් බිලියන 10 ඉක්මවා ගොස් ඇති බවත්ය.










