ඉරානයෙන් එල්ල වූ බව පවසන ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන ෆුජයිරාහි ගින්නක් හටගෙන තිබේ. Sri Lanka Latest News
එය එරට විශාලතම ඉන්ධන වරාය සහ ගබඩා සංකීර්ණය වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
සටන් විරාමයට පෙර ඊට ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය.
සිවිල් ආරක්ෂක කණ්ඩායම් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉරාන රජය විසින් ප්‍රතිචාර දක්වා නොමැත.
මේ අතර අදාළ ප්‍රහාරයෙන් ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුහුදු සීමාවට ඉහළින් එල්ල වූ ඉරාන මිසයිල තුනක් සාර්ථකව මැඩපැවැත්වීමට තමන් සමත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෙම හදිසි ප්‍රහාර මාලාව හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී ඇති බවත්, තවත් ගුවන් ගමන් කිහිපයක් වෙනත් ගමනාන්ත වෙත යොමු කර ඇති බවත් Flightradar24 දත්ත වාර්තා පෙන්වා දෙයි.
කලාපීය ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ දැඩි සෝදිසියෙන් පසුවන බව ද වාර්තා වේ.










