අයි.පී.එල්. තරගාවලයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන මේ වනවිට මාලදිවයිනේ නිරෝධායනයට ලක් කර ඇති බව දැනගන්නට ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දියාව අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවීම හේතුවෙන් සියලු ක්‍රීඩකයන් යළි සිය රටවල් කරා යැවීමට පියවර ගෙන තිබිණ.
නමුත් ඉන්දියාවෙන් සංචාරකයන් ලංකාවට ගෙන ඒම අත්හිටුවීම හේතුකොටගෙන මහේල ජයවර්ධන මේ වනවිට මාලදිවයිනට ගොස් එහි නිරෝධායන කටයුතු ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
එම කාලය නිමකිරීමෙන් පසු මහේල යළි ලංකාවට පැමිණීමට නියමිතය.










