2023 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලද පුද්ගල ආදායම් බදු ගෙවීම විනිසුරුවරුන්ගෙන් අයකර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
විනිශ්චයකාරවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලූ සෝභිත රාජකාරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව 2017 දේශීය ආදායම් පනතේ නව ආදායම් බදු සංශෝධනවලට අනුව අයකර ගැනීමට නියමිත බදු, විනිශ්චයකාරවරුන්ගෙන් අයකර නොගන්නා ලෙසත්, 2023 ජනවාරි මාසය සඳහා විනිශ්චයකාරවරුන්ගේ වැටුපෙන් අඩුකරගත් ආදායම් බදු අත්තිකාරම් සහිත චෙක්පත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීම තාවකාලිකව නවත්වන ලෙසත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සියලු අධිකරණ ගණකාධිකාරිවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් වෙත ලිපියක් යොමුකර ඇත.
