• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔපෙරා ශෛලියට ජාතික ගීය ගයද්දී උමාරාට වෙච්ච දේ ඉන්දිකා උපමාලි හොයාගනී! උමාරාට පණිවුඩයකුත් තියයි! Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ඔපෙරා ශෛලියට ජාතික ගීය ගයද්දී උමාරාට වෙච්ච දේ ඉන්දිකා උපමාලි හොයාගනී! උමාරාට පණිවුඩයකුත් තියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උමාරා ජාතික ගීය විකෘති කළාද?Sri Lanka Latest News

උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ තවමත් හදාරමින් සිටින නිසාත් මට සැමදා ඒ පිළිබඳ ව ඇති කුතුහලය නිසාත් ,ඒ පිළිබඳ ව ලියන්න හිතුනා.

මුලින්ම කියන්න ඕනෙ උමාරා කියන්නෙ කුසලතා පිරි ගායිකාවක් බවත් ඇය ගායනා කළ වස්සානයට,මලකුත් තිබුණා වැනි ගීත මා බෙහෙවින්ම ප්‍රිය කරන ගීත බවත්.මා පළ කරන අදහස් කිසි වෙකුටත් පහර ගැසීමකට නොව ලංකාවෙ සංගීත භාවිතය සම්බන්ධ ව ඇති විවිධ ගැටලු කාරී තත්ත්වයන් කීපයක් ( මට වැටහෙන ආකාරයට) පිළිබඳ අදහස් බෙදාහදා ගැනීම අප කාහටත් හොඳයැයි සිතූ නිසා මේ සටහන ලියනා බවත්.

මේ ගායනය සම්බන්ධව මතුව එන කාරණා කීපයක් තියෙනවා.

පළවෙනි එක උමාරා ගේ හොඳ ගැයුම් අප කොතෙක් අසා තිබුණද ජාතික ගීයෙහි ගායනයෙහි ප්‍රධාන ගැටලු කීපයක්ම දක්නට ලැබීමයි.

1 හුස්ම කළමනාකරණයෙහි දොස්,

2 එම හේතුව නිසාම වචන සහ වාක්‍ය කැඩෙන තැන් වල දොස්,

3 තැනක දෙකක ශෘති සම්බන්ධ ගැටලු.

4 උච්චාරණ දෝෂ

ඇගේ ගායනය තුළ ඇය සැබෑවටම “මහතා” ලෙස උච්චාරණය නොකරනවා යන්නයි මගේ අදහස. ඇය ගයන්නේ මාතා කියලා තමයි.නමුත් ගායනයේදී ඇය විසින් ඇති කරනු ලබන තාක්ෂණික කාරණයක් මුල් කොට “හ” යනුවෙන් ශබ්ද වේ.

දැන් ඈ ශබ්ද කළ හ යන්න පසෙක තබා ඔපෙරා ගායන ශෛලිය පිළිඹඳ මගේ අද්දැකීම් ටිකක් බෙදා ගන්නම්. බටහිර ඔපෙරා ගායන සම්ප්‍රදාය කියන්නෙ ඉතාලි භාෂාව සමග වර්ධනය වූ කලාවක්. පසුව ප්‍රංශ,ජර්මන්,රුසියානු,ඉංග්‍රීසි ආදී තව නොයෙක් යුරෝපීය භාශාවන් එක්ව අදද වර්ධනය වෙමින් විවිධ හැල හැප්පීම් වලට මූණ දෙමින් යාවත් කාලීන වන කලාවක්.ඔපෙරා ගායන ශෛලිය තුළ බස හැසිරවීම ,මෙහෙ පමණක් නෙවි යුරෝපයෙත් මතභේද වලට ලක් වෙච්ච අවස්ථා එමටයි. එමනිසා ජර්මානු ජාතික වාග්නර් ගේ ඔපෙරා ඔහු හැඳින්වූයේ “සංගීත රංග” යනුවෙන්.භාෂාව පිළිබඳ ප්‍රෂ්ණ අපට පමණක් නොවේ යුරෝපයෙත් තිබුණා.

අනික ඔපෙරා ගායන සම්ප්‍රදාය හැදෑරීම යනු ඔලිම්පික් වලට යන ක්‍රීඩකයෙක් අවුරුදු ගානක් තම ශරීරය,ඉරියව් ,කෑම බීම ,චර්‍යාවන් සියල්ල මනාව පාළනය කරමින් කැපවෙන්න ඕන කලාවක්. උදරයේ මාංශපේෂීන් ගේ සිට ශරීරයේ ඉරියවු චලන පවා පුහුණු කළයුතු කලාවක්..වගේම බටහිර ඔපෙරානම් ඉතාලි,ප්‍රංශ,ජර්මන් වැනි භාෂාවන්ද ප්‍රගුණ කළ යුතුයි. ඔපෙරාවේ ආරියා ගායනයන්ට අමතරව රෙසිටෙටිව්ස් ,(කතා අඬහැර,) ගායනාද වෙනම ප්‍රගුණ කළ යුතුයි.

උමාරා නංගිට අතපසු උනේ මොකද්ද?

සාමාන්‍යයෙන් බටහිර ඔපෙරා ගායන vowels ස්වර ,ගැයුමේදී හඬ භාවිතය සහ උච්චාරණය, උගුරෙහි පසුපස දෙසට යෙදෙන අතර,ග්‍රසනිකාව ආශ්‍රය කරගෙන,හඬ උදරය දෙසට ,එසේත් නැත්නම් යටිබඩ දෙසට තෙරපීමක් සිදු කරයි.තවත් විධියකින් කියනවා නම් මහාප්‍රාචීරය පහළට තෙරපීමක් කරයි එවිට ස්වර කන්ඩනය නොවී ඇදෙන ස්වරයක් ලෙස( legato) මනාව ගැයේ. හඬටද යම් බරක් හිමිවෙන අතර විබ්‍රාටො vibrato තාක්ෂණය පවත්වා ගැනීම ද පහසු වේ. Vibrato තාක්ෂණය සඳහා මෘදු තල්ලෙහි භාවිතය පිළිබඳ වද අවබෝධයක් තිබිය යුතුය. මේ සියලු තාක්ෂණික ගායනයන් සිදු කෙරෙන්නේ මනා හුස්ම කළමනාකරණයකිනි.

ප්‍රමාණවත් ව හුස්ම නොමැති කමත්,අදාළ තැනෙහිදී එය හුස්ම මගින් හඬ උස් පහත් නොකිරීමත් නිසා “හ “අකුර උගුරෙන් යන්තම් ශබ්දවෙනවා.කෙටියෙන් කියනවානම් එය නිවැරදි ඔපෙරා තාක්ශණය නොවේ.ඇත්තටම වාහනේක ගියර් දානවා වගේ ඔය ශ්‍රී ලංකා මාතා කොටසෙදි හුස්ම මගින් පහළට තෙරපුමක් දෙන්න අවශ්‍යයි .උමාරා නංගිට මොනයම් හේතුවකින් ඒ අවස්ථාව ගිලිහෙනවා.

එක්කො එයා පුරුදු වෙච්ච විධිය,

එක්කො එයා ඒ තාක්ෂණය නොදැන සිටීම

එක්කො එදින ඈ අසනීප තත්ත්වයෙන් ඉන්නට ඇති. නොයෙකුත් අසනීප තත්ත්වයන් ගැස්ට්‍රයිටිස්, ආතතිය,නිදි මැරීම,අධික තෙහෙට්ටුව වැනි අවස්ථා වන් හිදී අපට හුස්ම පාළනය කරගන්න බෑ.කොපමණ වැඩ දැනං හිටියත්. සජීවී ගායනයක් කියන්නෙ එදා දවසෙ අපි බොහොම පරිස්සමෙන් සැහැල්ලුවෙන් එය පවත්වාගෙන යායුතු කලාවක්.

අපටම කියලා ගායන සම්ප්‍රදායක් තියෙනවද??

මං කියනවා නෑ කියලා.

අපි ගයන හින්දුස්ථානි රාග ශෛලිය ඉන්දියාවෙ එක නෙමෙයි,ඒක සිංහල කටවල් වලින් කියන සිංහලට අනුව යම් යම් සියුම් වෙනස්කම් එක්ක ,කාලයක් තිස්සෙ අපිම හදං යන එකක්. අනික රාගධාරී සංගීතයේ එන බඩා ක්‍යාල් සහ චොටා ක්‍යාල් වල එන පබැඳුම් කිසිම තේරුමක් නොදැන අපි කොපමණ කලක් කියා ඇද්ද?දැන් නම් මං දකිනවා අපේ කැම්පස් ආචාර්ය මණ්ඩලයෙ රශ්මි මිස්ලා අසිත් සර්ලා වගේ අය එහි අරුතත් කියා දෙනවා වගේම හින්දි බසත් උගන්වනා.

සෞන්දර්යෙට ළමයි ගන්න පරීක්ෂණ යෙදි ප්‍රාදෙශීය මට්ටමේ රාග ගැයුම් ඇහෙනවාඒ දරුවන්ගෙන්.ස කියලා කට අරිද්දිම ඒක ඉන්දියානු ස නෙමෙයි.අපේ සිංහල බසෙහි නාසික්‍ය ලක්ශණ රැගත් එකක් බොහෝවිට..එක් එක් ගුරුවරුන්ගෙ උච්චාරණයන් ට අනුව පුහුණුව ලැබූ දරුවන්ගෙන්.මොකද කීයෙන් කී දෙනයිද ඉන්දියාවෙ ගිහිං ඉගෙන ගෙන ආපු ආචාර්ය වරු ලංකාවටම ඉන්නෙ.

අපේ බටහිර ගායනාත් එලෙසමයි.මං බටහිර ගායනය පළපුරුදු ගුරුවරු කීපදෙනෙකුගෙන් ඉගෙන ගත්තා.එක් එක් කෙනා ගෙ ක්‍රමවේද විවිධයි.ඒක නොවලැක්විය හැකි කාරණයක්.කෙනෙකුගෙ හඬකට ඒ කෙනාගෙ ආකල්ප පවා බලපානවා.

ජන ගීත් එහෙමයි, ස්වර සප්තකය නිවැරදි ශෘතිමත පිහිටා ගයන්න ඉගෙන ගත්තු අපි කොහෙද ගැමියගෙ අමු හැඟීම ගන්නෙ. අපිට තියෙන්නෙ එහෙන් මෙහෙන් එකතු කරලා කිසිම නිර්නායකයක් නැතුව හිතුමනාපයන්ට අනුව අනුවර්තනය වූ හදාගත්තු භාවිතයක්.

අද රියැලිටි වැඩසටහන් වල වැරදිම ආභාශයක් තමයි හැම ගායන සම්ප්‍රදායක්ම ඒ ගායන සම්ප්‍රදාය ට අදාළ ශික්ෂණ කාලයක් ගෙන පුහුණු නොවී. හුදු අනුකරණයෙන් ගැයීම.තරග කරුවන් පමණක් නොවේ විනිශ්චය මණ්ඩලවල සාමාජිකයින්ද එසේ ගයා පෙන්වනවා.ඒක අපි කාගෙවත් වරදක් නෙමේ ගීත හැර අපට පැහැදිලි නිර්ණායක මත ගොඩනැගුනු සංගීත කලාවක් නොමැති කමේ අවුල.සහ හැදෑරීමක් නොමැති කම.ඕනෙම ගායන ක්‍රමයක් මට පුලුවන් යන තැනට තරග කරුවන් සහ වත්මන් තරුණයන් පත්වීම..සහ සියලු විජ්ජාවල් විනාඩි තුනේ ගීතය තුළ කර පෙන්වීමට උත්සාහ දැරීම.ලංකාවෙ ගීත ගැයීම හැර වෙනත් ගායන ශානරයන් නොමැති නිසා.අප හටද වරින් වර හඬට නොයෙක් වර්ණ ගන්වන්නට සිදුවී ඇත.(අකමැත්තෙන් වුවද)

විබ්‍රාටෝ සහ සිරස් අතට කට ඇරලා උච්චාරණය කියන්නෙ ඔපෙරා ශෛලිය නොවේ.ඔපෙරාවෙහි ගැඹුර ගැන කතා කිරීම මෙහි මූලික අරමුණ නොවන නිසා. ඒක ගන්නෑ මේ මොහොතෙ. ඕනෙම සම්ප්‍රදායක් අනුකරණාත්මකව ගයන්න ගියොත් අමාරුවෙ වැටෙනවා..

හැබැයි අපේ රටේ වෙනත් කලාවන් කෙසේ වෙතත් සංගීතය සම්බන්ධ බොරු කරන්න හරිම ලේසියි.මොකද අපි සංගීතය කියලා තවම හිතං ඉන්නෙ භාෂාව නිසා.උමාරා නංගිගෙ ගැයුමෙත් සංගීතය සම්බන්ධ ඉහත මම සඳහන් කළ තාක්ෂණික දෝශ කොපමණ තිබුණත් අපට ප්‍රශ්ණය උනේ ” හ” යන්නක්. ඒ කියන්නෙ උච්චාරණ දෝසයක්.ඒ කියන්නෙ අපේ කන්දෙක භාෂාවට මිස සංගීතයට සංවේදී නෑ.. උමාරගෙ ගැයුමෙ නෙමේ අනාධිමත් කලෙක පටන් අපි පිච් අවුට් ගැයුම්,අමු හඬවල්,(සුසර නැති) හිතූ හිතූතැන්වල හුස්ම හිරවෙන ගැයුම්,ටොන් ගණන් අහගෙන එන්නෙ ..අපිට ඒවා ප්‍රශණ නෙමේ .ගීතයෙ පදටික වැරදුනෙ නැතිනම් එච්චරයි .ඒ කියන්නෙ අපි තවම හිතන්නෙ ජාතික සංගීතය කියන්නෙ භාෂාව කීයලා.භාෂාව සංගීතයේ ප්‍රධානම අංගයක් තමා.භාශාවක් නැතුව අනන්‍යතාවයක් නෑ. ඒත් භාෂාවම සංගීතයේ සංරචකයක් ලෙස වර්ධනය උනානම් බසත් තව පොහොසත් වේවි.

දැන් මම කියන්න යන්නෙ තවත් කතාවක්. ලංකාවෙ ඔපෙරාව සම්බන්ධ ව වරින් වර රතු එළි පත්තු වෙනවා.කොහොමින් හරි මේ කතා බස් එක්ක මං මගෙ යාලුවෙකුට කිවුවා.පෙරට වඩා කොහොම හරි මිනිස්සු ඔපෙරා ගැන දන්නවා නේද කියලා.එයා මගෙන් ඇහුවා. ඒ දන්නෙ

ඔපෙරා කියන වචනෙද?

සංකල්පයද?

භාවිතය පිළිඹඳවද මිනිස්සු දන්නෙ කියලා ඒ මොහොතෙයි මාත් ඒ ගැන හිතුවෙ.මං හිතන්නෙ බොහෝ දෙනා දන්නෙ වචනෙ පමණයි,

දේවාර් සූරියසේන,වැනි ශිල්පීන්ද,කේමදාස මාස්ටර්, සිංහල ඔපෙරා හඬ සම්බන්ධ ව පර්‍යේශන කළා.ඒ වගේම කිශානි ජයසිංහ වැනි ඔපෙරා ගායිකාවන් දන්නෝබුදුන්ගේ වැනි ගීත එම ශයිලියෙන් ගැයීමට ගොස් මේ වගේම දෙබරෙට ගල්ගැසීමක් සිදු උනා.ඇය දක්ෂ ඔපෙරා ගායිකාවක්.ඔය අතරේ කේමදාසයන්ගෙ අග්නි ඔපෙරාවෙ ශ්‍රියා ආරියාව විදෙස් රටක music composer කෙනෙක් දැවැන්ත සන්ධ්වනි සංගීත කණ්ඩායමක් සමඟ,තරංගා ගුණතිලක විසින් ගායනා කෙරෙනවා.

කේමදාසගෙ පිරිනිවන් මංගල්ලය,මානසවිල ගැයුම් සඳහා විෂය ප්‍රවීණයන්ගෙන් නොයෙක් උපහාසාත්මක කතා අසන්නට ලැබුණා.පසුකාලීනව වර්ණදාසි,දොරමඪල,අග්නි වෙද්දි ඒ තත්ත්වයන් යම් මට්ටමකට දුරුව ගොස් තිබුණා.කේමදාසගේ ඔපෙරා බටහිර ඔපෙරාවට සමාන නෑ,එහෙමත් නැත්නම් මේවා ඔපෙරාද? ඔපෙරාවල නැටුම් නෑ නෙ,හඬවල් මීට වඩා ප්‍රබලයි නෙ.වගේ අදහස් අපටම හිතෙන්න ගත්තා. ,කෙසේ හෝ මේවා බරහිර ඔපෙරාවට සමාන නෑ කියන ගානට කේමදාස මාස්ටර් ඒවා ට දේශීය අනන්‍යතාව ක් දුන්නා.ඔහුගෙ නිර්මාණ වල තානීය ගුණය සහ අලංකාර පැහැදිලිවම පෙරදිග අනන්‍ය ලක්ශණ පෙන්වන වෙනම තාක්ෂණික ක්‍රමවේදයක්. හුස්ම භාවිතය (ගායනයේදී) පවා බටහිර ශෛලියට හාත්පස වෙනස් වූවක්. .ඒ නිසා වෙන්න ඇති පසුකාලීනව ඔහුගේ නිර්මාණ ප්‍රේක්ෂකයා වෑළඳ ගන්නෙ.ඒත් අදටත් ඔපෙරා ශෛලිය කියන්නෙ ලංකාවට සහ සිංහල බසට ආගන්තුක පර්‍යේශණාත්මක මට්ටමේ තියෙන එකක්.

ජාතික ගීය ඔපෙරා ශෛලියෙන් නොගැයිය යුතුයැයි යන අදහසේ මම ඉන්නෙ නෑ.මොකද මම පවා මහත් අභිමානයකින් එය එම ශෛලියෙන් ගැයුවොත් කොයිවගේදැයි කියා ගෙදර ඉද්දි ගයා බලා තියෙනවා. කෙසේ වෙතත් ගායනය යනු සියුම් කලාවක්. ඒකට නිශ්චිත හැඩයක් කියන්න බෑ.ඒක දවසගානෙත් වෙනස් වෙන දෙයක්.එක හැඟීමකට ඔබේ හඬ දිව්‍යලෝකෙට ඇහෙන්න ගායනා කරවන්න පුලුවන් වගේම.ඔබව සදාකාලිකව ගොලුකර දමන්නත් පුලුවන්.උමාරාට එදා සිදුවූ දේ බොහෝ දුරට ශ්වසනයේ අපහසුතාව නිසා සිදුවූ දොසක් විය හැකියි. එය එසේ නම් මං ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..සජීවී ගැයුමක් කියන්නෙ ලේසිපාසු දෙයක් නෙමේ.කෙසේ වෙතත් ජාතික ගීය ගයද්දි,රට මොන තරම් බංකොලොත් උනත් ඕනම මිනිහෙකුට තමන් රටට තියෙන ආදරේ හැඟීමෙන් ප්‍රකාශ වෙනවා.උමාරගෙ ගැයුමෙ ඊලඟ අඩුව එය හැඟීම් විරහිත ගැයුමක්.කටහඬ කියන්නෙ තම තමන්ගෙ අයිතියක්. නමුත් කන කියන්නෙ සංස්කෘතික මෙවළමක්.ඔන්න ඔතනයි ප්‍රශ්ණෙ.

ඉන්දිකා උපමාලි

SendShareShare
Previous Post

තුල්හිරියේදී බස් රථ අනතුරක්! තුන්දෙනකු මරුට! PHOTOS! Sri Lanka Latest News

Next Post

රනිල් අලුත් ත්‍රිකෝණයක් හදන වැඩේ රමේෂ්ට බාර දෙයි! Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු එජාප නියෝජිතයන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.