ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතය.Sri Lanka Latest News
ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව ලංකාවට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන NAAM 200 උත්සවයට සහභාගී වීම සදහා ඇය මෙසේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
එහි ප්‍රධාන දේශනය ඇය විසින් පැවැත්වීමට නියමිත අතර ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවකටද ඇය එක්වීමට සැලසුම් කොට ඇත.
එමෙන්ම ත්‍රිකුණාමලයේ සහ යාපනයේ සංචාරය කොට State Bank of India හි ශාඛා දෙකක් විවෘත් කිරීමටද සීතාරාමන් මහත්මිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.