වහාම පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය යුතු බව පක්ෂ නායකයන් විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දැනුම් දීමක් කොට ඇත.
ඊයේ මැතිවරණ කොමිසම විසින් කැදවා තිබූ රැස්වීමකදී පක්ෂ නායකයන් විසින් මේ බව දැනුම් දී තිබේ.
අද පාර්ලිමේන්තු රැස්වීමේදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්ද මේ බව සදහන් කර සිටියේය.










