මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.Sri Lanka Latest News
එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද දැනුම් දී තිබේ.
මීට පෙර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ නිවේදනයේ ද වැඩිදුරටත් සඳහන් වන්නේ, පහත සඳහන් කරුණු සපුරාලීම මත කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවය.
(i) පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.
(ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දායකත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම.










