ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය ඉදිරි කාලයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
දින 2ක සංචාරයක් සදහා මෙසේ ඉන්දියාවට පැමිණෙන මූල්‍ය අරමුදලේ ප්‍රධානී ජෝර්ජියාවා මහත්මිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමගද සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙහිදී දකුණු ආසියාවේ මතුව ඇති ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් මෙන්ම ලංකාවේ තත්ත්වය පිළිබදවද දීර්ඝව සාකච්ජා කෙරෙනු ඇති බව පැවසේ.
එම සාකච්ජා සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද ඉන්දියාවට ගෙන්වීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.










