තමන්ගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්, ආණ්ඩු පෙරළීම සදහා සියලු පක්ෂ එක තැනකට එක් විය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පක්ෂය ඇතුළේ කුමන්ත්‍රණයක් කරනවා නම් එසේ කිරීමට සිටින්නේ තමන් බවත්, තමන් කිසි විටෙක එවැන්නක් සිදු නොකරන බවත් ඒ මහතා කීය.
කෙසේවෙතත් පසුගියදා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගැනීම අනවශ්‍ය ක්‍රියාවක් ලෙස පෙන්වා දුන් හරීන් ප්‍රනාන්දු මහතා එවැන්නක් සිදු කළේ ඇයිද යන්න සම්බන්ධයෙන් තමන් සිටියා නම් ප්‍රශ්න කරන බවද කියා සිටියේය.










