මැයි 6 වැනිදා වනවිට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉල්ලා අස්නොවුණහොත් මුලු රටම අකර්මණ්‍ය වන බව වෘත්තීය සමිති නියෝජිත රංජන් ජයලාල් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සියලු වෘත්තීය සමිති දැවැන්ත හර්තාලයකට මේ වනවිට සූදානම් වෙමින් සිටින බවත්, එය ආපසු හැරවිය නොහැකි බවත්ය.
එම නිසා 6 වැනිදාවක් උදා කරවීමට ඉඩ නොතබන ලෙසද ජයලාල් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
රටේ ඔළුගොඩි වෙනසක් කිරීමෙන් පලක් නොමැති බවද ඒ මහතා කීය.










