තමාට දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් නොමැති බවත්, දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති මහ මැතිවරණ ව්‍යාපාරවලදී තම පියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පමණක් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා සදහන් කරයි.
තමා වයඹ පළාතේ මහ ඇමති ආසනයට තරඟ කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් රෝහිත රාජපක්ෂ මහතා පැවසුවේ තමා දේශපාලනයට සම්බන්ධ වීමට කිසිදු අදහසක් නැති නමුත් ජනතාවගේ යහපත උදෙසා සමාජ ව්‍යාපෘති වලට සම්බන්ධ වන බවයි.
රෝහිත පැවසුවේ තමන් කුරුණෑගල ජනතාව සමඟ වැඩ කරන නමුත් අනාගතයේදී තරඟ කිරීමේ අදහසින් ඔහු එය නොකළ බවයි.
“මගේ පියා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබා මහ මැතිවරණය ජයග්‍රහණය කළා. මැතිවරණ ව්‍යාපාරවලදී මම ඔහු සමඟ සිටි අතර ඔහු අගමැති වූ බැවින් ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ වගකීම මට පැවරී තිබුණා. එම කාර්යය මම හොඳ හිතින් කළ ක්‍රියාවක්’ බව රෝහිත පැවසීය.
“අග්‍රාමාත්‍යවරයා මුළු රටම රැකබලා ගන්නා අතරේ කුරුණෑගලට පමණක් කැපවීමට ඔහුට වැඩි කාලයක් නෑ. ඒ නිසා ඔවුන්ගේ දුක් ගැනවිලි සොයා බලා ඔවුන්ගේ ගැටලු විසඳීමට මට බාර වී තිබෙනවා,” ඔහු පැවසීය.
රෝහිත වැඩිදුරටත් කියා සිටියේ තමා මෙම සමාජ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වූයේ හොඳ හිතින් මිස ඡන්ද ලබා ගැනීමේ අදහසින් නොවන බවයි.