• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම එජාපයෙන් බිහිවූ 4 වැනි ජනාධිපතිවරයා! අරගලය දැන් ඉවරයි! දෙවන අරගලයට ලෑස්ති වෙන්න! රනිල් එජාපයේ 76 වැනි සංවත්සරයේදී කියයි!

September 7, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
මම එජාපයෙන් බිහිවූ 4 වැනි ජනාධිපතිවරයා! අරගලය දැන් ඉවරයි! දෙවන අරගලයට ලෑස්ති වෙන්න! රනිල් එජාපයේ 76 වැනි සංවත්සරයේදී කියයි!
Share on WhatsAppShare on Facebook

පළමු අරගලය අවසන් අතර රට ගොඩනගන දෙවන අරගලය මෙතැන් සිට අරඹමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා සියලු පක්ෂවලට කිසිදු බේදයකින් තොරව එක්වන ලෙස ආරාධනා කරන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ තමන් වෙනුවෙන් නොව මතු පරපුර වෙනුවෙන් බලවත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බවත් කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය අමතමිනි
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

අපි අද සිහි කරන්නේ අපේ පක්ෂය හැදූ නායකයින්. ඩී.එස්. සේනානායක මැතිතුමා, ඩඩ්ලි සේනානායක මැතිතුමා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා, ජේ.අර්. ජයවර්ධන මැතිතුමා, ආර්. ප්‍රේමදාස මැතිතුමා, ඩී.බී. විජේතුංග මැතිතුමා මේ අය තමයි මේ පක්ෂය හැදුවේ, මේ අය තමයි මේ රට හදන්න ක්‍රියා කළේ.

ඒ අයගෙන් ඉගෙනගෙන තමයි අද මම මෙතැනට ඇවිල්ලා තිබෙන්නේ, මම අද කතා කරන්නේ මේ පක්ෂයෙන් බිහි වුණ හතරවන ජනාධිපතිවරයා හැටියටයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්ට වඩා වෙනස් තත්ත්වයක් මට තියෙන්නේ. මට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් නැහැ. අද අපි සියලු දෙනා එකතුවෙලා මේ ආණ්ඩුව ගෙනියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් පක්ෂ ගණනාවක සහයෝගයෙන් මෙම ආණ්ඩුව ගෙනියනවා.

අද රට විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මම හිත්නනේ නැහැ මේ රටේ ඉතිහාසයේ මීට පෙර මෙ වැනි අර්බුදයක් තිබුණා කියලා. අද ආර්ථිකය කඩා වැටිලා. අන්න එතනට තමයි අද අපට විසඳුම් සොයන්න තිබෙන්නේ. මේ අර්බුදය මැදටයි මම ඇවිල්ලා තිබෙන්නේ. අනිත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හැටියට, ජනාධිපතිවරු හැටියට තනතුරු දෙන්න මට අද තැනක් නැහැ.අද ජනතාව පීඩනයෙන් ඉන්නේ. සමහර අයට තුන් වේලක් කන්න බැරි තැනකට පත් වෙලා. විරැකියාවෙන් ඉන්නේ. මට ඔබට දෙන්න පුළුවන් දහඬියයි, මහන්සියයි, විවේචනයයි. අපේ දහඬියෙන්, මහන්සියෙන් අපි සියලු දෙනා යළිත් මේ රට නියත වශයෙන් ගොඩනගනවා කියලා මම බය නැතිව ප්‍රකාශ කරනවා.

ගිය අවුරුද්දේ අපේ සංවත්සරය පැවැත්වුයේ සූම් තාක්ෂණය ඔස්සෙයි. එදා සහභාගීවුණ අයට මම කිව්වා අද මේ රටේ තරුණ තරුණියන් වත්මන් දේශපාලනය පිළිකුල් කරනවා. ආණ්ඩුව රට රවට්ටනවා. විපක්ෂය විවේචනයට සීමා වෙලා තිබෙනවා. ජනතාව රටක ප්‍රතිපත්ති දේශපාලනයක් බලාපොරොත්තු වෙනවා. නවීන දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා කියා. නමුත් අපි කවුරුත් ඒක අනුගමනය කළේ නැහැ. අන්තිමට පීඩනය වැඩිවෙලා මේ රටේ තරුණ තරුණියන් අප්‍රේල් මාසයේ අරගලය ආරම්භ කළා.

එය සාමකාමී අරගලයක්. ඒ අයගේ දක්ෂතා පෙන්නුවා. ඒ අයගේ හැකියාව පෙන්නුවා. ඒ අයට වුවමනා ඉල්ලීම් මොනවද කියලා ප්‍රකාශ කළා. මේ සියල්ලට අපි එකග වුණත්, නැති වුණත් අගය කළා. පළවෙනි වතාවට තරුණ තරුණියන් තුවක්කු අරගන්නේ නැතිව රටට වෙනසක් වුවමනායි කියලා ප්‍රකාශ කළා. එවැනි ව්‍යාපාර හොඳ හිතින් ගෙන යන එක අමාරුයි. මොකද ඒක ඇතුලේ ප්‍රචණ්ඩත්වය මුල්කරගෙන පෙරටුගාමීන් ඉදිරියට ආවා. ප්‍රචණ්ඩත්වය රජ කළා.

ජූලි 09ත් 13ත් අතර රටේ පාලනය නවත්තලා පාර්ලිමේන්තුව අල්ලගන්න ක්‍රියා කළා. මේක අසාර්ථක වුණහාම ඒ සමගම ඒ අරගලයත් නැති වුණා. ඒකේ නරක නිසා හොඳත් නැති වුණා. ඒත් අරගලය මෙතැනින් නැති වුණාට ඒ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු නැති වෙලා නැහැ. ඒවා ඉදිරියට ගෙනයනවා. ඔවුන්ගේ ඒ බලාපොරොත්තු අප ඉටුකළ යුතුයි.

මේ කාල සීමාව තුළදී ආණ්ඩුවක් ලෙස 22 වෙනි සංශෝධනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක සම්මත කරගන්න ඕන. අපි එතැනින් අවසන් කරන්නේ නැහැ. ව්‍යවස්ථාව තවත් සංශෝධනය කරන්න තිබෙනවා. විශේෂ ජනාධිපති කොමිෂම් ඉවත් කරන්න තිබෙනවා. ව්‍යවස්ථාවට පටහැනි නීති සම්මත කරන බලය ඉවත් කරන්න තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න තවත් කරුණා ගණනාවක් තිබෙනවා. අපේ ව්‍යවස්ථාව ඒ අනුව සංශෝධනය විය යුතුයි. අපි අධීක්ෂණ කමිටු ආරම්භ කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයෙත්, විපක්ෂයේත් මන්ත්‍රීවරු සභාපතිකම් ලබා ගන්නවා. උප කමිටුවල සභාපතිධූර ලබා ගන්නවා. ඒ මන්ත්‍රීවරුන්ට වගකීම් ලබා දිය යුතුයි.

දැන් පක්ෂ නායකයින් ඒ පිළිබද කථානායකතුමා සමග සාකච්ඡා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව මුදල් පාලන බලය ශක්තිමත් කර තිබුණා. ඊට අමතරව කෝප්, කෝපා කමිටු, රජයේ මුදල් කමිටුවට අමතරව තවත් කමිටු 03ක් අපි පත් කරනවා, විශේෂයෙන්ම රජයට ආදායම් ලබා ගැනීම, බැංකු පිළිබඳ පරීක්ෂා කිරීම, රාජ්‍ය ව්‍යපාර ප්‍රතිව්‍යුහගත කරන්න. පාර්ලිමේන්තුවට වෙනම අයවැය කාර්යාලයක් ලබා දෙනවා.

මේ හැම එකකටම වඩා වැදගත් එකක් තමයි “ජාතික සභාව” පක්ෂ නායකයින්ගෙන් යුතු මණ්ඩලයක් එකතු වෙලා අවම වැඩසටහනකට අපි එකතු වෙන්න. අගමැතිවරයා මට කිව්වා මේ සතියේ කතා කරලා ඒක අවසන් කරන්න කියලා. පාර්ලිමේන්තුව ඒ ගැන කටයුතු කරන හැටි මම බලාගෙන ඉන්නවා.

ඒ එක්කම තව අලුත් නීති ගේනවා. ත්‍රස්තවාදය මැඩලීමේ පනත වෙනුවට අලුත් නීතියක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම සත්‍ය කොමිෂම පිළිබඳ අලුත් නිතියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සමානාත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයේ තට්ටු නිවාස ලබාදෙන්න, ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දෙන්න නව නීතියක් ඉදිරිපත් කරනවා. දේශගුණික විපර්යාස අවම කිරීමේ අලුත් නීතියක් ගෙන්න බලාපොරොත්තු වෙනවා.

යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරනවා. මේවා මර්දනයන්ද, මේවා ඔක්කොම ගේන්නේ රට ශක්තිමත් කරන්න. අලුත් පාලනයක් ඇති කරන්න. මේ හැම එකකටම වඩා වැදගත් යෝජනාව තමයි ජන සභාව. අපේ හිටපු කථානායක කරූ ජයසූරිය මහතාත් යෝජනා කරලා තිබෙනවා ඒ යෝජනාවේ පිළිඅරගෙන තිබෙනවා.

මේ රටේ දේශපාලනයෙන් තොරව ජනතාවට වැඩකටයුතුවලට සහභාගී වෙන්න සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම ජන සභාවක් ඇති කරන්න ඕන. ප්‍රේමදාස ජනාධිපතිතුමා ග්‍රාමෝදය මණ්ඩලය යෝජනා කළා. දේශපාලනයෙන් තොරව රටේ පාලන කටයුතුවලට සහභාගීවෙන්න ජන සභාවක් ඇති කරන්න කියලා ප්‍රේමදාස ජනාධිපතිතුමන් යෝජනා කළා. එ වගේම ග්‍රාම සේවා වසම් 14,000න් අදහස් ලබාගෙන රට සංවර්ධනය කරන්න පුළුවන්. ව්‍යවස්ථාව ගැන, නීති ගැන තමන්ගේ ගම ගැන මෙහිදී අදහස් ලබාගන්න පුළුවන්. ඒක විශාල වැඩ කොටසක්. මේක ස්වෙච්ඡාවෙන් කරන එකක්. මේ ව්‍යාපෘතියට ආණ්ඩුවේ සහයෝගය ලබාදනේන මම බලාපොරොත්තු වෙනවා. කැමැති නම් මේ පිළිබඳ නීතියක් වුණත් සම්මත කළ හැකියි.

දේශපාලනය දේශපාලනඥයින්ට පමණක් සීමා කරන්න එපා. රටේ ප්‍රධාන වැඩකටයුතු දේශපාලනයෙන් තොරව ජනතාව එකතු වෙලා කරමු. අද බොහෝ දෙනෙක් කියන්නේ වෙනසක් ඕන කියලා, ක්‍රමවේදය වෙනස් කරන්න කියලා මොකද්ද අපි කරන්නේ. ටිකදෙනකේ එකතු වෙලා මේ පිළිබඳ කතා කරනවාද නැතිනම් සියලුදෙනාම එකතුවෙලා රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයනවාද කියන එකයි වැදගත්. මුළු ගමම එකතු කරගෙන කරනවාද කියලා හිතන්න ඕන. පක්ෂ නැති අය එක්සත් ජාතික පක්ෂයේ, පොහොට්ටුවේ අය මේ සියලු දෙනා එකතු කරගෙනයි ගම් 14,000 ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. අපි ප්‍රශ්න අහන්නම් ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔබ ලබාදෙන වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා. ඒක විශාලම වෙනසයි. තවත් යෝජනා ගණනාවක් තිබෙනවා. ඒ වගේම අපේ ආර්ථිකය ගැන හිතන්න ඕන.

තෙල් නැතුව, විදුලි බලය නැතුව අපි අමාරු කාලයක ඉන්නේ. අපි තවමත් එයින් නිදහස් වෙලා නැහැ. අපිට ඉන්ධන, පොහොර, බීජ හොයලා දෙන්න පුලුවන්. ඒත් මේකෙන් අවසන් වෙන්නේ නැහැ. ඊළග පියවර විදියට IMF සංවිධානයෙන් අපි ආධාර අරගෙන තිබෙනවා. ඊට පස්සේ ණය දුන්න රටවලින් සහන ගන්න තිබෙනවා. මේ සියල්ල සමග ආහාර සුරක්ෂිත වැඩසටහනට අනුව අපි ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,000 වගා ව්‍යාපාරයක් ගෙනියනවා. ඒ ආහාර නොමැති සියලු දෙනාට ආහාර ලබා දිය යුතුයි.

විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ වගා කිරීම අපහසුයි. ඒ හිඟය පියවීම සඳහා අප වෙනත් දිස්ත්‍රික්ක නම් කරලා තිබෙනවා, බස්නාහිර පළාතට හිඟ ආහාර සපයා දීම සඳහා. මෙවර මහ කන්නයට පොහොරත් දෙනවා, ඉන්ධනත්, බීජත් දෙනවා කරුණාකරලා අපට ඉහළම අස්වැන්නක් ලබා දෙන්න කියා ගොවි ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

අපේ ආර්ථිකය දියුණු කළ යුතුයි. විදේශ විනිමය ලබා ගැනීමට තිබෙන එකම මාර්ගය තමයි සංචාරක ව්‍යපාරය. මේ රැස්වීම සංවිධානය කළ හරින් ප්‍රනාන්දු මහත්තයට භාරදීලා තිබෙනවා එම කටයුත්ත. අපි සියලුදෙනා එකතු වෙමු. මේ රටට සංචාරකයන් ගෙන්වීමට කටයුතු කරමු. අද මේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5%යි. අපි බලන්නේ 2024 -2025 වන විට එය 15% කරගන්න. එයත් ප්‍රමාණවත් වන්නේ නැහැ. සෞඛ්‍ය, අධ්‍යාපනයට ඒ අවශ්‍ය මුදල් වියදම් කරන්න අපි 19%කටවත් ගමන් කළ යුතුයි. ඒ නිසා අද අපි මේ ආර්ථික ස්ථාවරභාවය ගොඩනගා ගන්නවා විතරක් නෙවේ, අපි කැමති නැහැ ණය වෙන්න. අපි සිංහල වුණත්, දෙමළ, මුස්ලිම් වුණත් අපි කැමති නැහැ බංකොළොත් වෙන්න, අපේ දෙමාපියන් අපට පුහුණු කරලා තිබෙන්නේ ණය ගත්තොත් ණය ආපහු ගෙවන්න, කොච්චර අමාරු වුණත්. අපි බය නැතුව මේ ණය ඔක්කොම ගෙවලා දාමු.

ඩී.එස්. සේනානායක මැතිතුමා පැවසුවා වගේ මින් පසු ණය නොවන ආර්ථියක් ගොඩනගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් අපි ණය නැති අලුත් ආර්ථිකයක් හදමු. ලෝකයේ තරඟකාරි ආර්ථිකයක් ඇති කර ගනිමු. අපනයන ආර්ථිකයක් ගොඩ නගා ගමු. අපි පොහොසත් වෙමු. ඇයි අපිට පොහොසත් වෙන්න බැරි. සම්පත් තිබෙනවා. ඉදිරියට යමු. අපි අලුත් ආර්ථිකයක් හදමු. මේකට හරස් වෙන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ගමන යමු. ඇයි අපිට බැරි. ගිහින් ලෝක වෙළඳපොළ අල්ල ගන්න. ජපානයට පුළුවන් වුනානම්, කොරියාවයට පුළවන් වුනානම්, වතුර නැති සිංගප්පූරුවට පුළුවන් වුණානම්, වැලි තිබෙන ඩුබායිවලට පුළුවන් වුණානම් ඇයි ලංකාවට බැරි.

අපි දැන් වැඩ කරමු. අපි මෙතැන් සිට ඉදිරියට යමු. 2023 – 2048 කියන්නේ අවුරුදු 25යි. මේ කාලයේ දී අපි බලවත්, ධනවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. අපි එය ලබන වසරේ සිට ආරම්භ කරමු. එහි අවසානය බලන්න මම නැති වෙයි. එහෙත් මට අවශ්‍යයි ඒ වන විට මෙහි සිටින තරුණ තරුණියන්ට හොඳින් ජීවත් විය හැකි අනාගතයක් ගොඩනඟා ගන්න.
අපේ ප්‍රතිපත්ති යකඩ රාමුවක් වගේ තියමු. ආණ්ඩුවෙන්, ආණ්ඩුවට, ඇමතිවරයාගෙන්, ඇමතිවරයාට වෙනස් නොවන ප්‍රතිපත්තියක් හදමු. මේ ප්‍රතිපත්ති රාමුව අවුරුදු පහේ සැලසුම් 05කින් ක්‍රියාත්මක කරමු.

ඩී.එස්. සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැදුවේ රට එක්ව ගොඩනගන්න. එදා එතුමා කිව්වේ සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනා ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිගන්න කියලා. එතුමා කිව්වා අපි සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත්, බර්ගර් වුණත් මේක මගේ මව් රට. මේකයි ශ්‍රී ලංකාව කියලා. මම එය නැවත කියනවා.

ඒ වගේම තව කාරණයක් කියනවා. සජබ වුණත්, පොහොට්ටුවේ වුණත්, ජනතා විමුක්ති පෙරමුණේ, ටී.එන්.ඒ, ඊ.පී.ඩී.පී වුණත්, එක්සත් ජාතික පක්ෂයේ වුණත්, ස්වාධීන වුණත් අපි සියලු දෙනා එක මවකගේ දරුවෝ. අපි එකතු වෙමු. අපි එකතුවෙලා මේ රට ඉදිරියට ගෙන යමු.

මේක මම වෙනුවෙන් නෙවේ, එකතු වෙන්න ඔබ වෙනුවෙන්. එකතුවෙන්න රට වෙනුවෙන්. අපි කිව්ව බලවත් රට හදන්න, රට ඉදිරියට ගෙනයාමට අපි මේ ගමන ආරම්භ කරමු. පළමුවෙනි අරගලය ඉවර වුණා. රට ගොඩනගන දෙවන අරගලය අපි මෙතැනින් ආරම්භ කරමු. අපි එක් වෙලා බය නැතුව ඉදිරියට යමු. ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ගොඩනගමු.

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා:-
එක ආසනයකින් පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු බහුතරයකගේ ආශිර්වාද මැද අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරයට පත්වූ නිහඬ අරගල කරුවා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.වසර ගණනාවක් රට පාලනය කළත් රනිල් වික්‍රමසිංහ මහතාට සුක්කානම ලැබුණේ නැහැ.ඔබතුමා ඈත දකින නායකයෙක් බව අප සියලු දෙනා දන්නවා.රටේ ආර්ථිකය ගොඩනගන්න ඒ වගේම තරුණ පරපුර ශක්තිමත් කිරීමට ඔබට දැනුම තිබෙනවා දැන් ඔබ අතට සුක්කානම පැමිණ තිබෙනවා.එමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සිත් සුවපත් කිරීමේ අරගලය ද අප කළ යුතුව තිබෙනවා.ඒ අරගලය ද අප ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය යනු ශක්තිමත්ව රට ගොඩනැගූ පක්ෂයක් මිස රට දුර්වල කළ පක්ෂයක් නොවේ.එක්සත් ජාතික පක්ෂය හැම විටම පරාජයට පත් වුණේ වඳ කොත්තු වැනි බොරු ප්‍රචාර නිසයි. එක්ව ගොඩනගමු යන තේමාවෙන් රට ගොඩනගන්නට අප සියලු දෙනා එකතු වෙමු.එදා ඩී. එස් සේනානායක මහතාට රට ගොඩනගන්නට ශක්තිය දුන්නා සේ අද රනිල් වික්‍රමසිංහ මහතාටත් සියලු දෙනා එකතු වී රට ගොඩනගන්නට ශක්තිය දෙමු

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා:-
එක්සත් ජාතික පක්ෂය හැම විටම අතීතයේ සිට අර්බුදවලට මුහුණ දීමට සමත් වුණා. නිදහසින් පසු මෙරට ආර්ථිකය දියුණු කළේ එක්සත් ජාතික පක්ෂයයි. 1977 වසරේ දී පැය විසිහතරෙන් පෝලිම් දුරු කරන්නට එක්සත් ජාතික පක්ෂය සමත් වුණා. එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ හැම විටම ජීවන වියදම අඩු කරන්නට කටයුතු කළා. අප එදාට පරිගණක දෙන විට අනාගතයේ නොදකින නායකයන් එය විවේචනය කළා.
නමුත් කොරෝනා වසංගතය පැමිණි විට අපේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා නම් කොපමණ හොඳ දැයි මුළු රටම තේරුම් ගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදීන් ද දිනා ගනිමින් සියලු සියලු දෙනා එකතුකර ගමනක් යාම ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පක්ෂ නායකයාගේ දර්ශනය සියලුම දෙනා පිළිගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක
රුවන් විජයවර්ධන මහතා:-
වසර 28කට පසු අපේම ජනාධිපතිවරයෙක් සමඟ එක්සත් ජාතික පක්ෂ සංවත්සරය සැමරීම පිළිබඳ ආඩම්බරයට පත් වෙනවා. ඉතිහාසයේ සිය පක්ෂයට නායකත්වය ලබා දුන් සියලු නායකයන් මෙහිදී සිහි කරනවා. අපේ ජීවය වන්නේ පාක්ෂිකයන්. පක්ෂය වෙනුවෙන් ජීවිත කැප කළ සියලු පාක්ෂිකයන් මෙහිදී සිහිපත් කළ යුතුයි. එමෙන්ම පක්ෂය වැටී තිබූ අවස්ථාවේ පක්ෂය අතහැර නොගිය ඔබ සැමට ස්තුතිය පළ කරනවා. අපේ නායකයන් මේ පක්ෂය ගොඩ නැගුවේ අපේ රට ලෝකයට හඳුන්වා දීමටයි. අපේ පැරණි සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන අපේ නායකයන් විසින් රට ලෝකයට විවෘත කළා.
අප කිසි විටෙක ජාතිවාදයට හෝ ආගම්වාදයට නතු වුණේ නැහැ. අප කිසි විටෙක අන්තවාදයට හිස නැමුවේ නැහැ. පක්ෂ පාට ජාති ආගම් බේදයෙන් තොරව සියලු දෙනාට එක සෙවනක හිට ගැනීමට අවස්ථාවක් හදන බව පක්ෂය ගොඩනගන අවස්ථාවේදී ඩී.එස් සේනානායක මැතිතුමා පැවසුවා. රනිල් වික්‍රමසිංහ මහතා ද දිවුරුම් දෙන අවස්ථාවේදී පැවැසූවේ “තමාට ජනපති කොඩියක් අවශ්‍ය නැති බවත් ජාතික කොඩිය සෙවනේ සියලු දෙනා සිටිය යුතු බවත්. ඈත් වූ පාක්ෂිකයන්ට මෙන්ම මන්ත්‍රීවරුන්ට මා විවෘත ආරාධනයක් කරනවා. යළිත් අප සමඟ එකතුවන්න. රට ගොඩනගන්නට හැකියාව ලැබෙන්නේ එසේ කළ හොත් පමණයි.
විවිධ නායකයන් අභියෝගය හැර යන විට රට ගැන සිතා අභියෝගය භාරගත්තේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. දේශපාලන අරමුණු පසෙක තබා රට වෙනුවෙන් වැඩ කළ යුතු සමයක් එළඹ තිබෙනවා. අරගලයේ අරමුණු ඉටු කිරීමට නම් අප සියලු දෙනා එකතු විය යුතුව තිබෙනවා. බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අප සැමගේ දායකත්වය ජනපතිට ලබා දෙමු.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා:-
අද දවස රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට සන්ධිස්ථානයක් වන දිනයක් බව කිව යුතුයි. රටට නිදහස ලබා ගැනීම සඳහා ලංකා ජාතික ව්‍යාපාරයෙන් ඇරඹුණු ව්‍යාපාරය පසුව එක්සත් ජාතික පක්ෂය ලෙස එකතු වුණා. සියලු ජාතීන් එකතු වී එම එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගුවා.
නිදහස් සටන ජය ගත්තෙත් එකමුතුකම නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැම විටම ප්‍රකාශ කරන්නේ එකමුතුකමින් සියල්ල ජයගත හැකි බවයි. අරගලයෙන් මතුවුණු හොඳ දේවල් ජනපති නිතර සිහි කරනවා. නමුත් එම අරගලය නීති විරෝධී තැනකට ගමන් කළා. එය වැරදි ක්‍රියාවක්.
එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනා අලුත් ගමනකට සූදානම්විය යුතුයි. ගමේ නගරයේ කිසිවකුත් බේද කරන්න එපා. සමගිය ඉතා වැදගත්. එකමුතුකම තිබුනොත් ආසියාවේ මෙන්ම ලෝකයේ ශ්‍රී ලංකාව ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන්. ඊට ශක්තිය ඇති එකම නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.
ජනාධිපතිවරයා තනි නොකර ඉදිරියට යන්නට පසුබිම හැදූ පිරිස අද මේ ශාලාවේ රැස්ව සිටිනවා. පොදු අනතුරකදී අප වඩාත් සමඟ විය යුතුයි ඒ මගින් අනතුර වළක්වා ගත හැකියි. හානිය අවම කර ගත හැකියි. එසේ නැතිව තනි තනිව මුහුණ දෙන අය අනතුරට ලක් වනු ඇත.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා:-
මේ වේදිකාවට එන විට මට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැහැ. මම නැවත තාත්තා ළඟට පැමිණි බව අද මට තේරුණා. එක්සත් ජාතික පක්ෂය ආරම්භයට පත් වුණේ ලංකාවේ විශාල අභියෝගයක් පැවති සමයකයි.
මා සැමවිටම දේශපාලනය කළේ අභියෝග සමඟයි. අභියෝගය භාරගත් නායකයා ගේ පිටුපස සිට ගැනීමට මට අවශ්‍ය වුණා. ජනාධිපතිතුමා මේ ගමන ආරම්භ කළේ පාර්ලිමේන්තුවේ තනි මිනිසෙකු ලෙසයි. දේශපාලනයේදී ආසයි බයයි වෙන්න බැහැ. දේශපාලනයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසත් නැති වූ විට තවත් නැති වන්නට දෙයක් නැහැ.
වැරදි තීන්දු නිසා නිධානයක් උඩ හිඟා කන රටක් බවට පත්ව තිබෙනවා. අපේ ස්ව කැමැත්තෙන් ආවේ එතුමා තනි කරන්නට බැරි නිසයි. සමහරුන් නෙල්සන් මැන්ඩෙලා, ලීක් වාන් යූ ලා හෙව්වා. අපට දැන් අවශ්‍ය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ කෙනෙක් පමණයි. මෙම අභියෝගය පහසු එකක් නොවේ. මේ වගේ අභියෝග භාර ගන්න තීන්දු ගන්න කොන්ද අවශ්‍යයි. රට ස්ථාවර කරන්න නොදෙන අයට එරෙහිව අපි හෙට අනිද්දාම දෙවන අරගලය ආරම්භ කරනවා.මේ රට හරි පාරට ගැනීම ජනාධිපතිට බාරයි. හරීන් සහ මනූෂ නැති බව රැස්වීමකදී පවසා තිබුණා. ඉතින් කවුද යන්නේ. මේ මගේ මහගෙදර. ආපහු යන්නේ නෑ ආවේ ඉන්නමයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-09-07

SendShareShare
Previous Post

නිහඬතාවය බිඳී! රන්ජන් කට අරී! අරගලය ආයෙත් එන හැටි කියයි! (VIDEO)

Next Post

පොහොට්ටුවේ ජනාධිපති UNP සංවත්සරය සමරනවා! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.