• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“මේ ගෙදර මට සැපයි….” – මහින්ද රාජපක්ෂ ! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබාදී ඇති නිල නිවාස නැවත පවරාගැනීමට රජය ගත් තීරණයත් සමග මහින්ද රාජපක්ෂ මහතා එතෙක් භාවිත කළ සිය නිල නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස වෙත පසුගියදා පැමිණියා. එහි පැමිණි පසු පළමු වරට මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ වෙමින් හිරු ටීවී වෙත ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.Sri Lanka Latest News

මාධ්‍යවේදියා
හිටපු ජනාධිපතිතුමනි, ඔබතුමා යුද්ධය කරපු කාලෙ ඒකට දේශපාලන නායකත්වය බය නැතුව දීලා, රට එක්සේසත් කරලා, කවුරුත් හිතපු නැති සංවර්ධනයක් රට හමුවේ කරලා, ජනතාවගේ මහා ආදරයක් දිනාගෙන, අවසානයේ තමන්ගේ නිල නිවසත් නැති වෙලා තංගල්ලේ කාල්ටන් නිවසට එන්න වෙයි කියලා නිකමට හරි හිතුවද කවදා හරි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
මට මගේ ගෙදරට එන එක තරම් සැපක් තියෙනවද තවත්? නිල නිවාසවල හිටියට, මම කැමැතියි මෙතැනට එන්න.
මාධ්‍යවේදියා
ඔබතුමා සතුටින් ඉන්නේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

මම ඉන්නේ බොහොම සතුටින්.
මාධ්‍යවේදියා
කොහොමද ඔබතුමා මේ තරම් ප්‍රශ්න වෙද්දී ඔය තරම් සතුටින් ඉන්නේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

මගේ හැටි මම හිතන්නේ. මම කිසි දෙයක් ප්‍රශ්න විදිහට සලකන්නේ නෑ.
මාධ්‍යවේදියා
ඔබතුමා හිතුවද මේ ආණ්ඩුවක් ඇවිල්ලා ඔබතුමාට වගේම හිටපු ජනාධිපතිවරු අනිත් අයටත් මෙහෙම සලකාවි කියලා?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

නෑ එහෙම නම් හිතුවේ නැහැ. ඒකට මුහුණ දෙන්න මම සූදානම්.
මාධ්‍යවේදියා
ඔබතුමා මොකද හිතන්නේ ඒ ගත්ත තීරණය ගැන?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

රජයක් තම තමන්ගේ තීන්දු මත තමයි ඉතින්. ඒක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. අපිට වැරදියි, එයාලට හරි.
මාධ්‍යවේදියා
දැන් සමහරු කියනවා රාජපක්ෂවරුන්ගෙන් පළිගන්නවා මේ මාලිමා රජය කියලා. එහෙම දෙයක් ඔබතුමාට දැනෙනවද?

රාජපක්ෂවරුන්ගෙන්ම නෙවෙයි මම හිතන්නේ තර්ජනයක් වෙන හැම කෙනෙකුගෙන්ම පළිගන්නවා ඒගොල්ලෝ. ඉතින් ඒක එතරම් ප්‍රශ්නයක් නෙමෙයි අපිට.
මාධ්‍යවේදියා
ඔබතුමා දැන් කොහොමද සැලසුම් කරලා තියෙන්නේ ඉදිරි දේශපාලන කටයුතු?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඒවා දිගට කරගෙන යනවා.
මාධ්‍යවේදියා
මහින්ද සුළඟක් නැවත රට හමුවේ හමාවිද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

හමයි, හමයි. මහින්ද සුළඟක් වෙන්නත් පුළුවන්, වෙනත් සුළඟක් වෙන්නත් පුළුවන්.
මාධ්‍යවේදියා
ඔබතුමාට එහෙම දැනෙනවද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

මට නම් දැනෙනවා වගේ.
මාධ්‍යවේදියා
වර්තමාන ආණ්ඩුව රට පාලනය කරන විදිහ ගැන ඔබතුමා මොකද හිතන්නේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

එයාලට පුළුවන් ආකාරයට තමයි එයාලා පාලනය කරන්නේ. ඉතින් අපි ඒ ගැන එතරම් වොරි වෙන්න ඕන නෑ. මගේ නම් හැඟීම. එයාලට පුරුදු වෙනමම ආකල්පයක් තියෙනවා, ඉතින් ඒ විදිහට එයාලා කරනවා. ජනතාව බලය දුන්නා නම් එයාලට යන්න ඉඩ දෙන්න ඕනෙ. අපි එච්චර ඒ ගැන කලබල වෙන්න ඕනෙ නෑ. වැරදි මාර්ගයේ යනවා නම් අපි ජනතාවට ඒක පැහැදිලි කරලා දෙන්න ඕනෙ මේක වැරදි මාර්ගයක් කියලා.
මාධ්‍යවේදියා
දැන් අර ඔබතුමා ළඟ හිටපු සමීපම හිතවතුන්, ඔබතුමාගේ දේශපාලන ක්‍රියාකාරීන්, ඒගොල්ලන්ව සිර භාරයට ගන්නවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ආණ්ඩුව කරන්නේ ආණ්ඩුවට විරුද්ධව හැමෝම හිර කරන එක. අපි බලාපොරොත්තු විය යුතු දෙයක්.
මාධ්‍යවේදියා
ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳ ඔබතුමාට අද කොහොමද දැනෙන්නේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

සන්තෝෂයක් දැනෙනවා. ඉවර කරන්න මට අවස්ථාව ලැබීම වාසනාවක් කියලා තමයි මම හිතන්නේ.
මාධ්‍යවේදියා
සමහරු කියනවා දැන් රට හමුවේ විවිධ අභියෝග තියෙනවා, ජාත්‍යන්තර අතපෙවීම් තියෙනවා කියලා?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඒ කුමන්ත්‍රණ හැමදාම තිබුණා. ඉතින් ඒවට යට වෙන්නේ නැති පාලකයෝ ඉන්න ඕනෙ අපේ පැත්තේ.
මාධ්‍යවේදියා
ඔබතුමා කාල්ටන් නිවසට එනවා කියලා ආරංචිය රට හමුවේ යනකොට, ඔබතුමාට හිතවත් අය මේ මුදල් පවා එකතු කරන්න සූදානම් වෙනවා ඔබතුමාට කොළඹින් ගෙවල් එකක් නෙමෙයි දෙක තුනක් හරි අරන් දෙනවා කියලා?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඔව්. කීප දෙනෙක් මටත් කතා කරලා කිව්වා. මම කිව්වා වැඩක් නෑ, අපි ඕනෙ වුණාම එන්නම් වෙලාවට කියලා.
මාධ්‍යවේදියා
කොළඹින් කවුරු හරි ගෙයක් දුන්නොත් ඔබතුමා යනවද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

කොළඹ අවශ්‍යතාවන් තියෙන වෙලාවට එහේ ඉන්න ඕනෙ. මෙහේ ඉඳන් කරන්න පුළුවන් වැඩ ටික මෙහේ ඉඳන් කරනවා.
මාධ්‍යවේදියා
ඔබට කලින් හිටපු නායකයන්ට බැරි වුණානේ යුද්ධය අවසන් කරන්න. නමුත් ඔබට කොහොමද එහෙම ඒ ශක්තිය ආවේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

හොඳ ආරක්ෂක ලේකම්වරයෙක් හිටියා, ත්‍රිවිධ හමුදාපතිවරු හිටියා. හොඳ කණ්ඩායමක් හිටියා. සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් තමයි ජයග්‍රහණය කළේ.
මාධ්‍යවේදියා
අපේ රටේ නැවත යුද්ධයක් ඇති වෙයිද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

මම හිතන්නේ නෑ දැනට. කියන්නත් බැහැ ඉතින්. අපි කවුරුත් හිතුවේ නෑනේ කොටි යුද්ධයකට සැරසෙයි කියලා.
මාධ්‍යවේදියා
කවුරුත් හිතුවේ නෑ අවුරුදු තුනකින් ඉවර කරයි කියලා?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
තුනක් ගියෙත් නෑනේ නේද?
මාධ්‍යවේදියා
දැන් ඔබතුමාව බැහැදකින්න ජනතාව එනවනේ. සමහරු ඔබතුමාට අපහාස කරනවා, නින්දා කරනවා. එතකොට ඔබතුමා කොහොමද ඒවා දරාගන්නේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

දේශපාලනයට එනවා නම් ඒවා දරාගන්න පුරුදු වෙලා එන්න ඕන. දරාගන්න බැරි නම් ගෙදරට වෙලා ඉන්න ඕනෙ.
මාධ්‍යවේදියා
මේ කාල්ටන් ගෙදර ඔබතුමා කුඩා කාලේ, තරුණ කාලේ හිටපු තැනනේ. කොහොමද ඒ මතකයන් නැවත අලුත් වෙන්නේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

මේක වික්‍රමසූරිය මහත්තයාගේ ගෙයක් නේ. එතකොට මෙතැන දේශපාලනය කරන්න ලේසියි. මොකද මැදමුලනට එන්න ගියාම ඇතුළට යන්න ඕන, වාහන නෑ. ඉතින් මෙතැන මිනිස්සුන්ට එන්න ලේසියි, මාව මුණගැහෙන්න ලේසියි. ඉතින් ඒක හින්දා මෙතැන හොඳයි.
මාධ්‍යවේදියා
විපක්ෂයේ කණ්ඩායම දේශපාලන පක්ෂ, දේශපාලන කටයුතුවලට සූදානම් වෙනවා. ඔබතුමාගෙන් දැනමුතුකම් ගන්නවද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
ඔව් සමහර වෙලාවට එනවා, සමහර කට්ටිය එනවා. අපි සාකච්ඡා කරලා ඉදිරියට යනවා.
මාධ්‍යවේදියා
අවසාන වශයෙන් අහන්නේ. මොකක්ද රටේ ජනතාවට කියන්නට තියෙන්නේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඇත්ත වශයෙන්ම කියන්නේ දේශපාලනඥයන් ජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳ අවබෝධයක් ලබාගෙන ජනතාවට වැඩකරන්න කියලා.
මාධ්‍යවේදියා
තරුණ තරුණියන්ට කියන්න මොනවා හරි විශේෂ දෙයක් තියෙනවද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

තරුණ තරුණියන් තමන්ගේ අයිතිවාසිකම් ලබාගන්න ඕනෙ. අනවශ්‍ය විදිහට සටන් කරලා අරගන්න එපා. එතකොට ආණ්ඩුවත් අනවශ්‍ය විදිහට මර්දනය කරන්න ලෑස්ති වෙයි. ඒක හින්දා තමන්ගේ අයිතිවාසිකම් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට යන්න.

Hiru News

SendShareShare
Previous Post

වසන්තට දුන්නා වගේම මිනිස්සු ඇමැති හේවගේටත් ලක්ෂ ගණන් සල්ලි දීලා! මෙන්න සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

Next Post

79 වන එජාප සංවත්සරයේදී සජබ නායක-විපක්ෂනායක සජිත්ගේ ප්‍රකාශය සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිරිකොතේදී නිවේදනය කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.