මේ රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමට කටයුතු කළහොත් සාප වන බවත්, තමන් එම පාපකර්මයට දායක නොවුණු බැවින් අද තමන්ට සතුටින් නින්ද යන බවත් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
රටේ සම්පත් විනාශ කරන ඔිනෑම නායකයකුට, ඇමැතිවරයකුට, මන්ත්‍රීවරයකුට මෙය හොද පාඩමක් බවද ඒ මහතා කීය.
අද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බිලියන 250ක් පාඩු ලබන බව කී රාජපක්ෂ මහතා පෝට්සිටියෙන්, හම්බන්තොට වරායෙන් චීනය ලාබ උපයන බවත් කියා සිටියේය.
මෙය ලක් මව සාප කරන සාහසික අපරාධයක් බවද ඒ මහතා කීය.
අද රටේ හදවත චීනයට විකුණා ඇති බවත්, පෙනහළු ටික අමෙරිකාවට විකුණා දමා ඇති බවත් විජේදාස මහතා පෙන්වා දුන්නේය.










