• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් විපක්ෂයේ හිටියත් රට වෙනුවෙන් ඉදිරිය දැකලා කතා කරපු හැටි.. වැඩ කරපු හැටි සජබයේ ඉන්න තරුණ නායකයෙක් තේරෙන භාෂාවෙන් රටට කියන හැටි බලන්න! තව අවුරුදු පහ හයකින් මිනිස්සු කියන්‌නෙ මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

February 11, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
21 රැලියට සජබය නොගියේ ඇයි? සියලු සජබ පාක්ෂිකයන් හේතු ටික හොඳින් අහගන්න! සජබ ලොකු නායකයන් ලොකු මන්ත්‍රීලා කට ඇරලා කියන්නේ නැති දේ නුවර සජබ තරුණ නායකයා රටටම කියයි! විපක්ෂනායක සජිත් අපිවයි පක්ෂයයි බේරගත්තා! එදා ගියා නම් අපි ඉවරෙටම ඉවරයි! යූඑන්පියේ රුවන්-අකිල-නවීන් නොගියේ ඇයි? ඒකත් දැනගන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News

‘‘වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව සියලුම ආගමික නායකයන්ට තර්ජනයක් වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව විශ්වාස කළේ නිරාගමිකත්වයයි. කෙසේ නමුත් බෞද්ධයන් යනු අනෙකුත් ආගම්වලට ගරු කර පිරිසක්. ඒ නිසයි සියලුම ජන කොටස්වලට , සියලුම ජාතින්තට කිසිදු ප්‍රශ්නයක් නැතිව ජිවත්වෙන්න අවකාශය ලැබුණේ. නමුත් යම් යම් කාල වකවානුවල දේශපාලන අවශ්‍යතා මත ජාතිවාදය , ආගම්වාදය අවුස්සන්න ඇතැම් පිරිසක් උත්සහ දැරුවා. කෙසේ හෝ වර්තමානය වනවිට බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ අනෙකුත් ආගමික පුජකයින්ව ආණ්ඩුවට හිසරදයක් වී තිබෙනවා.

මේ වනවිට ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට අදාල කස්සප හිමි ඇතුළු පිරිසක් සිරගතකොට තිබෙනවා. කෙසේ නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් කස්සප හිමි ඇතුළු පිරිස දින 26 කට අධික කාලයක් සිරගතකොට තිබෙනවා. මහජනතාව වෙනුවෙන් පෙනී සිටින ආගමික නායකයන්ට මේ ආකාරයට සැලකීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම බෞද්ධ ආගමට මෙන්ම අනෙකුත් ආගම්වලටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුවිශේෂි ස්ථානයක් ලබා දී තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව මේ කිසිදු දෙයක් පිළිබඳව අවබෝධයකින් තොරවයි කටයුතු කරන්නේ. ඔවුන් පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථාන ඔවුන්ට හිරිහැරයක් ලෙසයි දකින්නේ.

ඒ වගේම බෞද්ධ ආගමට සුවිශේෂි ස්ථානයක් හිමිවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස නම් කරන්න පසුබට විය යුතු නැහැ. ඒ වගේම අනෙකුත් ආගම්වලට නිසි ගෞරවයක් ලබානොදෙන බවට එයින් හැගවෙන්නෙත් නැහැ. ඒ වගේම සිංහල බෞද්ධ රටක් නිසයි ජාතින් අතර සමගියක් තිබෙන්නේ. ඒ සමගිය විනාශ කරනු ලබන්නේ ඊනියා දේශපාලඥයින්. වර්තමාන ආණ්ඩුව රටේ ජනතාව ආගම්වලින් , ආගමික නාකයන්ගෙන් ඈත් කරන්න දැඩි උත්සාහයක නිරත වෙනවා. භික්ෂුන් වහන්සේලා ඇතුලු ආගමික නායකයන් හැල්ලුවට ලක්කරනවා. ආණ්ඩුව මිනිස්සු ඒකරාශි වන ආගමික සිද්ධස්ථාන විනාශ කර එක් පක්ෂයක් , එක් රටක් සංකල්පයකට ගමන් කරන්නයි ආණ්ඩුව සුදානම් වන්නේ.

කෙසේ නමුත් සමගි ජනබලවේගය හෝ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදය , ආගම්වාදය අවුස්සන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් එවැනි දේවල් සිදුවනවිට නිශ්ශබ්ධව සිටින්න සමගි ජනබලවේගය සූදානම් නැහැ. කෙසේ නමුත් ජන කොට්ඨාස අතර ප්‍රශ්නයක් ඇතිවුණහොත් එයින් ප්‍රශ්නයක් සිදුවන්නේ රටේ මහජනතාවටයි.

ඒ වගේම දළදා මාලිගාවට බෝම්බ එල්ල කරපු ආකාරය , 88 89 කාලයේදී බෞද්ධ භික්ෂූන් ඝාතනය කිරිම පිළිබඳ පැලවත්ත පක්ෂ කාර්යාලයේ ඇති. ඒ වගේම සමගි ජනබලවේගය කිසි දවසක ආගම්වාදය , ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ කටයුතු සිදුකරලා නැහැ. ඒ වගේම ප්‍රශ්නයක් ඇතිවුණාම මහානායක හිමිවරුන් බැහැදකින්න යාම පිළිබඳව විවේඡනය කරන්න ආණ්ඩුවේ පිරිස් කටයුතු කළා. නමුත් බලය ලබාගත්තාට පසු ආණ්ඩුවේ පිරිසත් සිදුරන්නේ ඒ දෙයමයි. කෙසේ නමුත් ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ඇතැම් ආගමික නායකයන් ආණ්ඩුවට විරුද්ධව විවේඡන එල්ල කරන්න කටයුතු කරනවා.

ඒ වගේම දේශපාලඥයින් මහනායක හිමිවරු බැහැදැකීමට යාම පිළිබඳව බලය ලබාගැනීමට පෙර අනුර දිසානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම විවේඡනයට ලක්කළා. මෙම පිරිස බලය ලබාගැනීමෙන් පසු රට නිරාගමික තත්ත්වයකට පත් කරමින් සිටිනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ සිටින්නේ සංස්ථා විරෝධි පිරිසක්. ඔවුන් පවුල් සංස්ථාවට , පාසල් සංස්ථාවට , පන්සල් සංස්ථාවට , රාජ්‍ය සේවක සංස්ථාවට විරුද්ධයි. ආණ්ඩුවේ පාලනයට මහජනතාව නතු කර ගැනීමට මේ සංස්ථා බාධාවක්. ඒ නිසයි ආණ්ඩුව මෙම සංස්ථාවලට විරුද්ධව කටයුතු කරනු ලබන්නේ. ආණ්ඩුව මේ සියලුම ආයතන විනාශ කරන්න කටයුතු කරනු ලබනවා.

ඒ වගේම බෞද්ධ නායකයන් හෑල්ලුවට ලක්කරලා රටේ ජනතාව අතර ප්‍රශ්නයක් ඇති කරන තත්ත්වය වහාම නවත්වන්න කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරයා උතුරේදී සිදුකරන ප්‍රකාශ සහ දකුණේදි සිදුකරන ප්‍රකාශ අතර විශාල පරස්පරයක් තිබෙනවා. කෙසේ නමුත් මේ ආකාරයට දෙබඩි ප්‍රකාශ සිදුකරන්නේ කවුරුන් සතුටු කරන්නද කියන ප්‍රශ්නට පැන නගිනවා. ඒ වගේම ආගමික නායකයෙකු වී එම කටයුතු සිදුකිරිම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා ආගමික නායකයන්ට ගරු කරන්න කටයුතු කළා. එසේ නොමැති වුවහොත් සමාජයේ පැවැත්මක් නැහැ.

ඒ වගේම රට යම්කිසි විපතක් සිදුවූ විගසම රටේ තිබෙන පන්සල් , පල්ලි , කෝවිල්වල ආගමික නායකයන් මහජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන්න කටයුතු කළා. විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් විපත පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට කර ගැනීමට නොහැකි වුණ සුවිශේෂි සේවයක් රටේ ආගමික නායකයන් එම ව්‍යවසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිදුකළා. කෙසේ නමුත් බෞද්ධ ආගම සමඟ සිදුකරන සෙල්ලම වහාම නතර කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙයින් සමස්ත සමාජයටම විශාල හානියක් සිදුවෙනවා. ආවසානයේදී ජන කොටස් අතරත් ආරවුල් ඇති වීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම දිට්වා සුළි කුණාටුවෙන් පසු විපතට පත් ජනතාවට සහන සලසන්න අවශ්‍ය උපකාර ලබාදෙන්න විපක්ෂය සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට දැනුම් දුන්නා. නමුත් එදා සජිත් ප්‍රේමදාස මහතාව සමච්චලයට ලක් කරන්න ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටයුතු කරනු ලැබුවා. සජිත් ප්‍රේමදාස කුහක දේශපාලඥයෙක් නෙවෙයි. ඔහු විපක්ෂය නියෝජනය කළත් ආණ්ඩුවට නිවැරදි මාර්ගය පෙන්වා දෙන්න කටයුතු කරනු ලැබුවා. ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ වැඩ කටයුතු කරන්න සමගි ජනබලවේගය හෝ සජිත් ප්‍රේමදාස මහතා සූදානම් නැහැ. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් විපක්ෂයේ භුමිකාව නිවැරදිව ඉටු කරන්න සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා.

ඒ වගේම සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම ආගමික නායකයන් වෙනුවෙන් ආගමික සිද්ධස්ථාන රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම ආගමික නායකයන්ව , ආගමික සිද්ධස්ථාන හෑල්ලුවට ලක්නොකරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුව මැතිවරණයක් පවත්වන්න බයයි. ජනතාවට ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය දැන් බිඳි ගොස් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ ආණ්ඩුව හෝ රටට අවශ්‍ය මොහොතේ නෙවෙයි. වෙනත් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුවයි. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයට කිසිදු සුභවාදි දෙයක් සිදුවෙලා නැහැ. ඒ වගේම රටක් පාලනය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බව වර්තමාන ආණ්ඩුව ජනතාවට උප්පු කරලා අවසානයි. ඒ වගේම මැතිවරණයක් පැමිණෙන තුරු ජනතාව බලාගෙන සිටිනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවට කිසිදු කටයුත්තක් හරියාකාරව කර ගැනීමට නොහැකි බව බහුතරයකට වැටහි තිබෙනවා. කෙසේ නමුත් දැන් ආණ්ඩුවේ පච මීටර් කටු කඩාගෙන ගිහින් තිබෙන්නේ.‘‘

SendShareShare
Previous Post

නිල වාහන 2ක් තියෙද්දී සුපිරි ප්‍රාඩෝ එකක් කුලියට අරන්! පාඩුව එක්කෝටි විසිහත් ලක්ෂ පනස්දහසක්! ජල සම්පාදනේ අතිරේක සාමාන්‍යාධිකාරී රිමාන්ඩ්! I Sri Lanka Latest News

Next Post

දින 29කට පසු කස්සප හිමි එළියට එයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.