බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන දළදා මාලිගාව තුළ සිදුවන මහා කොල්ලයන් රැසක් මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට රාවණා ලංකා ජාතික සභාවේ සභාපති ශ්‍රී නිශ්ශංක මායාදුන්නෙ මහතා කටයුතු කළේය.
මෙහිදී චෝදනා රැසක් සිදු කළ මායාදුන්නෙ මහතා දළදා මාලිගාවේ ඉඩම් පවා ඇතැමුන් වංචනිකව විකුණා දමා ඇති බව කීවේය.
එමෙන්ම දළදා මාලිගාවේ දැන් ව්‍යාපාර පවා සිදුකෙරමින් පවතින බව කී ඒ මහතා ව්‍යාජ ඔප්පු රැසක් සකස් කර ඇති බවද සදහන් කර සිටියේය.
අවසන් වරට පැවැති දළදා පෙරහැර යූටියුබ් චැනල් මගින් පෙන්වීමට ඇති අවශ්‍යතාව නිසා එය විකෘති කළ බවට බරපතළ චෝදනාවක්ද කළ මායාදුන්නේ මහතා මේ පිළිබද විමර්ශනය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර සිටියේය.
මීට අමතරව 2012දී ජපානයේ කොබෙයි නමැති පන්සලට දන්ත ධාතූන් වහන්සේ නමක් විකුණා ඇති බවට චෝදනාවක්ද ඒ මහතා එල්ල කළේය.










