රට බරපතළ මූල්‍ය අර්බූදයක සිරව තිබියදී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇමැතිවරුන් සිව් දෙනකු සහභාගී වූයේ කුමන පදනමකින්ද යන්න අද පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ හමුවේදී මාධ්‍යවේදියකු විසින් විමසා සිටියේය.
නාමල් රාජපක්ෂ මහතාට අමතරව ඩී.වී. චානක, තේනුක විදානගමගේ සහ රොෂාන් රණසිංහ යන අමාත්‍යවරුන්ද ඊට සහභාගීව ඇති බව මාධ්‍යවේදියා පෙන්වා දුන්නේය.
එහිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ විවිධ ක්‍රමවේදයන් හරහා එම අමාත්‍යවරුන් මුදල් සොයාගෙන ඇති බවත්, මහභාණ්ඩාගාරයට ඒ හරහා කිසිදු බරක් නැති බවත්ය.










