පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
හෝමාගම මහෙස්ත්රාත් අධිකරණයට ඊයේ (28) ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
චීවරධාරියෙකු අතින් අපයෝජනය වී ඇතැයි වාර්තාවන්නේ වයස අවුරුදු 13ක පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකි.
චෝදනාවට ලක්වූ චීවරධාරියා යන්ත්ර මන්ත්ර ගුරුකම් මගින් ලෙඩ සුව කරන බවද වාර්තා වෙයි.
අපයෝජනයට ලක්වූ බව කියන කුඩා දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙක් මීට දින කිහිපයකට පෙර අසනීප වී ඇති අතර ඊට ප්රතිකාර කිරීම සඳහා එම මව්පියන් දරුවා මෙම හිමිනම හමුවට රැගෙන ගොස් තිබේ.
දරුවා දින කිහිපයක් එහි රඳවාගෙන පූජාවක් පැවැත්විය යුතු යැයි සැකකාර චීවරධාරියා එහිදී මව්පියන්ට පවසා ඇති අතර ඒ අනුව ඔවුන් සිය දරුවා එහි රඳවා ගොස් ඇති බව පොලීසිය පවසයි.
පසුව නිවුන් දරුවන්ගෙන් අනෙක් දරුවා සිය සොයුරා නොමැතිව අසනීප වී ඇති අතර සැකකරු මෝටර් රථයකින් නිවසට පැමිණ එම දරුවාද රැගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ.
එහිදී සැකකාර චීවරධාරියා දරුවන් දෙදෙනාම අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණ වී ඇත.
ඒ අනුව මේ පිළිබඳ කළ පැමිණිල්ලට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
නිවුන් දරුවන් දෙදෙනා ප්රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.










