• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අස්වීමේ ලිපිය බාරගන්නෙ නෑලු! නායකතුමා හෝ පක්ෂය අපහසුතාවයට පත්කරන්නේ නෑලු! දිගටම ඡන්දෙ වැඩ කරගෙන යනවාලු! හිරුණිකා දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News

October 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මහ මැතිවරණයේදී තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසා බවත් ඒ සඳහා වෙනත් කිසිදු දේශපාලන හේතුවක් බලපා නැති බවත් මහ මැතිවරණයක් ආසන්න මොහොතක සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරමින් රට පුරා එම වැඩ කටයුතු සිදුකරගෙන යාම තමන්ට මේ මොහොතේ අපහසු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.Sri Lanka Latest News

අද (16) දින සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේද පැවසුවාය.

‘‘සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් මම ඉල්ලා අස්වීමට තීරණය කළේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අපහසුතාවයට පත් කරන්න හිතාගෙන නෙවෙයි. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් මා ඉල්ලා අස්වීමට තීරණය කළේ වෙනත් කාරණා කීපයක් නිසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පැවැති ජනහමු ගණනාවකට සමගි වනිතා බලවේගය නියෝජනය කරමින් මා සහභාගි වුණා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කඩුවෙලා ආසනයේ දේශපාලන කටයුතු මට හරියාකාරව සිදු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම මම ඉදිරිපත් වන මහ මැතිවරණය සඳහාත් මෙවර අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායකවරිය විදිහට මට වැඩ කටයුතු තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි. මුළු ලංකාවම ආවරණය වන පරිදි සිදුකළ යුතු වැඩ ප්‍රමාණයක් මා හට පැවරී තිබෙනවා. ඒ වගේම සමගි වනිතා බලවේගය ඇතුළු සමගි ජන බලවේගයේ සංවිධාන වල තනතුරු අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරනවා. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී සමගි වනිතා බලවේගයේ වැඩකටයුතු වෙන කෙනෙකුට පැවරුවොත් හොඳයි කියලා මම කල්පනා කළා. ඒ නිසා තමයි මම සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට භාර දුන්නේ. නමුත් මහලේකම්වරයා එම ලියුම භාර ගැනීමට සූදානම් නැහැ. නමුත් මම මගේ මතය වෙනස් කරලා නැහැ. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කළේ මහ මැතිවරණයේදී මගේ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසයි. මම වගකීමක් බාරගන්නේ වැඩේ හරියටම කරන්න පුළුවන් නම් විතරක් පමණයි. ඒ වගේම සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරමින් රට පුරා ඒ වැඩ කටයුතු සිදුකරගෙන යාම මට මේ මොහොතේ අපහසුයි.

ඒ වගේම මම කිසිම දවසක සමගි ජන බලවේගයට හෝ සමගි ජන සන්ධානයට හානියක් කරන්න කටයුතු කරන්නේ නැහැ. සමගි ජන බලවේගය කියන්නේ අපි විශාල කැපකිරීමක් සිදුකර ගොඩනගා ගත් දේශපාලන පක්ෂයක්. සමගි ජන බලවේගය ඉදිරියට ගෙනයාමට සහ සමගි ජන බලවේගයට ශක්තිය ලබාදීම අපි සියලු දෙනාගේ වගකීමක්. සමගි ජන බලවේගය කඩා වැටීමට බලපාන කිසිදු හින්දු තීරණයක් මම ගන්න සූදානම් නැහැ. ඒවගේම සමගි ජන බලවේගය කඩාවැටීමට මම කිසිම දවසක ඉඩ ලබා දෙන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී සමගි වනිතා බලවේගය හරහා විශාල වැඩ කොටසක් සිදු කළේ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන්න. ඒ නිසා පක්ෂය තුළ කිසිදු ප්‍රශ්නයක් ඇති වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් කතාබහ කර විසඳුමක් ලබාගෙන තමයි ඉදිරියට යන්නේ. නායකතුමා මගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීලා ඒ ප්‍රශ්නය විසඳපු නිසා තමයි මම අද මහ ලේකම්තුමා සමග මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඒවගේම සජිත් ප්‍රේමදාස මහතා විශ්වාස නිසා තමයි අපි තවමත් සමගි ජනපලවේගය සමඟ දේශපාලනය කරන්නේ.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාව රටේ ජනාධිපති කරන්න අපි විශාල උත්සාහයක් ගත්තා. නමුත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට අපට නොහැකි වුණා. මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේදී අපි ආණ්ඩුව බලය ලබා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. මහ මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් දිනා ගැනීමට තමයි අපි මෙවර උත්සාහ කරන්නේ. ඒ සඳහා සිදුකළ හැකි උපරිම කැප කිරීම සිදුකරන්න මම කටයුතු කරනවා.‘‘

SendShareShare
Previous Post

ලොහාන් ඡන්දෙට ඉල්ලන්නෙ නැතිවම කල්තියා ගෙදර ගියේ ඇයි? මෙන්න ලාල්කාන්ත මහනුවරදීම කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අක්‍රමවත්ව කෘෂිකර්මාන්තය විධිමත් කරන්න දිගුකාලීන ඒකාබද්ධ ජාතික වැඩසටහනක්! ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම! අනුර කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට යයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

2029 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් ලෙස තරග වැදීමට සූදානමින් සිටින විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් මුල්කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ...

Read more
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.