• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට ඇප නියම කරමින් මහේස්ත්‍රාත්වරිය කරපු ප්‍රකාශය මෙන්න! I Sri Lanka Latest News

August 27, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.Sri Lanka Latest News

කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය නිර්දේශය මත අද නඩු විභාගයට සහභාගි නොවූ අතර ඔහු ZOOM ඔස්සේ සම්බන්ධ විය.

ජනාධිපති ධුරය දැරූ සමයේ නිල විදෙස් සංචාරයක් නිම කර යළි එමින් සිටින අතරතුර එංගලන්තයට ගොස් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගිවීමෙන් රජයේ මුදල් අවභාවිතයක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා CID අත්අඩංගුවට ගැනුණි.

පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු රක්ෂිත බන්ධානාගාරගත කළේය.

කෙසේවෙතත් එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

නඩු විභාගය ඇරඹීමටත් පෙර උදෑසන සිටම එම අධිකරණ පරිශ්‍රය අවට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මගින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබිණි.

ඒ අනුව ඊයේ පස්වරු 1.40ට හිටපු ජනාධිපතිවරයාට අදාල නීති කෘත්‍යය ආරම්භ විය.

එහිදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍යයට සම්බන්ධ කරගනු ලැබුවේ ZOOM ඔස්සේය.

මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, පසුගිය නඩුවාරයේ අධිකරණය නියෝග කළා සැකකරු ඉදිරිපත් කළ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් එවූ ආරාධනා පත්‍රය පිළිබඳ විමර්ශනය කරන්න කියලා. අපි ඒ පිළිබඳ විමර්ශනයක් කළා. නමුත් ඔය කියන ලිපියක් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයේ 2023 වර්ෂයට අදාළ ලිපිගොනුවේ නැහැ. ඒ වගේම ඔය ලිපිය මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේවත්, ජනාධිපති කාර්යාලයේවත් ලිපි ගොනුවල සොයාගන්න නැහැ. ඒ වගේම ඔය කියන ලිපිය ගැන ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක දන්නෙත් නැහැ.ඒ වගේම මේ සංචාරය ගැන ලේඛනගත සාක්ෂි පරස්පරයි. එක පාරක් කියනවා Private Visit එකක් කියලා. ඊළඟට කියනවා Visit එකක් කියලා. පස්සේ ආයෙත් කියනවා Official Visit එකක් කියලා. සැකකරු කියනවානම් මේක Private Visit එකක් කියලා ඇයි ඒ ස්ථාවරයේ ඉන්නේ නැත්තේ? මේ ගමන ආරම්භවෙලා තියෙන්නේ ඔය කියන ආරාධනා ලිපියෙන් නොවේ. ඊට පෙර අපි පෞද්ගලික සංචාරයකට එනවා කියලා මොවුන් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් යවා තිබෙනවා.”

මෙහිදි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නගත සංචාරයේ වියදම් පිළිබඳව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දැක්වුවේය.

” ස්වාමිනි, මේ සංචාරයට පෙර පැවති නිල රාජ්‍ය සංචාරයක් වෙන කියුබානු සංචාරයටත් වැයවෙලා තියෙන්නේ ලක්ෂ 50යි. එහෙම තියෙද්දි මේ පෞද්ගලික සංචාරයට රුපියල් ලක්ෂ 166ක් වැය කරලා තියෙනවා. මට කලින් සතියේ වැරදුණා මම කිව්වේ මේ සිදුවීම මහජන මුදල් අවභාවිතයක් කියලා.නැහැ ඒක ඓහෙම නෙවෙයි. මේක මහජන මුදල් කාබාසීනියා කිරීමක්. “

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ලබාදීමට තමන් දැඩිව විරුද්ධ බවට කරුණු දැක්වීය.

” මේ සැකකරු ඇප ලබාගැනීමට නම් පෙර දිනයේ ඉදිරිපත් කළ කරුණුවලට එහා ගිය අසාමාන්‍ය සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න ඕනේ. ස්වාමීනි මේ මොහොතේ සැකකරු ඉන්නේ ජාතික රෝහලේ.සැකකරු බලන්න දේශපාලඥයින් නෑගම්යනවා වගේ යනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සැකකරුව බලලා ඇවිල්ලා කියනවා ඔහු සුවෙන් පහසුවෙන් ඉන්නවා කියලා. ඉතිං ස්වාමිනි මේ තත්ත්වය මත මේ සැකකරුට ඇප ලබාගන්න විත්තියේ නීතිඥයින් අසාමාන්‍ය කරුණු නොවෙයි, අසාමාන්‍යයෙනුත් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. එසේ ඉදිරිපත් නොවන්නේනම් සැකකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා. “

අනතුරුව සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීම සිදු කළේය.

“ස්වාමිනි, මා පළමුවෙන් කියන්න කැමති මේ නඩුව පැවරීමම මෝඩ වැඩක්. මොකද හිටපු ජනාධිපතිවරයා සහභාගි වූ මේ උත්සවයට ආරාධනා කරලා තියෙන්නේ ස්වරාජ් පෝල් සාමිවරයා. ඉතිං ඔහු වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්වෙලා වසර 25ක් ගෙවෙන උත්සවයට තමයි ආරාධිතයෙක් ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ සහභාගි වුණේ. එහිදීම තමයි ඔය කියන උපාධි ප්‍රදානෝත්සවයත් සිදුවුණේ. ඉතිං මේ වගේ වැඩකට සහභාගිවෙලා අපේ රට ගැන කතාබහක් ඇතිකරන එක රාජ්‍ය මුදල් අවභාවිතයක් නොවේ. ස්වාමිනි, ඔය කියන විදිහට කියුබාවේ වියදමුයි, එංගලන්තයේ වියදමුයි සංසන්දනය කිරීමම විහිළුවක්. ප්‍රශ්නගත වර්ෂයට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කරපු වාර්තාවේ මේ කරුණු කිසිවක් නැහැ. COPA එකේදිත් එවැනි කරුණක් අනාවරණය වී නැහැ. එවැනි තත්ත්වයක ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට මෙවැනි විගණනයක් කරන්න බලයක් නැහැ. මාගේ සේවාදායකයාට වයස අවුරුදු 76ක්. අද ඔබතුමියගේ අධිකරණයෙන් ඇප නොදුන්නහොත් ඊළඟට ඉහළ අධිකරණවලය යන්න පුළුවන්. ඒ නඩු ඔක්කෝම ඉවරවෙනකොට අවුරුදු 15ක් වත් යයි. එතකං මොහුව රිමාන්ඩ් භාරයේ තියාගන්නවාද? මමනම් හිතන්නේ මොහු එතෙක් ජීවත්වෙන එකකුත් නැහැ. “
 

පසුව පොදු දේපල පනත ප්‍රකාරව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාගැනීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

” ස්වාමිනි මාගේ සේවාදායකයාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මම පැහැදිලි කරන්න කැමතියි. ඔහුගේ හෘද වස්තුවේ පටක මියයාමක් තියෙනවා. හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක්ම අවහිරවෙලා. සැත්කමක් කරන්න බැහැ හෘදයට ළඟ නිසා. මොහුට නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් තියෙනවා. නින්දෙන් හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් තියෙනවා. සමහරවිට විනාඩි 2ක් – 3ක් සිරවී තිබෙනවා. මේ තත්ත්වය තේරුම්ගන්න පුළුවන් ගොරවන සද්දය අනුවයි. ඒක තේරුම්ගන්න පළපුරුදු කෙනෙක් ඉන්න ඕනේ. මොහුගේ බිරිඳව එකට පුරුදු කරලා තියෙන්නේ. මේ තත්ත්වය මත මොහු නිදාගද්දි CPAP නම් මැෂින් එකකට සම්බන්ධ කරනවා. මේක නොමැති වුනොත් හෘදය නැවතීමට පවා පුළුවන්. මොහුට පෙනහළු ආසාදනයක් තියෙනවා. ශරීරයේ සෝඩියම් අඩුයි. අධි රුධීර පීඩනය, කැරකිල්ල තියෙනවා. ක්ෂණික හෘදයාබාදයක් එමේ සම්භාවිතාවක් තියෙනවා. අග්න්‍යාශයේ උඩ කොටසේ ආසාදනයක්. මේ සියලු රෝගී තත්ත්වයන් මත ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩුවෙලා තියෙන්නේ. ස්වාමිනි කෙටියෙන් කිව්වොත් මොහුට තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ ටික තියෙනවා. රනිල් වික්‍රමසිංහ නැමැති මගේ සේවාදායකයා ඉන්නේ බලවත් ජීවිත අවදානමක. එබැවින් තත්ත්වය සුවිශේෂි කරුණු ලෙස සලකා මොහු ඇප මත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා. “

කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

” ස්වාමිනි, මේ කියන විදිහට මේ සැකකරුර නව අනූවක් ව්‍යාධි තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද ඔච්චර දේශපාලඥයින් බලන්න යන්නේ. ඔහොම තියෙද්දිද පසුගිය නඩුවාරයේ ඉන්දියාවේ යන්න ඉල්ලුවේ. මගේ උගත් මිත්‍රයාම කියනවා තමන්ගේ සේවාදායකයා ලෙඩ ගණන් ගන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි අනුජ ගණන් ගන්නේ. අනික අපි රිමාන්ඩ් කරපුවාම තමයි මොහුගේ ලෙඩ දැනගෙන තියෙන්නේ. මේ බහුතරයක් වෛද්‍ය වාර්තා අරගෙන තියෙන්නේ ඊයේ. අනික පෞද්ගලික රෝහල්වලින්. මේවා කොහොමද අධිකරණය මේවා පිළිගන්නේ. අනික ඔය රෝගවලට ජාතික රෝහලේ ප්‍රතිකාර කරන්න බැහැ කියලා කිව්වෙත් නැහැ. එබැවින් මා ඉල්ලා සිටිනවා අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් විධිමත් වාර්තාවක් කැඳවන්න කියලා. පසුගිය නඩුවාරයේ ඉදිරිපත් කළාට වඩා කිසිදු සුවිශේෂි කරුණක් අද ඉදිරිපත් වෙලා නැහැ. නීතිඥවරුන් මාරුවෙලා විතරයි. එබැවින් ඇප ප්‍රතික්ෂේප කර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. “

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය සිය නියෝගය ප්‍රකාශයට පත් කළාය.

” අද දිනයේ අධිකරණයට ලබාදීමට තිබෙන්නේ අගෝස්තු 22 ලබාදුන් නියෝගයේ දිගුවක්. එදින සැකකරු සම්බන්ධයෙන් සිදුකළ සුවිශේෂි කරුණු දැක්වීම් වූ රෝගී තත්‍ත්වයන් පිළිබඳ ඉදිරිපත් කර තිබුණේ වෛද්‍යවරයෙකුගේ ලිපියක් පමණයි. නමුත් අද දිනයේ විත්තියේ නීතිඥයින් 2016 සහ 2017 වර්ෂවල විදේශීය රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා සහ මෑතකදී පෞද්ගලික රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගේ කණ්ඩායමක් විසින්ද අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෛද්‍ය වාර්තාවල සත්‍යතාවය අධිකරණයට මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි අතර වෛද්‍යවරුන් ඒවා වගකීමෙන් නිකුත් කර ඇති බව අධිකරණය විශ්වාස කරනවා. ඒ අනුව සැකකරුට වර්තමානයේ පවතින රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට ලක්විය යුතු බව අධිකරණයේ නිගමනයයි. “

SendShareShare
Previous Post

මට ගිය සතියේ වැරදුණා ස්වාමීනී! මේක මහජන මුදල් අවභාවිතාවක් නෙමෙයි.. මහජන මුදල් කාබාසිනියා කිරීමක්! විශ්වවිද්‍යාලයෙන් එවපු ලියුමක් ගැන කවුරුවත් දන්නේ නෑ! ගමන ගැන තැන් 3ක කතා 3ක් කියනවා! ලේඛන සාක්ෂි පරස්පරයි! මෙන්න දිලීප අධිකරණයේ දැක්වූ අදහස්! I Sri Lanka Latest News

Next Post

අපිට සහාය දුන්නාට සජබ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ස්තූතියි! UNP නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.